"තාත්තේ, මොනවද අර අහසෙ තියෙන ලස්සන පුංචි බෝල?""ඒ තමයි පුතේ තරු. ඉර මාමා හවසට ගෙදර ගියාම එයාලා අහසට එනවා."
"ඇයි ඒ? එයාල ඉර මාමට බය ද??"
ඒ ඔබේත්, මගේත් ළමා කාලයයි. පාසල් අවධිය ඇරඹීමටත් පෙර සිටම අපි රාත්‍රී අහස දෙසට නෙත් යොමු කළෙමු. දැනුම් තේරුම් නැති කාලයේදී හඳ මාමා ගෙනෙන කිරි පැණි, හඳේ හාවා, තරු නැන්දා සහ තරු මාමා ගැන කතා අසමින් සතුටු වූයෙමු. මේ අපට දැනුම් තේරුම් ඇති කාලයයි. එහෙත්... අද අප රාත්‍රී අහස ගැන දන්නේ මොනවාද? පිළිතුරු දීමට වඩාත් පහසු වන ලෙස ප්‍රශ්නය ඇසුවහොත්, අද අප රාත්‍රී අහස ගැන නොදන්නේ මොනවාද?









