බොහෝදෙනා උනන්දුවෙන් බලා සිටි WT1190F මුහුදට කඩා වැටීම අවසානයේදී සිදු වූයේ නැත. විද්‍යාඥයන් ගණනය කළ දිශානතියෙන්ම, ගණනය කළ වේලාවට ආසන්න වේලාවකදීම පෘථිවි වායුගෝලයට ඇතුළු වූ මේ ආකාශ වස්තුව ඉහළදීම ගිනිගෙන විනාශ වී ගියේය.
Friday, November 13, 2015
Wednesday, November 11, 2015
නොවැම්බර් 13 වනදා ශ්‍රී ලංකා මුහුදට වැටෙන ආකාශ වස්තුව කුමක්ද?
පසුගිය ඔක්තෝබර් 3 වනදා ඇරිසෝනාවේ පිහිටි කැටලිනා ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ සේවයේ නියුතු විද්‍යාඥයෝ පෘථිවිය දෙසට ඇදී එමින් ඇති හඳුනා නොගත් ආකාශ වස්තුවක් (UFO) නිරීක්ෂණය කළහ. මෙම ආකාශ වස්තුව මීට පෙරද 2009 හා 2013 වසරවලදී දුරේක්ෂවලට හසුවී තිබුණු අතර ඒ ඒ අවස්ථාවන්හිදී පිළිවෙලින් 9U01FF6, UDA34A3 සහ UW8551D ලෙස නම් කෙරී තිබිණි.
Posted by
Ashan De Costa
at
11:51:00 AM
Labels:
ආකාශ වස්තු,
කාලීන,
විශේෂ
Location:
Colombo, Sri Lanka
Monday, November 2, 2015
හැලොවීන් සැමරීමට අභ්‍යවකාශයෙන් ආ මිනිස් හිස්කබල
හැලොවීන් යනු එංගලන්තය හා අයර්ලන්තය වැනි රටවල බිහිවී පසු කලෙක ලෝකය පුරාම ජනප්‍රිය වුණු, මෑත කලකදී පෙරදිග රටවලටද ව්‍යාප්ත වුණු උත්සවයකි. කෙල්ටික (Celtic) රටවල අස්වනු නෙලීමේදී පැවැත්වුණු උත්සව පසු කලෙක ක්‍රිස්තියානිකරණය වීමෙන් හැලොවීන් උත්සවය බිහිවන්නට ඇතැයි සැලකේ. සෑම වසරකම ඔක්තෝබර් මස 31 වනදා පැවැත්වෙන මෙම උත්සවය සැමරෙන්නේ මිනිසුන් බොහෝවිට භූත අවතාර, රාක්ෂයින්, සොම්බීස් වැනි භයංකර චරිත ආකාරයට වෙස්වළා ගැනීමෙන් සහ ඒ ආශ්‍රිත නිර්මාණයන් ප්‍රදර්ශනය කිරීමෙනි. ඒ හැර වර්තමානයේදී කාටූන් චරිත, සුපිරි වීර චරිත ආදියද මෙම වෙස්වළා ගැනීම් අතර බහුලව දැකිය හැකිය.
Friday, October 30, 2015
වසර දෙකක් පිරීම නිමිත්තෙනි
මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළමු ලිපිය පළවී අද දිනට වසර දෙකක් ගතවන බව දැනුම් දී සිටින්නේ ඉතාමත් සතුටිනි.
Tuesday, October 20, 2015
දමනය (පස්වන කොටස)
'දමනය' යනු බස්සිගෙ නවාතැන බ්ලොග් අඩවියේ යශෝධා සම්මානි ප්‍රේමරත්න සොයුරිය විසින් කොටස් දෙකක් වශයෙන් ලියා පළකරන ලද කෙටිකතාවකි. එබැවින් කතාවේ පූර්ණ අයිතිය ඇය සතුවේ. පසුව දමනය මුල් කතාවේම දිගුවක් ලෙස තවත් කොටස් දෙකක් ඉවාන් පවුලූෂා සහ තුශානි විසින් ඔවුන්ගේ බ්ලොග් අඩවිවල ලියා පළකරන ලදී. එහි පස්වන කොටස වෙනත් කෝණයකින්, විද්‍යා ප්‍රබන්ධයක් ආකාරයට ලිවීමට සිතුවෙමි. මෙයින් කතාවේ රසයට හා ගලායෑමට හානියක් වී ඇත්නම් සමාව ඉල්ලා සිටීමට ද කැමැත්තෙමි.
Posted by
Ashan De Costa
at
11:09:00 AM
Labels:
විද්‍යා ප්‍රබන්ධ,
විශේෂ,
වෙනත්
Location:
Colombo, Sri Lanka
Wednesday, October 7, 2015
නිහාරිකා - ඇරඹුමත් අවසානයත් එතැන ය.
විශ්වයේ ඇති සුන්දරතම ආකාශ වස්තුව කුමක්දැයි ඇසුවහොත් බොහෝ තාරකා විද්‍යා ලෝලීන්ගේ පිළිතුර වන්නේ නිහාරිකාව හෙවත් නෙබියුලාව යි. ඉතා වර්ණවත්, අලංකාර හැඩවලින් යුක්ත වූ නිහාරිකාව දුහුවිලි, හයිඩ්‍රජන්, හීලියම් හා ප්ලාස්මාවෙන් සමන්විත වූ වළාකුළු වැනි ව්‍යූහයකි. විවිධ දීප්තිමත් වර්ණවලින් යුතු දුමාරයක් ලෙස ඡායාරූපවල සටහන් වන නිහාරිකා අභ්‍යවකාශයේ ඇති අනෙකුත් බොහෝ ආකාශ වස්තූන් මෙන්ම ප්‍රමාණයෙන් අතිදැවැන්ත වන අතර බොහෝවිට ආලෝක වර්ෂ සියගණනක විශ්කම්භයකින් යුතු වේ.
Posted by
Ashan De Costa
at
12:30:00 PM
Labels:
ආකාශ වස්තු,
තාරකා,
තාරකා විද්‍යා,
නිහාරිකා,
විශ්වය
Location:
Colombo, Sri Lanka
Wednesday, September 2, 2015
තාරකා අතරට... (Interstellar චිත්‍රපට විවරණය)
අහස් කුසට යොමු වූ මීටර් සියගණනක උසින් යුතු ගොඩනැගිලි තවදුරටත් පෘථිවිය මත දක්නට නැත. මංතීරු ගණනාවකින් සමන්විත ජනාකීර්ණ මංමාවත්, ප්‍රේක්ෂක ඔල්වරසන් නදින් පිරී ඉතිරී ගිය දැවැන්ත ක්‍රීඩාංගණ ආදිය අයිති වී ඇත්තේ අතීතයට ය. ඒ වෙනුවට බැලූ බැලූ අත දක්නට ඇත්තේ අක්කර ගණන් පැතිරිණු වගාබිම් සහ ඒවාට උඩින් පැතිරුණු දුහුවිල්ල පමණි. පෘථිවිය ශීඝ්‍රයෙන් වාසයට නුසුදුසු ස්ථානයක් බවට පත් වෙමින් ඇති අතර මේ ගෙවී යමින් තිබෙන්නේ මානව ශිෂ්ඨාචාරයේ අවසාන වසර කිහිපය යි.
Posted by
Ashan De Costa
at
11:08:00 AM
Labels:
චිත්‍රපට,
තාරකා විද්‍යා,
පිටසක්වළ ග්‍රහලෝක,
මගේ අදහස්,
විශ්වය,
වීඩියෝ දර්ශන
Location:
Colombo, Sri Lanka









