Showing posts with label අභිරහස් ස්ථාන. Show all posts
Showing posts with label අභිරහස් ස්ථාන. Show all posts

Friday, June 27, 2014

"මම ඔබ දෙස විමසිල්ලෙන් බලා සිටිමි."

අඟහරු වටා කක්ෂගත වී භූමිය පිරික්සීමේ අරමුණින් යුතුව නාසා ආයතනයේ Viking-1 යානය දියත් වූයේ 1976 දීය. තම ඉලක්කයට ළඟා වූ Viking යානාව පෘථිවි පාලක මැදිරිය වෙත අඟහරු පෘෂ්ඨයේ ඡායාරූප එවීම ආරම්භ කරන ලදී. මේවා එකින් එක පිරික්සන ව්‍යාපෘති භාර විද්‍යාඥයන් ගල් ගැසී ගියේ එහි තිබූ එක් ඡායාරූපයක් දැකීමෙනි. සැතැපුම් 2ක පමණ දිගින් යුතු වූ අතිවිශාල මිනිස් හිසක් අඟහරු භූමිය මත තිබිණ! එහි දෑස් කෙලින්ම යොමු වී තිබුණේ Viking යානයේ කැමරාව දෙසටය!!





Saturday, January 4, 2014

ලොව කැළඹූ බර්මියුඩා ත්‍රිකෝණය


ලෝක සිතියමක් ගෙන එහි පුවටෝ රිකෝ දිවයිනුත්, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි මයාමි නගරයත්, බර්මියුඩා දූපතත් එකිනෙකට යා කිරීමෙන් ත්‍රිකෝණයක් ලැබේ. මේ බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය (Devil's Triangle) යි.

ලොව තවමත් නොවිසඳුණු අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්‍රිකෝණාකාර මුහුදු කලාපය තුළ වර්තමානය වන විට අතුරුදන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්‍රමාණය ගණනින් සිය ගණනකි.

Sunday, December 22, 2013

බර්මියුඩා ත්‍රිකෝණයේ සැඟවී ගිය Flight 19 බලගණය

දිනය: 1945 දෙසැම්බර් 5
වේලාව: සවස 4.30 ට පමණ
ස්ථානය: බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහස
මෙහෙයුම: Navigation Problem Number One
පාලක මැදිරිය: ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale ගුවන් පාලක මධ්‍යස්‌ථානය

"පාලක මැදිරිය, මේ Flight 19 බලගණයේ FT-36 ගුවන් යානය යි. අවසන් බෝම්බය ඉලක්කය වෙත පතිත කිරීමට සූදානම්."
"FT-36, ඔබට අවසර ලැබෙනවා."
"බෝම්බය සාර්ථකව පතිත වුණා. මෙහෙයුම සාර්ථකයි. Flight 19 බලගණය නැවත මූලස්ථානය වෙත පැමිණෙනවා."