Showing posts with label දරුවන්ට තාරකා විද්‍යාව. Show all posts
Showing posts with label දරුවන්ට තාරකා විද්‍යාව. Show all posts

Saturday, February 14, 2015

වොලී සමග තරු වටා - 1 කොටස

එදා අමාවක දවසක්. හඳ පායලා නැති නිසා මුළු අහසම එළිය වෙලා තිබුණෙ පුංචි පුංචි ලස්සන තරු වලින්.

"සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා....."

පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ ගාථා හඬ ගම පුරාම පැතිරෙනව. අද නිමාෂගෙ සීයගේ තුන්මාසෙ බණ දවස. ජීවත් වුණ කාලේ ගමේ හැමෝත් එක්කම බොහොම සමගියෙන් සමාදානයෙන් හිටපු සීයා වෙනුවෙන් අද මුළු ගමේම කට්ටිය නිමාෂලගෙ ගෙදරට එකතු වෙලා.