Showing posts with label අසත්‍ය කරුණු. Show all posts
Showing posts with label අසත්‍ය කරුණු. Show all posts

Friday, June 27, 2014

"මම ඔබ දෙස විමසිල්ලෙන් බලා සිටිමි."

අඟහරු වටා කක්ෂගත වී භූමිය පිරික්සීමේ අරමුණින් යුතුව නාසා ආයතනයේ Viking-1 යානය දියත් වූයේ 1976 දීය. තම ඉලක්කයට ළඟා වූ Viking යානාව පෘථිවි පාලක මැදිරිය වෙත අඟහරු පෘෂ්ඨයේ ඡායාරූප එවීම ආරම්භ කරන ලදී. මේවා එකින් එක පිරික්සන ව්‍යාපෘති භාර විද්‍යාඥයන් ගල් ගැසී ගියේ එහි තිබූ එක් ඡායාරූපයක් දැකීමෙනි. සැතැපුම් 2ක පමණ දිගින් යුතු වූ අතිවිශාල මිනිස් හිසක් අඟහරු භූමිය මත තිබිණ! එහි දෑස් කෙලින්ම යොමු වී තිබුණේ Viking යානයේ කැමරාව දෙසටය!!





Saturday, November 30, 2013

පියාඹන පීරිසි..??? |දෙවන කොටස|

"අමුතුම හැඩයකින් යුතු වස්තූන් කිහිපයක් ඉහළ අහසේ ගමන් ගනිමින් තිබුණා. මේවා අධික වේගයකින් ගමන් කළත් කිසිදු ශබ්දයක් නිකුත් වූයේ නැහැ."

"මගේ ගුවන් යානය පසුපස අති දීප්තිමත් ගෝලාකාර ආලෝකයක් හඹා එමින් තිබුණා. විනාඩි කිහිපයක් පුරාවට ගුවන් යානය ඉලක්ක කරගෙනම පැමිණි මේ අභිරහස් ආලෝකය ඊළඟ මොහොතේදී අතුරුදන් වුණා."

"දහවල් කාලයකදී මෙන් හාත්පස ඒකාලෝක කරමින් විශාල යානයක් ගෙවත්තේ නවතා තිබුණා. එක්වරම ඉන් පිටතට ඇරුණු දොරක් වැනි යමකින් මා කිසිදාක දැක නොමැති ආකාරයේ ජීවීන් කිහිප දෙනෙක් එළියට පැමිණියා."