Showing posts with label කෙනත් ආර්නල්ඩ්. Show all posts
Showing posts with label කෙනත් ආර්නල්ඩ්. Show all posts

Wednesday, October 30, 2013

ගමනක ආරම්භය...!

෴කෙනත් ගේ අත්දැකීම චිත්‍ර ශිල්පියෙකු ගේ ඇසින්෴
‍‍‍"මම ඒ වෙලාවේ මගේ ගුවන් යානය පදවමින් සිටියේ රේනියර් කන්ද අසල ඇති කුඩා ගමකට අඩි 2000 ක් ඉහළ අහසේ. ඊළඟ මොහොතේ මම ගුවන් යානය වටයක් කරකවා සෙමින් ඉහළට නැග්ගේ කන්ද වටා තවත් වරක් යෑමේ බලාපොරොත්තුවෙන්. අඩි 9200 මට්ටමට ඉහළ නැගීමෙන් පසු එක්වරම අතිවිශාල ආලෝකයක් මගේ ඇස් මතට වැටුනා. එක් මොහොතකට මට සිතුණේ එය මා අසලින්ම ගමන් කල යුධ ගුවන් යානයකින් පරාවර්තනය වූ ආලෝකයක් බවයි. එහෙත් ඊළඟට මට වැටහී ගියා ඒ අදහස වැරදි බව. ආලෝකය නිකුත් වෙමින් තිබුණේ උතුරින් පිහිටි බේකර් කන්ද දෙසින් ඇඩම්ස් කන්ද හරහා රේනියර් කන්ද වෙත වේගයෙන් ළඟා වෙමින් තිබුණු අමුතුම ආකාරයේ වස්තූන් 9 කින්. පැයට සැතපුම් දහස් ගණනක වේගයකින් පැමිණි මේවා දිස් වුණේ හරියටම පීරිසියක් ජලය මත ලිස්සා යන ආකාරයට."