වසර ගණනාවක් තිස්සේ ග්‍රහලෝකයක් ලෙස හැඳින්වී පසුව වාමන (කුරු) ග්‍රහලෝකයක් බවට පත් වුණු ප්ලූටෝ පසුගිය ජූලි 14 වනදා ප්‍රථම වතාවට තමන් නිරීක්ෂණය කිරීමට පැමිණි පෘථිවියේ නියෝජිතයෙකු දැකගත්තේය. නාසා ආයතනයට අයත් New Horizons යානය එදින ප්ලූටෝට ඉතාම ආසන්නයෙන් ගමන් කරමින් ප්ලූටෝ හා එහි චන්ද්‍රයන්ගේ අධි විභේදන ඡායාරූප ඇතුළුව මිනිසා මෙතෙක් නොදැන සිටි තොරතුරු සම්භාරයක් පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කරන ලදී.Friday, July 24, 2015
ක්ෂිතිජයන් ඉක්මවා ප්ලූටෝ වෙතට...
වසර ගණනාවක් තිස්සේ ග්‍රහලෝකයක් ලෙස හැඳින්වී පසුව වාමන (කුරු) ග්‍රහලෝකයක් බවට පත් වුණු ප්ලූටෝ පසුගිය ජූලි 14 වනදා ප්‍රථම වතාවට තමන් නිරීක්ෂණය කිරීමට පැමිණි පෘථිවියේ නියෝජිතයෙකු දැකගත්තේය. නාසා ආයතනයට අයත් New Horizons යානය එදින ප්ලූටෝට ඉතාම ආසන්නයෙන් ගමන් කරමින් ප්ලූටෝ හා එහි චන්ද්‍රයන්ගේ අධි විභේදන ඡායාරූප ඇතුළුව මිනිසා මෙතෙක් නොදැන සිටි තොරතුරු සම්භාරයක් පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කරන ලදී.Thursday, February 19, 2015
තාරකා පරිණාමනය
තරු සෑමකල්හිම එකම ආකාරයෙන් නොපවතින බවත් ඒවා බිහිවෙමින්, විවිධ ජීවන අවධි පසුකරමින්, මිය යන බවත් තාරකා පෙළින් එහා... ලිපියෙන් පැහැදිලි කෙරිණි. ඒ අනුව සියළුම තාරකාවල බිහිවීම සිදුවන්නේ නිහාරිකාවන් (Nebulae) තුළදී ය. නිහාරිකාවේ යම් කොටසක ඇති වන ගුරුත්වජ බිඳවැටීමක් හෙවත් ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් නිහාරිකා කොටසේ අණුක සැකැස්ම බිඳවැටී සිදුවන හැකිළීමක් නිසා නව තාරකා බිහිවේ. මෙය බලා සිටිද්දී සිදුවන්නක් නොව වසර දහස් ගණන්, මිලියන ගණන් ගත කරමින් සිදුවන අතිශයින් මන්දගාමී ක්‍රියාවලියකි.
Posted by
Ashan De Costa
at
10:26:00 AM
Labels:
ආකාශ වස්තු,
තාරකා,
තාරකා විද්‍යා,
විශ්වය
Location:
Colombo, Sri Lanka
Saturday, February 14, 2015
වොලී සමග තරු වටා - 1 කොටස
එදා අමාවක දවසක්. හඳ පායලා නැති නිසා මුළු අහසම එළිය වෙලා තිබුණෙ පුංචි පුංචි ලස්සන තරු වලින්.
"සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා....."
පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ ගාථා හඬ ගම පුරාම පැතිරෙනව. අද නිමාෂගෙ සීයගේ තුන්මාසෙ බණ දවස. ජීවත් වුණ කාලේ ගමේ හැමෝත් එක්කම බොහොම සමගියෙන් සමාදානයෙන් හිටපු සීයා වෙනුවෙන් අද මුළු ගමේම කට්ටිය නිමාෂලගෙ ගෙදරට එකතු වෙලා.
"සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා....."
පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ ගාථා හඬ ගම පුරාම පැතිරෙනව. අද නිමාෂගෙ සීයගේ තුන්මාසෙ බණ දවස. ජීවත් වුණ කාලේ ගමේ හැමෝත් එක්කම බොහොම සමගියෙන් සමාදානයෙන් හිටපු සීයා වෙනුවෙන් අද මුළු ගමේම කට්ටිය නිමාෂලගෙ ගෙදරට එකතු වෙලා.
Friday, February 6, 2015
තාරකා පෙළින් එහා...
අභ්‍යවකාශය පුරා විසිරී ඇති විශාල, දීප්තිමත්, ගෝලාකාර ශක්ති ප්‍රභවයන් අපි තාරකා ලෙස හඳුන්වමු. අප සෞරග්‍රහමණ්ඩලයේ ඇති එකම තාරකාව වන සූර්යයාගේ විශාලත්වය මෙන් දහස් ගුණයකටත් වඩා විශාල තාරකා මෙන්ම හාරසිය පනස් ගුණයක් පමණ කුඩා තාරකා ද විශ්වය තුළ පවතී. මෙම තාරකාවන්ගේ විශාලත්වය හා ස්කන්ධය අනුව ඒවායේ හැසිරීම් රටාව හා ජීවිත කාලය ද එකිනෙක වෙනස් වන බව මේ වන විට හඳුනාගෙන තිබේ.
Posted by
Ashan De Costa
at
11:01:00 AM
Labels:
ආකාශ වස්තු,
තාරකා,
තාරකා විද්‍යා,
විශ්වය
Location:
Colombo, Sri Lanka
Tuesday, December 30, 2014
විකිරණ දඩයම්කරුවෝ
මීට පෙර පළවූ මහා පිපිරුම සනාථ කළ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය ලිපිය මගින් අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය පිළිබඳව පැහැදිලි කෙරිණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ කටයුතු කිරීම සඳහා විවිධ වර්ෂයන්හිදී විවිධ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයන් මගින් චන්ද්‍රිකා කිහිපයක්ම උඩුගුවනට යවා ඇති බවද ලිපිය අවසානයේදී සඳහන් කරන ලදී. මේ එහි සවිස්තර විවරණය යි.අභ්‍යවකාශ ඉතිහාසයේ ඉහත පරිදි අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම නිරීක්‍ෂණය කිරීම සඳහා අභ්‍යවකාශගත වූ චන්ද්‍රිකාවන් ගණන තුනකි. මෙම චන්ද්‍රිකා තුනෙහිම මෙහෙයුම් මේ වනවිට නිමා වී තිබේ.
Posted by
Ashan De Costa
at
10:46:00 AM
Labels:
CMB,
අභ්‍යවකාශ යානා,
තාරකා විද්‍යා,
පර්යේෂණ ව්‍යාපෘති,
විශ්වය,
විශ්වයේ උපත
Location:
Colombo, Sri Lanka
Monday, December 15, 2014
බ්‍රිතාන්‍යය සලිත කළ අත්භූත පිපිරුම් හඬ
මීට සති දෙකකට පමණ පෙර, පසුගිය නොවැම්බර් 29 සෙනසුරාදා දින රාත්‍රියේ ට්විටර් සමාජ ජාලය හදිසියේම පිරී ඉතිරී ගියේ තමන්ට අභිරහස් පිපිරුම් හඬ කිහිපයක් අසන්නට ලැබුණු බව පවසමින් එන්ගලන්ත වැසියන් විසින් #loudbangs, #omgwereallgoingtodie වැනි හෑෂ්ටැග්ස් සමග පළකරන ලද ට්වීට් සටහන් වලිනි. ලන්ඩනයේ සිට ග්ලාස්ගෝ, බටහිර සසෙක්ස්, බෙඩ්ෆෝර්ඩ්ෂයර්, උතුරු ඩෙවොන් වැනි ප්‍රදේශ දක්වා වූ විශාල වපසරියකට ශ්‍රවණය වූ මේ පිපිරුම් හඬ හේතුවෙන් සමහර ස්ථානයන්හි වීදුරු ජනේල, දොරවල් දෙදරා ගිය බවද, සුරතල් සුනඛයින් භීතියෙන් වියරු වැටුණු බවද වාර්තා විය. රාත්‍රී 10 - 10.30 පමණ වද්දී මෙම සිදුවීම් පෙළ වාර්තා වුණි. සති දෙකක් ඉක්ම ගොස් තිබේ. සැබැවින්ම සිදුවූයේ කුමක්ද? ස්වභාවික සංසිද්ධියක්ද? රජයේ රහස් මෙහෙයුමක්ද? එසේත් නැතිනම් සමහරුන් කියනා ආකාරයට මිනිසා එලෙස අත්දුටුවේ යම් පිටසක්වළ යානයක ආගමනයද?
Wednesday, December 10, 2014
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව - මේ වැසි සමය යි!
උල්කාපාත වර්ෂාවන් අතර රජු ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ වාර්ෂික ආගමනයට නියමිත කාලය එළඹ තිබේ. සෑම වසරකම දෙසැම්බර් මස 4 - 17 දින කාල පරාසය තුළ සක්‍රීය වන මෙම උල්කාපාත වර්ෂාව මෙවර දෙසැම්බර් 13 දින රාත්‍රියේ සහ 14 දින අළුයම එහි උපරිමයට (peak time) ළඟා වෙයි.
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව තාරකා විද්‍යා ලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත්ව ඇත්තේ එය ලොව පුරා ඕනෑම ස්ථානයකට දර්ශනය වීමත්, අනෙකුත් උල්කාපාත වර්ෂාවන්වලදීට වඩා විශාල උල්කා සංඛ්‍යාවක් පැහැදිලිව හා ඉතාමත් අලංකාරව දැකගත හැකි වීමත් නිසා ය. වර්ෂාව උපරිම අවස්ථාවට එළඹෙන දෙසැම්බර් 13 - 14 රාත්‍රියේ එක පැයකදී උල්කා 120ක් පමණ විවිධ වර්ණ වලින් කඩා හැලෙනු දිස් වනු ඇත.
Posted by
Ashan De Costa
at
11:16:00 AM
Labels:
ආකාශ වස්තු,
උල්කාපාත වර්ෂා,
කාලීන,
තාරකා විද්‍යා
Location:
Colombo, Sri Lanka






