Showing posts with label පිටසක්වළ ජීවීන්. Show all posts
Showing posts with label පිටසක්වළ ජීවීන්. Show all posts

Monday, December 15, 2014

බ්‍රිතාන්‍යය සලිත කළ අත්භූත පිපිරුම් හඬ

මීට සති දෙකකට පමණ පෙර, පසුගිය නොවැම්බර් 29 සෙනසුරාදා දින රාත්‍රියේ ට්විටර් සමාජ ජාලය හදිසියේම පිරී ඉතිරී ගියේ තමන්ට අභිරහස් පිපිරුම් හඬ කිහිපයක් අසන්නට ලැබුණු බව පවසමින් එන්ගලන්ත වැසියන් විසින් #loudbangs, #omgwereallgoingtodie වැනි හෑෂ්ටැග්ස් සමග පළකරන ලද ට්වීට් සටහන් වලිනි. ලන්ඩනයේ සිට ග්ලාස්ගෝ, බටහිර සසෙක්ස්, බෙඩ්ෆෝර්ඩ්ෂයර්, උතුරු ඩෙවොන් වැනි ප්‍රදේශ දක්වා වූ විශාල වපසරියකට ශ්‍රවණය වූ මේ පිපිරුම් හඬ හේතුවෙන් සමහර ස්ථානයන්හි වීදුරු ජනේල, දොරවල් දෙදරා ගිය බවද, සුරතල් සුනඛයින් භීතියෙන් වියරු වැටුණු බවද වාර්තා විය. රාත්‍රී 10 - 10.30 පමණ වද්දී මෙම සිදුවීම් පෙළ වාර්තා වුණි. සති දෙකක් ඉක්ම ගොස් තිබේ. සැබැවින්ම සිදුවූයේ කුමක්ද? ස්වභාවික සංසිද්ධියක්ද? රජයේ රහස් මෙහෙයුමක්ද? එසේත් නැතිනම් සමහරුන් කියනා ආකාරයට මිනිසා එලෙස අත්දුටුවේ යම් පිටසක්වළ යානයක ආගමනයද?

Tuesday, October 14, 2014

දෙදරා ගිය තුන්ගුස්කාව

මේ උදෑසන කාලයයි. සයිබීරියාවේ පිටිසරබද ප්‍රදේශයකි. මහා ජල කඳක් උසුලා ගත් තුන්ගුස්කා ගංගාව නිහඬව ගලා බසිනු පෙනේ. ගංගාවට එපිටින් ඇත්තේ විශාල වනාන්තරයකි. මෙපිටින් සාරවත් ලෙස තිරිඟු වගා කළ ගොවිබිමකි. ගොවියන් කිහිපදෙනෙකු යුහුසුළුව යම්කිසි කාර්යයක නිරතව සිටිනු දිස් වේ. කාලය ගත වෙයි. එක්වරම සුළං කපාගෙන යන ශබ්දයක් ඇසේ. තම වැඩකටයුතු මදකට නතර කරන ගොවීහු විමතියෙන් වටපිට බලති. තත්පර කිහිපයක් නිහඬවම ගෙවී යයි. ඊළඟ මොහොතේ ඇසෙන්නේ අතිවිශාල වූත්, බිහිසුණු වූත් පිපුරුම් ශබ්දයකි! මහපොළොව දෙදරා යයි. අධි පීඩන තරංග දසත පැතිරේ. ඇති වන පීඩනය දරා ගත නොහැකිව සමබරතාව ගිලිහෙන ගොවීන් කිහිපදෙනා පුළුන් කැබලි මෙන් ඈතට විසි වී යනු දර්ශනය වෙයි. 




Wednesday, April 9, 2014

සැබැවින්ම පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද?

අද වනවිට ඉතාමත් ජනප්‍රිය විෂය ක්ෂේත්‍රයක් වී ඇති පිටසක්වළ ජීවය පිළිබඳව හැදෑරීම මිනිසුන් තුළ ඇති කර ඇත්තේ නොසන්සිඳෙන කුතුහලයකි. එමෙන්ම මෙය නවතම සිද්ධි වාර්තා වීම්, නව සොයා ගැනීම්, උණුසුම් මතවාද හා තර්ක විතර්ක මගින් නිරන්තරව යාවත්කාලීන වන විෂයයක් බවට පත් වී ඇත. 20 වන ශතවර්ෂයේ සිට වර්තමානය දක්වාම විද්‍යාඥයන් විසින් විවිධාකාර තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් විවිධ ආකාරයේ පර්යේෂණ කර ඇතත් තවමත් මෙම පිටසක්වළ ජීවීන් පිළිබඳව කිසිදු පැහැදිලි තොරතුරක් සොයා ගත නොහැකි වී තිබීම එක් අතකින් පුදුමයට කරුණකි.

Saturday, March 1, 2014

මිනිසා ද පිටසක්වළ ජීවියෙකු නම්...?

පිටසක්වළ ජීවය පිළිබඳව වූ විෂය ක්‍ෂේත්‍රය මූලික වශයෙන් සරල හා සංකීර්ණ ලෙස කොටස් 2 කට බෙදා වෙන් කර දැක්විය හැකිය. හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම්, අත්භූත ජීවීන් දර්ශනය වීම් සහ වෙනත් පැහැදිලි කළ නොහැකි, අබිරහස් සිදුවීම් ආදිය ඉහත සඳහන් කළ සරල කොටසට අයත් වන අතරේ සංකීර්ණ කොටස ජීවයෙන් සපිරි වෙනත් ග්‍රහලෝක සොයා දියත් කෙරෙන පර්යේෂණ මෙහෙයුම්, විශ්වයේ අඳුරු පදාර්ථ නිරීක්ෂණය, යම් ග්‍රහලොවක ජීවයක් හට ගත හැකි ආකාර පිළිබඳව කෙරෙන පරීක්ෂණ, පිටසක්වළ බුද්ධිමතුන් සමග සන්නිවේදනයේ යෙදීමේ අරමුණින් යුතු ව්‍යාපෘතීන් ආදියෙන් සමන්විත වේ.

Friday, February 7, 2014

සත්‍යයත් අසත්‍යයත් අතරින් අතුරුදහන් වූ ආගන්තුකයා



රාත්‍රිය උදා වී ඇති බැවින් මුළු මාර්ගයම පාළු බවක් උසුලයි. එකදු මිනිසෙක්වත් දක්නට නැත. ඉඳහිට වාහනයක් දෙකක් මංසන්ධිය හරහා ඒ මේ අත යයි. එක්වරම ඉදිරිපසින් මංසන්ධිය වෙත අධික වේගයකින් පැමිණෙන්නේ ලොරි රථයකි. ඒ සමගම වම්පසින් බයිසිකල් රික්ෂෝවක් මංසන්ධියට ඇතුල් වෙයි. බයිසිකල් රික්ෂෝව අධික වේගයකින් යුතුව ඉදිරියට එන ලොරි රථයේ හැපී සුණුවිසුණු වී යාමට මොහොතකට පෙර දකුණුපසින් රික්ෂෝව දෙසට විදුලි එළියක් වැනි යමක් පැමිණේ. රික්ෂෝව අසලදී එම විදුලි එළිය මිනිස්රූපී ජීවියෙකු බවට පත් වෙයි! රික්ෂෝව දෙසට අතක් දිගු කරන මේ තැනැත්තා රික්ෂෝවත් සමග එතැනින් අතුරුදහන් වන්නේ ලොරිය හා රික්ෂෝව එකිනෙක ගැටීමට ඔන්න මෙන්න තිබියදීය.