'දමනය' යනු බස්සිගෙ නවාතැන බ්ලොග් අඩවියේ යශෝධා සම්මානි ප්‍රේමරත්න සොයුරිය විසින් කොටස් දෙකක් වශයෙන් ලියා පළකරන ලද කෙටිකතාවකි. එබැවින් කතාවේ පූර්ණ අයිතිය ඇය සතුවේ. පසුව දමනය මුල් කතාවේම දිගුවක් ලෙස තවත් කොටස් දෙකක් ඉවාන් පවුලූෂා සහ තුශානි විසින් ඔවුන්ගේ බ්ලොග් අඩවිවල ලියා පළකරන ලදී. එහි පස්වන කොටස වෙනත් කෝණයකින්, විද්‍යා ප්‍රබන්ධයක් ආකාරයට ලිවීමට සිතුවෙමි. මෙයින් කතාවේ රසයට හා ගලායෑමට හානියක් වී ඇත්නම් සමාව ඉල්ලා සිටීමට ද කැමැත්තෙමි.



