බොහෝදෙනා උනන්දුවෙන් බලා සිටි WT1190F මුහුදට කඩා වැටීම අවසානයේදී සිදු වූයේ නැත. විද්‍යාඥයන් ගණනය කළ දිශානතියෙන්ම, ගණනය කළ වේලාවට ආසන්න වේලාවකදීම පෘථිවි වායුගෝලයට ඇතුළු වූ මේ ආකාශ වස්තුව ඉහළදීම ගිනිගෙන විනාශ වී ගියේය.
මේ අතිශය දුර්ලභ අවස්ථාව දැක ගැනීමට බොහෝදෙනා ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරයට එක්රැස් වී සිටි අතර අම්බලන්ගොඩ, තංගල්ල යන නගරයන්හිත්, රුහුණු විශ්වවිද්‍යාලයේත් නිරීක්ෂණ කඳවුරු පිහිටුවා තිබුණි. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ නිළධාරීහු දේශීය නිරීක්ෂකයින් ලෙස මේවාට සහභාගී වී සිටියහ.
එමෙන්ම විදෙස් නිරීක්ෂකයන් ලෙස ඇමෙරිකානු අභ්‍යවකාශ ඒ්ජන්සිය (NASA) සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) ප්‍රධාන කොටගත් කණ්ඩායම් දෙකක්ද ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වූ අතර ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් විශේෂ ජෙට් යානයකින් අඩි 40,000ක් පමණ ඉහළ අහසේ රැඳී සිටියහ.
෴විදෙස් නිරීක්ෂණ කණ්ඩායම ජෙට් යානය ඇතුළත෴ Credits - http://impact.seti.org |
ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල කිහිපදෙනෙකු මධ්‍යහ්න දොළහට පමණ විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණු බව ට්විටර් අඩවිය හරහා වාර්තා කර තිබිණි. එය බොහෝවිට WT1190F කඩා වැටුණු අධික වේගය නිසා ඇති වූ උත්ස්වනික ගිගිරුමක් (sonic boom) හෝ එය පිපිරී ගිය ශබ්දය විය හැකිය.
ආකාශ වස්තුව ඉහළදීම පුපුරා යාමත්, පැවති අයහපත් කාළගුණ තත්ත්වයත් නිසා ගොඩබිම් නිරීක්ෂකයින් කිසිදු දෙයක් නුදුටුවද, වළාකුළු ස්ථරයන්ට ඉහළින් ස්ථානගත වී සිටි විදෙස් කණ්ඩායම සමහරවිට ප්‍රමාණවත් යමක් නිරීක්ෂණය කරන්නට ඇත. එසේ නම් ඉදිරියේදී WT1190F යනු කුමක්ද යන්නත්, ඊට කුමක් සිදු වූයේද යන්නත් නිශ්චිතව දැනගත හැකි වනු ඇත.
Update: 2015/11/13 7.43PM
Slooh මගින් අන්තර්ජාලය හරහා විකාශනය කළ WT1190F පිළිබඳ වාර්තා වැඩසටහන මීට ස්වල්ප මොහොතකට පෙර නිමා විය. ඉහළ අහසේ රැඳී සිටි විදෙස් නිරීක්ෂණ කණ්ඩායම ලබාගත් ආකාශ වස්තුවේ ඡායාරූප මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව කඩා වැටීම සම්බන්ධයෙන් විද්‍යාඥයින් විසින් කළ සියළුම ගණනය කිරීම් සාර්ථක බවත්, WT1190F ඉහළ අහසේදී ගිනිගෙන විනාශ වූ බවත් සනාථ විය.
Update: 2015/11/13 7.43PM
Slooh මගින් අන්තර්ජාලය හරහා විකාශනය කළ WT1190F පිළිබඳ වාර්තා වැඩසටහන මීට ස්වල්ප මොහොතකට පෙර නිමා විය. ඉහළ අහසේ රැඳී සිටි විදෙස් නිරීක්ෂණ කණ්ඩායම ලබාගත් ආකාශ වස්තුවේ ඡායාරූප මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව කඩා වැටීම සම්බන්ධයෙන් විද්‍යාඥයින් විසින් කළ සියළුම ගණනය කිරීම් සාර්ථක බවත්, WT1190F ඉහළ අහසේදී ගිනිගෙන විනාශ වූ බවත් සනාථ විය.
WT1190F පිළිබඳව මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළවූ සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න:
නොවැම්බර් 13 වනදා ශ්‍රී ලංකා මුහුදට වැටෙන ආකාශ වස්තුව කුමක්ද?
TinTin කාටූන් එකේ The Shooting Star කතාව මතක් වුණා :D :p :v
ReplyDeleteඅපරාදේ එහෙනම් දනුලටත් යෝධයෙක් වෙන්න තිබුණ ඒ කතාවෙ වගේ.. :P
Deleteහැබැයි ඕක වැටුනනම් ඕකත් ජාත්‍යයන්තර කුමන්ත්රනයක් කියලාවත් කියන්න තිබුනා...
ReplyDeleteඅන්න ඒකයි මනෝ. තව ඡන්ද තුන්හාරදාහක් වැඩි කරගන්නත් තිබ්බ වැටුණ නම්..
Deleteවැටෙනකන් බලන් ඉදලා නොහිතන විදිහක විනාශයකින් කෙලවර වෙනවට වැඩිය ඔහොම උන එකත් හොදයි එක අතකට..
ReplyDeleteඔව් කොහොමහරි කවුරුහරි කට්ටියක් වීඩියෝ කරල ලෝකෙටම පෙන්නුවනෙ.. හැබැයි දිනේෂ් අයියෙ වැටුණත් බොහොම පුංචි කෑලි දෙකතුනක් තමයි වැටෙන්නේ..
Deleteමේ ගැන ඉදිරියටත් ලියන්න..මේ ගැන ඔයා ලියපු ලිපි වලන් ලොකු දැනුමක් ලැබුවා..
ReplyDeleteඑල ද බ්‍රා
බොහොම ස්තූතියි මෙන්ඩා. මේ ගැන ලිපි දෙකක්ම ලිව්වෙ පිළිගත්ත මාධ්‍යවල පවා බොරු නිව්ස් ගියපු නිසා. ඔය දැනුත් ෆේක් වීඩියෝස් තොගයක් ෂෙයාර් වෙන්නෙ..
Deleteමුහුදට වැටෙන හැටි බලන්න හිටපු අයගේ බලාපොරොත්තු සුන් උනත් මේ විස්තරය අප වෙත ගෙන එන්න ගත්ත උත්සහයට ස්තුතියි.
ReplyDeleteආයුබෝවන් කෝච්චි විස්තර..
Deleteබොහොම ස්තූතියි. මුහුදට වැටෙනව බලන්න ඇවිත් හිටපු අය ගැන සමහරු අපහාසාත්මකව කතා කරනව දැක්කා ෆේස්බුක් එකේ. ලංකාවෙ ගොඩක් අය ඉතින් දෙයක් කරනවාට වඩා අපහාස කරන්න දක්ෂයිනෙ.. කොහොම වුණත් මේ සිදුවීම නිසාවත් ගොඩක් අය තාරකා විද්‍යාව ගැන උනන්දුවක් දැක්වීම ගැන සතුටුයි.
වෙනකොහෙන් මෙහෙම කියවන්නද? එලකිරි..
ReplyDeleteජයවේවා..!!
සාදරයෙන් පිළිගන්නවා ගස් ලබ්බ..
Deleteබොහොමත්ම ස්තූතියි..
ඕක ගැන කහපාට බැක්ගුවුන්ඩ් එක්ක ලියපු කොමඩි පෝස්ට් එකක් පහුගිය දවස් වල බුකියෙ ෂෙයා වුණා දැක්කද උඹ හිහි
ReplyDeleteමට නං ඔය ආකාස වස්තුවෙ ඉලක්කං ටික හරි වදයක්
ඉංගිරිස් අකුරු ටික තමා හොදටම නැගල යන්නෙ හැක්
අර ලංකාවේ මැතිඇමතිවරුන්ගෙ අදහස් කියල තිබුණ එකනේ? :D
Deleteඒක නම් ඇත්ත මහේෂ් අයියෙ.. කොහෙද ඉතින් කට්ටිය WTFවලට professional පෙනුමක් දෙන්න හදලනෙ..
විස්තරය ලිව්ව එක හොඳයි. අර දමනය කතාවේ ඉතුරු ඒවා කොහෙන්ද බලන්න තියෙන්නේ.
ReplyDeleteඅජිත් අයියෙ, මම දාපු පස්වෙනි කොටසේ මුල හරියේ තියෙනවා කලින් කොටස් හතරටම ලින්ක්ස් දාලා.. මෙතනත් දාන්නම්..
Delete1- http://bassigenawathana.blogspot.com/2015/09/blog-post_15.html
2- http://bassigenawathana.blogspot.com/2015/09/blog-post_17.html
3- http://iwanpaulooshaa.blogspot.com/2015/09/3.html
4- http://littleflowerbuds.blogspot.com/2015/09/90-4.html
5- http://beyond-the-galaxy.blogspot.com/2015/10/SubjugationPart5.html
බොහොම ස්තුතියි.
Deleteසුළු දෙයක්.. :)
Deletehttp://nelumyaya.com/?p=4623
ReplyDeleteබොහොම ස්තූතියි අජිත් අයියේ..
Deleteඅපසාදෙ! මාධ්‍ය වලට ටොපියක් නැති උනා අහුලං කන්න. දේසපාලුවංට ප්‍රශ්නයක් නැති වුණා ජනතාව මාසෙකට විතර අන්දන්න.
ReplyDeleteඅන්න ඒකයි.. තාරකා විද්‍යාව ගැන උනන්දුවක් තිබ්බ අය ළඟට වැඩිපුරම දුක් වෙන්න ඇත්තෙදේශපාලකයො වෙන්නැති. :D
Deletehttp://sllyric.blogspot.com/2013/09/wasanthaye-aga-hamuwemu-sonduriya.html
ReplyDeleteමේ සිංදුවේ තාරකා විද්‍යාත්මකව යම් අවුලක් තියෙනවා. පුලුවන්නම් කියන්න.
ෂහ් එකපාරට පේන්නෙ නෑ. වසන්ත කාලෙයි ලා සඳයි අතර ප්‍රශ්නයක්ද?
Deleteලා සඳ නැගෙන්නේ කොයි වෙලාවෙද?
Deleteඅදමයි මේ පැත්තට ආවේ, ලස්සන, වටිනා ලිපි තියන බ්ලොග් එකක්. දිගටම ලියන්න.
ReplyDeleteබොහොම ස්තූතියි ලලිත්, දිගටම එන්න..
Deleteලියන එක නවත්තලාදෝ.....
ReplyDeleteGet story of your choice at single platform - loudest soul
ReplyDelete