Showing posts with label උල්කාපාත වර්ෂා. Show all posts
Showing posts with label උල්කාපාත වර්ෂා. Show all posts

Wednesday, December 10, 2014

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව - මේ වැසි සමය යි!

උල්කාපාත වර්ෂාවන් අතර රජු ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ වාර්ෂික ආගමනයට නියමිත කාලය එළඹ තිබේ. සෑම වසරකම දෙසැම්බර් මස 4 - 17 දින කාල පරාසය තුළ සක්‍රීය වන මෙම උල්කාපාත වර්ෂාව මෙවර දෙසැම්බර් 13 දින රාත්‍රියේ සහ 14 දින අළුයම එහි උපරිමයට (peak time) ළඟා වෙයි.

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව තාරකා විද්‍යා ලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත්ව ඇත්තේ එය ලොව පුරා ඕනෑම ස්ථානයකට දර්ශනය වීමත්, අනෙකුත් උල්කාපාත වර්ෂාවන්වලදීට වඩා විශාල උල්කා සංඛ්‍යාවක් පැහැදිලිව හා ඉතාමත් අලංකාරව දැකගත හැකි වීමත් නිසා ය. වර්ෂාව උපරිම අවස්ථාවට එළඹෙන දෙසැම්බර් 13 - 14 රාත්‍රියේ එක පැයකදී උල්කා 120ක් පමණ විවිධ වර්ණ වලින් කඩා හැලෙනු දිස් වනු ඇත.