විශ්වයේ ඇති සුන්දරතම ආකාශ වස්තුව කුමක්දැයි ඇසුවහොත් බොහෝ තාරකා විද්‍යා ලෝලීන්ගේ පිළිතුර වන්නේ නිහාරිකාව හෙවත් නෙබියුලාව යි. ඉතා වර්ණවත්, අලංකාර හැඩවලින් යුක්ත වූ නිහාරිකාව දුහුවිලි, හයිඩ්‍රජන්, හීලියම් හා ප්ලාස්මාවෙන් සමන්විත වූ වළාකුළු වැනි ව්‍යූහයකි. විවිධ දීප්තිමත් වර්ණවලින් යුතු දුමාරයක් ලෙස ඡායාරූපවල සටහන් වන නිහාරිකා අභ්‍යවකාශයේ ඇති අනෙකුත් බොහෝ ආකාශ වස්තූන් මෙන්ම ප්‍රමාණයෙන් අතිදැවැන්ත වන අතර බොහෝවිට ආලෝක වර්ෂ සියගණනක විශ්කම්භයකින් යුතු වේ.
සියළුම වර්ගයන්හි තාරකාවල උපත සිදුවන්නේ නිහාරිකාවන් තුළදී ය. සාමාන්‍යයෙන් නිහාරිකාව තුළ සිදුවන ගුරුත්වජ බිඳවැටීම් (gravitational collapses) මගින් නව තරු ඇති වන බවට පිළිගැනේ. මේ අනුව නිහාරිකාවක් තුළ ගුරුත්වජ හා චුම්බක ක්ෂේත්‍රයන්හි ඇති වන වෙනස්වීම් නිසා නිහාරිකාවේ වළාකුළු කොටස් බිඳ වැටෙමින් වඩාත් කුඩා වළාකුළුවලට කැඩී වෙන් වේ. මෙම බිඳවැටීම සිදුවන විට ඒ අවට උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ නගින අතර කුඩා වළාකුළු කොටස් තම කෝණික ගම්‍යතාව ස්ථාවරව පවත්වාගැනීම සඳහා වඩාත් වේගයෙන් තමා වටා භ්‍රමණය වීම ආරම්භ කරයි. වළාකුළේ මධ්‍යය කෙල්වින් 2000 - 2500 පමණ උෂ්ණත්වයකට ළඟාවන විට එහි අඩංගු හයිඩ්‍රජන් වායුව හයිඩ්‍රජන් පරමාණු බවට බිඳී වෙන් වීම සිදු වේ. මධ්‍යය තුළ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා ඇරඹෙන්නේ උෂ්ණත්වය කෙල්වින් 10,000ක පමණ අධික අගයකට ළඟා වූ පසු ය. මේ බිළිඳු තාරකාවක උපත යි. අවසානයේදී තාරකාව සතු වන හයිඩ්‍රජන් හා හීලියම් ප්‍රමාණය මත එම තාරකාව අයත් වන්නේ කුමන කාණ්ඩයට ද යන්න තීරණය වේ. (තාරකා පරිණාමනය ලිපිය පරිශීලනය කරන්න.) මෙය ක්ෂණිකව සිදුවන්නක් නොව වසර දහස් ගණන්, මිලියන ගණන් ගත කරමින් සිදුවන මන්දගාමී ක්‍රියාදාමයකි. සාමාන්‍යයෙන් සූර්යයාගේ ප්‍රමාණයේ තාරකා දසදහසක් පමණ හෝ ඊටත් වඩා නිර්මාණය කිරීමට අවශ්‍ය පදාර්ථ නිහාරිකාවක් සතුව තිබේ.
![]() |
෴Helix ග්‍රහ නිහාරිකාව෴ |
තාරකාවක උපත නිහාරිකාවක් මගින් සිදුවනවාක් මෙන්ම එහි අවසානය ද නිහාරිකාවක් ලෙසම සිදුවිය හැකිය. ඒ විශේෂ තාරකා කාණ්ඩ දෙකක ජීවිත කාලයේ අවසන් අවධි ලෙසිනි. ඒ අනුව අප සූර්යයාගේ ප්‍රමාණයේ තාරකා රතු යෝධ අවස්ථාව පසු කිරීමෙන් පසු ග්‍රහ නිහාරිකා බවට පත්වන අතර වඩා විශාල තාරකා සුපර්නෝවා පිපිරුමට මුහුණ දුන් පසු ඉතිරි වන අවශේෂ කොටස්ද නිහාරිකා බවට පත් වේ. (මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා තාරකා පරිණාමනය ලිපිය කියවන්න.)
සියළුම නිහාරිකා ඉහත කාණ්ඩයන් දෙකද ඇතුළුව ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ගීකරණය කළ හැක.
- ග්‍රහ නිහාරිකා (Planetary Nebulae) - සූර්යයාගේ ප්‍රමාණයේ තාරකා රතු යෝධ අවස්ථාව පසු කිරීමෙන් පසු එය සතුව පැවති පිටත පෘෂ්ඨයන්හි අවශේෂ කොටස් දුමාරයක් මෙන් පිටතට මුදාහරී. මෙය ග්‍රහ නිහාරිකාවක් ලෙස හැඳින්වෙන අතර එහි ආයුකාලය වසර දහස් ගණනකට සීමා වේ.
- සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා (Supernova Remnants) - අතිදැවැන්ත තාරකා (Blue Hyper Giants) ප්‍රබල සුපර්නෝවා පිපිරීමකට මුහුණ දුන් පසු පිටත අවකාශයට නිදහස් වන වායුමය කවච මගින් සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා නිර්මාණය වේ.
- අඳුරු නිහාරිකා (Dark Nebulae) - මේවා අවශෝෂක නිහාරිකා (Absorption Nebulae) ලෙසද හැඳින්වේ. ප්‍රධාන වශයෙන් දුහුවිල්ලෙන් සමන්විත වුණු මේවා මගින් වෙනත් ආකාශ වස්තූන්ගෙන් පිටවන ආලෝකය උරාගනු ලබයි.
![]() |
෴Horsehead අඳුරු නිහාරිකාව෴ |
මේ හැර වෙනත් විකල්ප වර්ගීකරණයන්ද තිබේ. ග්‍රහ නිහාරිකා සහ සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා ඇතුළුව බොහොමයක් නිහාරිකාවන් විසාරී නිහාරිකා (Diffuse Nebulae) ලෙස හැඳින්විය හැකිය. එනම් මෙවැනි නිහාරිකා පැතිරුණු ස්වභාවයක් දක්වන අතර ඒවාට නිශ්චිත සීමාවක් නැත. විසාරී නිහාරිකාවන්ද වර්ග දෙකකි. ග්‍රහ නිහාරිකා හා සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා තමන් සතු අයනීකරණය වූ වායූන්ගෙන් ආලෝකය නිකුත් කරන නිසා විමෝචක නිහාරිකා (Emission Nebulae) ලෙසද, වෙනත් වස්තූන්ගෙන් පිට වන ආලෝකය පරාවර්තනය කරන නිහාරිකා පරාවර්තක නිහාරිකා (Reflection Nebulae) ලෙසද හැඳින්විය හැකිය.
විශේෂ කරුණු:
බොහෝ නිහාරිකාවන්හි සැබෑ වර්ණය අප ඡායාරූප වලින් දකිනවාට වඩා ඉතා අඩු ය. ඒවායේ සමහර වර්ණ තීව්‍රතාවයන් මිනිස් ඇසට පවා සංවේදී නොවේ. විද්‍යාඥයන් විසින් අධ්‍යයන කටයුතුවල පහසුව සඳහා මෙවැනි ඡායාරූපවල සැබෑ වර්ණයන් යම්තාක් දුරට වැඩිදියුණු (colour enhancing) කරනු ලැබේ.
අලංකාර නිහාරිකාවන් කිහිපයක් පිළිබඳව ලියැවෙන ඡායාරූපමය ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
සෑහෙන දවසකි්න් ඈ
ReplyDeleteරතු යෝද අවස්ථාවත් ලිංක් කරහංකො සමහර කරුණු අමතකයි නෙ
හේලික්ස් ිකං ඇහැක් වගේ හැක්
ඒ කියන්නෙ ඇත්තටම ඕකක් දකිනව කියන්නෙ නෙබියුලාවක් පිංතූරෙක තරං ගතියක් නෑ නෙහ්
ඔව් මහේෂ් අයියෙ, හැබැයි දැන් නම් එක දිගට ලියනවා, මාසෙක නිවාඩුවක් හම්බවුණා.
Deleteරතු යෝධ අවස්ථාව ගැන මම තාරකා පරිණාමනය ලිපියෙ ලිව්වා, මෙන්න ඒ කොටස;
//මෙම තාරකාවන් තමන් සතු අවසන් හයිඩ්‍රජන් ප්‍රමාණය න්‍යෂ්ටික විලයන ක්‍රියාවලියට භාජනය වීම ආරම්භ වද්දී ක්‍රම ක්‍රමයෙන් ප්‍රසාරණය වීමට හෙවත් විශාල වීමට පටන් ගනී. සාමාන්‍යයෙන් මෙවිට අදාළ තාරකාව අවම වශයෙන් පෙර පැවති ප්‍රමාණය මෙන් සියගුණයකින් පමණවත් විශාල වන අතර මෙය හැඳින්වෙන්නේ රතු යෝධ අවස්ථාව (red giants) ලෙසිනි. අනාගතයේ යම් දිනෙක අප සූර්යයා රතු යෝධයෙක් බවට පත්වුණු පසු බොහෝවිට එහි මතුපිට පෘෂ්ඨය තිබෙනු ඇත්තේ අද පෘථිවිය ඇති තැන ය. (ඒ වනවිටත් වෙනත් අනතුරකට ලක් වී නොතිබුණහොත් පෘථිවිය විනාශ වී යන්නේද එවිට යි.)//
ඔව් අයියෙ, හේලීක්ස්ට "දෙවියන්ගේ ඇස" කියල කියන්නෙ ඒකයි. ඒ ගැන ලියන්නම් ඊළඟ ලිපියෙ.
ඇත්තටම ඔව් ෆොටෝ එකක තියෙනව තරම් දීප්තිමත් නෑ පියෙවි ඇහින් දකිනකොට. හැබැයි බොහෝවිට අපිට කවදාවත් මේවා පියෙවි ඇහින් දකින්න වෙන එකකුත් නෑ මොකද පෘථිවියෙන් ආලෝක වර්ෂ පන්සීයකට මෙහා කිසිම නිහාරිකාවක් නෑ ඔක්කොම තියෙන්නෙ ඒ සීමාවෙන් එහා.
නිහාරිකා ගැන මේ තරම් තොරතුරු දැනගෙන හිටියේ නෑ... ස්තූතියි අපිත් එක්ක මේ තොරතුරු බෙදා හදා ගත්තට.
ReplyDeleteබොහොම ස්තූතියි තුශානි..
Deleteබෝම ස්තුතියි තරු මලයා.. දිගටම වැඩේ කරමුකෝ.. පහු ගිය දවස් වලත් විස්වයේ දිග පලල හිතන්න ගිහිල්ලා මගේ මොලේ ලොප් උනා නෙව...
ReplyDeleteඑහෙහ්, මටත් ඕක වෙනවා නිතරම.. ඊටපස්සෙ ටික වෙලාවක් යනකම් බලාගත්ත අත බලන් ඉන්නව.
Deleteබොහොම ස්තූතියි දේශා..
එල ද බ්‍රා
ReplyDeleteමේ ලිපි දවසක පොඩි මෙන්ඩට ඔනේ වෙයි..
මෙන්ඩව වෙන බ්ලොග්වල ඕනතරම් දැකල තිබුණට පළවෙනි වතාවට මන්දාකිණියෙන් ඔබ්බට එකේ දකින්නෙ. සාදරයෙන් පිළිගත්තා ඔන්න. අපේ මධුමාධවිත් පොඩි මධූලට දෙන්න තියන් ඉන්නෙ.
Deleteඑල ද බ්‍රා.
https://www.google.lk/?gfe_rd=cr&ei=w0gCVurqH6nv8wfGkb4Q#q=nebulous
ReplyDeleteඅපැහැදිලි වගේ තේරුමක් එන නෙබියුලස් කියන වචනෙන්?
Nebula = Mist (L)
ප්‍රා, මට මතක විදියට මේ වචන කීපෙම ඉංග්‍රීසිවලට ආවෙ ග්‍රීක් හරි ලතින් හරි භාෂාවකින්. පොඩ්ඩක් ඉන්න මාත් හරියටම බලල එන්නම්.
Deleteලතින්.
DeleteNebula = cloud
නෙබියුලස් කියන වචනෙත් නෙබියුලා අර්ථයට සෑහෙන්න සමානයි නේද.. නිකන් nebula එකේ adjective එක වගේ.
ලස්සන නිහාරිකා වල පින්තූර දැනගෙන තිබ්බට විස්තර දැනගත්තේ අද .එක බ්ලොග් පෝස්ටුවකට විස්තර ලියන්න අශාන් ගොඩක් විස්තර හොයනව කියල තේරෙනවා ඒ මහන්සිය අගය කරනව. මේ පෝස්ටුවලින් කියවල දැනගන්නවා හැරෙන්න වෙනමම උනන්දුවෙන් මේ ලිපි හොයල කියවෙන්නේ නැහනෙ .දැන් නිවාඩුවක් හම්බුනානම් දිගටම ලියන්න නැතිනම් අශාන්ගෙ බ්ලොගේ මාසික සඟරාවක් වගේ වෙයි මතකනේ මට එහෙම කියල එක්කෙනෙක් ආයෙම අතුරුදහන් උනා :P
ReplyDeleteහංසිව දැක්ක කල්... (මගේ වැරැද්ද අනුන්ගෙ පිට පටවන්නෙ එහෙමයි. :P )
Deleteබොහොමත්ම ස්තූතියි හංසි..
නෑ නෑ දැනටමත් ලිපි දෙකතුනක් ලියල ඩ්‍රාෆ්ට්ස්වලට දාල තියෙන්නෙ. දැන් එකදිගටම ලියනවා. :D
ලිපියට එකතු කරලා තියෙන කරුණු වලින් හිතා ගන්න පුළුවන් , පොස්ටුව වෙනුවෙන් උඹේ කැපවීම.
ReplyDeleteඑක අති විශිෂ්ටයි...
හැබැයි කැපවීමෙන් ලියන නිසාම වෙලාවකට ප්‍රශ්නත් එනව විභීෂණ..
Deleteබොහොමත්ම ස්තූතියි. මේ වගේ අගය කිරීම් ඇත්තටම ලොකු සතුටක්.
http://nelumyaya.com/?p=4425
ReplyDeleteබොහොමත්ම ස්තූතියි අජිත් අයියේ.
Deleteසිංහල වචන ටික නම් අපුරුයි. - මම තාරක සම්බන්ධ දෙයක් ගැන බාගෙට ලියල තියෙන්නේ. මේ සුමනේ වත් දන්නා ඕනේ.
ReplyDeleteA/L වෙනකම් සිංහල මාධ්‍යයෙන් ඉගෙනගත්ත එකේ වාසියක්. හැබැයි මේ අවශිෂ්ට කියන වචනෙ නම් මාත් හොයාගත්තෙ ඩික්ෂනරි එකෙන්. අවශේෂ කියන වචනය දන්නව වුණාට මේක දැනගෙන හිටියෙ නෑ.
Deleteදාමු දාමු ඉක්මණටම...
මේ අවකාසෙ ඉන්න අ(ස)භ්‍යවකාසෙ ගැන දිගටම ලියන එකම එකා උඹ. උඹ අපිට වටිනා වස්තුවක්!
ReplyDeleteමචෝ, උඹේ මේ ලිපිය මට මග හැරුණා ගියපාර පෝස්ට් එකේ. පාඩං වෙංට ඕනෑ......
තව පෝඩ්ඩක් දිගට ලියහං...තව පෝඩ්ඩක්.
බොහෝම ස්තූතියි මධූ. අයියෝ ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. මොනා වුණත් එහෙම කමෙන්ට්ස් බ්ලොග් පෝස්ට් එකක දාන එක නම් නියම අදහසක්..
Deleteමේකයි වුණේ මම මුලින් උදාහරණ විදිහට නිහාරිකා කීපෙක තොරතුරුත් දාලයි මේක ලිව්වේ ඒත් අන්තිමට ලිපියෙ දිග වැඩි වුණා. ඒක හින්දයි කොටස් දෙකකකට කැඩුවේ.
අදයි මේ පැත්තෙ ආවෙ......... මේක පට්ට වැඩක් ආ................
ReplyDeleteබොහොම ස්තූතියි අවංක ආර්යන්, සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් අඩවියට.
Deleteනියමයි කොල්ලො... කලු කුහර ගෑන අර්ටිcලෙ එකක් දාන්න..
Deleteබොහොම ස්තූතියි. :) කළු කුහර ගැනත් ඉස්සරහට අනිවාර්යයෙන්ම පළ වේවි.
DeleteGood article
ReplyDeleteWoow මේක නම් මරු
ReplyDeleteමන් අද මේකට ආවෙ
ReplyDeleteමරුම මරු ගොඩක් දේවල් ඉගෙන ගත්තා අද.බොහොම ස්තුතියි..තනියම විශ්වය කියන්නෙ මොකක්ද කියල හිතනකොට එක පාරට ඔලුව රිද්දන්නත් ගන්නව.මේක කියවන්න ලැබුන එකට ගොඩක් සතුටුයි.
ReplyDelete