Showing posts with label මහා පිපිරුම් වාදය. Show all posts
Showing posts with label මහා පිපිරුම් වාදය. Show all posts

Monday, December 1, 2014

මහා පිපිරුම සනාථ කළ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය

"විල්සන්, මම රේඩියෝ සංඥා ග්‍රහණය අයින් කළා. ඒත් තාමත් රේඩාර් සංඥා නම් අහුවෙනව වගේ."

"පුළුවන් තරම් අනිත් සංඥා කපාහරින්න ඕන. නැත්නම් අපිට අවශ්‍ය චන්ද්‍රිකාවෙ රේඩියෝ තරංග හසුකරගන්න වෙන්නෙ නෑ. ඒක බොහොම දුර්වල සංඥාවක්."

"හරි. උෂ්ණත්වය කෙල්වින් 4 දක්වා සුසර කළා. දැන් අපේ සංඥාව ලැබිය යුතුයි."

"රිසීවරයෙන් අමුතු ශබ්දයක් එන්නෙ ඇයි? අපිට අවශ්‍ය සංඥාව මීට වඩා බොහොම දුර්වල එකක්."

"ඇත්ත. මොකක්ද මේ? පරෙවියන්ගෙ ශබ්දෙ ද නැත්නම් ඇන්ටනාවෙ දෝෂයක් ද?"

Wednesday, November 5, 2014

විශ්වයේ උපත: මහා පිපිරුම් වාදය

හැඳින්වීමේ ලිපිය මෙතැනින්: අසිරිමත් විශ්වය

විශ්වයේ උපත පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතී. විවිධ යුගයන්හිදී එළි දැක්වුණු මෙම මතවාදයන්ගෙන් සමහර ඒවා පසුකලෙක බිඳ වැටුණු අතර තවත් සමහර ඒවා තවදුරටත් කල්පිත ලෙස පවතියි. මේ අතරින් වර්තමානයේදී ලොව පුරා විද්‍යාඥයන් බහුතරයක් විසින් පිළි ගැනෙන්නේ මහා පිපිරුම් වාදය යි.