පිටසක්වළ ජීවය පිළිබඳව වූ විෂය ක්‍ෂේත්‍රය මූලික වශයෙන් සරල හා සංකීර්ණ ලෙස කොටස් 2 කට බෙදා වෙන් කර දැක්විය හැකිය. හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම්, අත්භූත ජීවීන් දර්ශනය වීම් සහ වෙනත් පැහැදිලි කළ නොහැකි, අබිරහස් සිදුවීම් ආදිය ඉහත සඳහන් කළ සරල කොටසට අයත් වන අතරේ සංකීර්ණ කොටස ජීවයෙන් සපිරි වෙනත් ග්‍රහලෝක සොයා දියත් කෙරෙන පර්යේෂණ මෙහෙයුම්, විශ්වයේ අඳුරු පදාර්ථ නිරීක්ෂණය, යම් ග්‍රහලොවක ජීවයක් හට ගත හැකි ආකාර පිළිබඳව කෙරෙන පරීක්ෂණ, පිටසක්වළ බුද්ධිමතුන් සමග සන්නිවේදනයේ යෙදීමේ අරමුණින් යුතු ව්‍යාපෘතීන් ආදියෙන් සමන්විත වේ.
Saturday, March 1, 2014
Friday, February 7, 2014
සත්‍යයත් අසත්‍යයත් අතරින් අතුරුදහන් වූ ආගන්තුකයා
රාත්‍රිය උදා වී ඇති බැවින් මුළු මාර්ගයම පාළු බවක් උසුලයි. එකදු මිනිසෙක්වත් දක්නට නැත. ඉඳහිට වාහනයක් දෙකක් මංසන්ධිය හරහා ඒ මේ අත යයි. එක්වරම ඉදිරිපසින් මංසන්ධිය වෙත අධික වේගයකින් පැමිණෙන්නේ ලොරි රථයකි. ඒ සමගම වම්පසින් බයිසිකල් රික්ෂෝවක් මංසන්ධියට ඇතුල් වෙයි. බයිසිකල් රික්ෂෝව අධික වේගයකින් යුතුව ඉදිරියට එන ලොරි රථයේ හැපී සුණුවිසුණු වී යාමට මොහොතකට පෙර දකුණුපසින් රික්ෂෝව දෙසට විදුලි එළියක් වැනි යමක් පැමිණේ. රික්ෂෝව අසලදී එම විදුලි එළිය මිනිස්රූපී ජීවියෙකු බවට පත් වෙයි! රික්ෂෝව දෙසට අතක් දිගු කරන මේ තැනැත්තා රික්ෂෝවත් සමග එතැනින් අතුරුදහන් වන්නේ ලොරිය හා රික්ෂෝව එකිනෙක ගැටීමට ඔන්න මෙන්න තිබියදීය.
Saturday, January 4, 2014
ලොව කැළඹූ බර්මියුඩා ත්‍රිකෝණය
ලෝක සිතියමක් ගෙන එහි පුවටෝ රිකෝ දිවයිනුත්, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි මයාමි නගරයත්, බර්මියුඩා දූපතත් එකිනෙකට යා කිරීමෙන් ත්‍රිකෝණයක් ලැබේ. මේ බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය (Devil's Triangle) යි.
ලොව තවමත් නොවිසඳුණු අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්‍රිකෝණාකාර මුහුදු කලාපය තුළ වර්තමානය වන විට අතුරුදන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්‍රමාණය ගණනින් සිය ගණනකි.
Sunday, December 22, 2013
බර්මියුඩා ත්‍රිකෝණයේ සැඟවී ගිය Flight 19 බලගණය
වේලාව: සවස 4.30 ට පමණ
ස්ථානය: බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහස
මෙහෙයුම: Navigation Problem Number One
පාලක මැදිරිය: ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale ගුවන් පාලක මධ්‍යස්‌ථානය
"පාලක මැදිරිය, මේ Flight 19 බලගණයේ FT-36 ගුවන් යානය යි. අවසන් බෝම්බය ඉලක්කය වෙත පතිත කිරීමට සූදානම්."
"FT-36, ඔබට අවසර ලැබෙනවා."
"බෝම්බය සාර්ථකව පතිත වුණා. මෙහෙයුම සාර්ථකයි. Flight 19 බලගණය නැවත මූලස්ථානය වෙත පැමිණෙනවා."
Saturday, December 21, 2013
හඳුනා නොගත් පියාසර වස්තු සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘති
![]() |
| ෴සයින් ව්‍යාපෘති කමිටුව෴ |
Posted by
Ashan De Costa
at
8:32:00 PM
Labels:
UFO,
පර්යේෂණ ව්‍යාපෘති,
පිටසක්වළ ජීවය
Location:
Colombo, Sri Lanka
Saturday, November 30, 2013
පියාඹන පීරිසි..??? |දෙවන කොටස|
"අමුතුම හැඩයකින් යුතු වස්තූන් කිහිපයක් ඉහළ අහසේ ගමන් ගනිමින් තිබුණා. මේවා අධික වේගයකින් ගමන් කළත් කිසිදු ශබ්දයක් නිකුත් වූයේ නැහැ.""මගේ ගුවන් යානය පසුපස අති දීප්තිමත් ගෝලාකාර ආලෝකයක් හඹා එමින් තිබුණා. විනාඩි කිහිපයක් පුරාවට ගුවන් යානය ඉලක්ක කරගෙනම පැමිණි මේ අභිරහස් ආලෝකය ඊළඟ මොහොතේදී අතුරුදන් වුණා."
"දහවල් කාලයකදී මෙන් හාත්පස ඒකාලෝක කරමින් විශාල යානයක් ගෙවත්තේ නවතා තිබුණා. එක්වරම ඉන් පිටතට ඇරුණු දොරක් වැනි යමකින් මා කිසිදාක දැක නොමැති ආකාරයේ ජීවීන් කිහිප දෙනෙක් එළියට පැමිණියා."
Posted by
Ashan De Costa
at
5:34:00 PM
Labels:
UFO,
අසත්‍ය කරුණු,
පිටසක්වළ ජීවය
Location:
Colombo, Sri Lanka
Tuesday, November 12, 2013
පියාඹන පීරිසි..??? |පළමු කොටස|
අද වනවිට ඕනෑම පුද්ගලයෙකු, "පියාඹන පීරිසියක්" යැයි කියූ පමණින් මේ කතා කරන්නේ කුමක් ගැනදැයි වටහා ගැනීමට තරම් මෙම වචනය ප්‍රචලිත වී තිබේ. එහෙත් වඩාත් හොඳින් විමසා බැලුවහොත් මෙම වචනය යෙදීම යම් පමණකට දෝෂසහගත බව පෙනී යනු ඇත. මුල් ලිපියේ ද සඳහන් වී ඇති ආකාරයට "පියාඹන පීරිසි" යන වදන බිහිවූයේ 1947 දී කෙනත් ආර්නල්ඩ් කළ ප්‍රකාශයක් හරහාය. නමුත් මේ වනවිට ලොව පුරා විවිධ ස්ථානයන්ගෙන් වාර්තා වී ඇති සිදුවීම් වලින් 'පීරිසියක්' හැඩැති වස්තූන් පිළිබඳව වාර්තා වන්නේ (ඒවා සත්‍ය ද, අසත්‍ය ද යන්න වෙනමම සාකච්ඡා කළයුතු මාතෘකාවකි.) අල්ප වශයෙනි. ඒ අනුව අප වටහා ගත යුත්තේ පියාඹන පීරිසි යනු වාර්තාගත සිද්ධීන් සමුදායක් අතර ඇති උප කොට්ඨාශයක් පමණක් වන බවයි.
Posted by
Ashan De Costa
at
6:43:00 PM
Labels:
UFO,
පිටසක්වළ ජීවය,
මගේ අදහස්,
වීඩියෝ දර්ශන
Location:
Colombo, Sri Lanka








