අහස් කුසට යොමු වූ මීටර් සියගණනක උසින් යුතු ගොඩනැගිලි තවදුරටත් පෘථිවිය මත දක්නට නැත. මංතීරු ගණනාවකින් සමන්විත ජනාකීර්ණ මංමාවත්, ප්‍රේක්ෂක ඔල්වරසන් නදින් පිරී ඉතිරී ගිය දැවැන්ත ක්‍රීඩාංගණ ආදිය අයිති වී ඇත්තේ අතීතයට ය. ඒ වෙනුවට බැලූ බැලූ අත දක්නට ඇත්තේ අක්කර ගණන් පැතිරිණු වගාබිම් සහ ඒවාට උඩින් පැතිරුණු දුහුවිල්ල පමණි. පෘථිවිය ශීඝ්‍රයෙන් වාසයට නුසුදුසු ස්ථානයක් බවට පත් වෙමින් ඇති අතර මේ ගෙවී යමින් තිබෙන්නේ මානව ශිෂ්ඨාචාරයේ අවසාන වසර කිහිපය යි.
Showing posts with label මගේ අදහස්. Show all posts
Showing posts with label මගේ අදහස්. Show all posts
Wednesday, September 2, 2015
තාරකා අතරට... (Interstellar චිත්‍රපට විවරණය)
අහස් කුසට යොමු වූ මීටර් සියගණනක උසින් යුතු ගොඩනැගිලි තවදුරටත් පෘථිවිය මත දක්නට නැත. මංතීරු ගණනාවකින් සමන්විත ජනාකීර්ණ මංමාවත්, ප්‍රේක්ෂක ඔල්වරසන් නදින් පිරී ඉතිරී ගිය දැවැන්ත ක්‍රීඩාංගණ ආදිය අයිති වී ඇත්තේ අතීතයට ය. ඒ වෙනුවට බැලූ බැලූ අත දක්නට ඇත්තේ අක්කර ගණන් පැතිරිණු වගාබිම් සහ ඒවාට උඩින් පැතිරුණු දුහුවිල්ල පමණි. පෘථිවිය ශීඝ්‍රයෙන් වාසයට නුසුදුසු ස්ථානයක් බවට පත් වෙමින් ඇති අතර මේ ගෙවී යමින් තිබෙන්නේ මානව ශිෂ්ඨාචාරයේ අවසාන වසර කිහිපය යි.
Posted by
Ashan De Costa
at
11:08:00 AM
Labels:
චිත්‍රපට,
තාරකා විද්‍යා,
පිටසක්වළ ග්‍රහලෝක,
මගේ අදහස්,
විශ්වය,
වීඩියෝ දර්ශන
Location:
Colombo, Sri Lanka
Monday, December 15, 2014
බ්‍රිතාන්‍යය සලිත කළ අත්භූත පිපිරුම් හඬ
මීට සති දෙකකට පමණ පෙර, පසුගිය නොවැම්බර් 29 සෙනසුරාදා දින රාත්‍රියේ ට්විටර් සමාජ ජාලය හදිසියේම පිරී ඉතිරී ගියේ තමන්ට අභිරහස් පිපිරුම් හඬ කිහිපයක් අසන්නට ලැබුණු බව පවසමින් එන්ගලන්ත වැසියන් විසින් #loudbangs, #omgwereallgoingtodie වැනි හෑෂ්ටැග්ස් සමග පළකරන ලද ට්වීට් සටහන් වලිනි. ලන්ඩනයේ සිට ග්ලාස්ගෝ, බටහිර සසෙක්ස්, බෙඩ්ෆෝර්ඩ්ෂයර්, උතුරු ඩෙවොන් වැනි ප්‍රදේශ දක්වා වූ විශාල වපසරියකට ශ්‍රවණය වූ මේ පිපිරුම් හඬ හේතුවෙන් සමහර ස්ථානයන්හි වීදුරු ජනේල, දොරවල් දෙදරා ගිය බවද, සුරතල් සුනඛයින් භීතියෙන් වියරු වැටුණු බවද වාර්තා විය. රාත්‍රී 10 - 10.30 පමණ වද්දී මෙම සිදුවීම් පෙළ වාර්තා වුණි. සති දෙකක් ඉක්ම ගොස් තිබේ. සැබැවින්ම සිදුවූයේ කුමක්ද? ස්වභාවික සංසිද්ධියක්ද? රජයේ රහස් මෙහෙයුමක්ද? එසේත් නැතිනම් සමහරුන් කියනා ආකාරයට මිනිසා එලෙස අත්දුටුවේ යම් පිටසක්වළ යානයක ආගමනයද?
Wednesday, April 9, 2014
සැබැවින්ම පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද?
අද වනවිට ඉතාමත් ජනප්‍රිය විෂය ක්ෂේත්‍රයක් වී ඇති පිටසක්වළ ජීවය පිළිබඳව හැදෑරීම මිනිසුන් තුළ ඇති කර ඇත්තේ නොසන්සිඳෙන කුතුහලයකි. එමෙන්ම මෙය නවතම සිද්ධි වාර්තා වීම්, නව සොයා ගැනීම්, උණුසුම් මතවාද හා තර්ක විතර්ක මගින් නිරන්තරව යාවත්කාලීන වන විෂයයක් බවට පත් වී ඇත. 20 වන ශතවර්ෂයේ සිට වර්තමානය දක්වාම විද්‍යාඥයන් විසින් විවිධාකාර තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් විවිධ ආකාරයේ පර්යේෂණ කර ඇතත් තවමත් මෙම පිටසක්වළ ජීවීන් පිළිබඳව කිසිදු පැහැදිලි තොරතුරක් සොයා ගත නොහැකි වී තිබීම එක් අතකින් පුදුමයට කරුණකි. Tuesday, November 12, 2013
පියාඹන පීරිසි..??? |පළමු කොටස|
අද වනවිට ඕනෑම පුද්ගලයෙකු, "පියාඹන පීරිසියක්" යැයි කියූ පමණින් මේ කතා කරන්නේ කුමක් ගැනදැයි වටහා ගැනීමට තරම් මෙම වචනය ප්‍රචලිත වී තිබේ. එහෙත් වඩාත් හොඳින් විමසා බැලුවහොත් මෙම වචනය යෙදීම යම් පමණකට දෝෂසහගත බව පෙනී යනු ඇත. මුල් ලිපියේ ද සඳහන් වී ඇති ආකාරයට "පියාඹන පීරිසි" යන වදන බිහිවූයේ 1947 දී කෙනත් ආර්නල්ඩ් කළ ප්‍රකාශයක් හරහාය. නමුත් මේ වනවිට ලොව පුරා විවිධ ස්ථානයන්ගෙන් වාර්තා වී ඇති සිදුවීම් වලින් 'පීරිසියක්' හැඩැති වස්තූන් පිළිබඳව වාර්තා වන්නේ (ඒවා සත්‍ය ද, අසත්‍ය ද යන්න වෙනමම සාකච්ඡා කළයුතු මාතෘකාවකි.) අල්ප වශයෙනි. ඒ අනුව අප වටහා ගත යුත්තේ පියාඹන පීරිසි යනු වාර්තාගත සිද්ධීන් සමුදායක් අතර ඇති උප කොට්ඨාශයක් පමණක් වන බවයි.
Posted by
Ashan De Costa
at
6:43:00 PM
Labels:
UFO,
පිටසක්වළ ජීවය,
මගේ අදහස්,
වීඩියෝ දර්ශන
Location:
Colombo, Sri Lanka



