Showing posts with label චිත්‍රපට. Show all posts
Showing posts with label චිත්‍රපට. Show all posts

Wednesday, September 2, 2015

තාරකා අතරට... (Interstellar චිත්‍රපට විවරණය)


අහස් කුසට යොමු වූ මීටර් සියගණනක උසින් යුතු ගොඩනැගිලි තවදුරටත් පෘථිවිය මත දක්නට නැත. මංතීරු ගණනාවකින් සමන්විත ජනාකීර්ණ මංමාවත්, ප්‍රේක්ෂක ඔල්වරසන් නදින් පිරී ඉතිරී ගිය දැවැන්ත ක්‍රීඩාංගණ ආදිය අයිති වී ඇත්තේ අතීතයට ය. ඒ වෙනුවට බැලූ බැලූ අත දක්නට ඇත්තේ අක්කර ගණන් පැතිරිණු වගාබිම් සහ ඒවාට උඩින් පැතිරුණු දුහුවිල්ල පමණි. පෘථිවිය ශීඝ්‍රයෙන් වාසයට නුසුදුසු ස්ථානයක් බවට පත් වෙමින් ඇති අතර මේ ගෙවී යමින් තිබෙන්නේ මානව ශිෂ්ඨාචාරයේ අවසාන වසර කිහිපය යි.