Showing posts with label නිහාරිකා. Show all posts
Showing posts with label නිහාරිකා. Show all posts

Tuesday, February 16, 2016

සොඳුරු නිහාරිකා

නිහාරිකාවන් පිළිබඳව විද්‍යාත්මක තොරතුරු බොහොමයක් පසුගිය ඔක්තෝබර් මස මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළ වූ නිහාරිකා - ඇරඹුමත් අවසානයත් එතැන ය. ලිපියෙන් සාකච්ඡා කෙරිණි. මේ එහි දෙවැනි කොටස හෙවත් අලංකාර නිහාරිකාවන් දහතුනක් පිළිබඳව ලියැවෙන ඡායාරූපමය ලියැවිල්ලයි.



Wednesday, October 7, 2015

නිහාරිකා - ඇරඹුමත් අවසානයත් එතැන ය.


විශ්වයේ ඇති සුන්දරතම ආකාශ වස්තුව කුමක්දැයි ඇසුවහොත් බොහෝ තාරකා විද්‍යා ලෝලීන්ගේ පිළිතුර වන්නේ නිහාරිකාව හෙවත් නෙබියුලාව යි. ඉතා වර්ණවත්, අලංකාර හැඩවලින් යුක්ත වූ නිහාරිකාව දුහුවිලි, හයිඩ්‍රජන්, හීලියම් හා ප්ලාස්මාවෙන් සමන්විත වූ වළාකුළු වැනි ව්‍යූහයකි. විවිධ දීප්තිමත් වර්ණවලින් යුතු දුමාරයක් ලෙස ඡායාරූපවල සටහන් වන නිහාරිකා අභ්‍යවකාශයේ ඇති අනෙකුත් බොහෝ ආකාශ වස්තූන් මෙන්ම ප්‍රමාණයෙන් අතිදැවැන්ත වන අතර බොහෝවිට ආලෝක වර්ෂ සියගණනක විශ්කම්භයකින් යුතු වේ.