අභ්‍යවකාශය පුරා විසිරී ඇති විශාල, දීප්තිමත්, ගෝලාකාර ශක්ති ප්‍රභවයන් අපි තාරකා ලෙස හඳුන්වමු. අප සෞරග්‍රහමණ්ඩලයේ ඇති එකම තාරකාව වන සූර්යයාගේ විශාලත්වය මෙන් දහස් ගුණයකටත් වඩා විශාල තාරකා මෙන්ම හාරසිය පනස් ගුණයක් පමණ කුඩා තාරකා ද විශ්වය තුළ පවතී. මෙම තාරකාවන්ගේ විශාලත්වය හා ස්කන්ධය අනුව ඒවායේ හැසිරීම් රටාව හා ජීවිත කාලය ද එකිනෙක වෙනස් වන බව මේ වන විට හඳුනාගෙන තිබේ.
සියළුම වර්ගයේ තාරකා වල තිඹිරිගෙය වන්නේ නිහාරිකා ය. (නිහාරිකා පිළිබඳ ලිපියක් ඉදිරියේදී.) නිහාරිකාව තුළ නිශ්චිත කලාපයකදී ඇති වන ගුරුත්වජ බිඳවැටීමක් (gravitational collapse) සමඟින් (මින් අදහස් වන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා නිහාරිකාවේ යම් කොටසක අණුක සැකැස්ම බිඳවැටී එහි අඩංගු පදාර්ථ ඒකරාශී වීම හෙවත් අදාළ කොටස හැකිළීම යි.) බහුතර හයිඩ්‍රජන් ප්‍රමාණයකුත්, සුළුතර හීලියම් හා බැර මූලද්‍රව්‍ය ප්‍රමාණයකුත් එක් වෙමින් තාරකාවක් නිර්මාණය වීම ආරම්භ වෙයි. කාලයක් ගත වෙද්දී මෙලෙස මූලද්‍රව්‍යයන් එකිනෙක ආකර්ෂණය වෙමින් බිළිඳු තාරකාවේ මධ්‍යය ඝන බවට පත් වන අතර ඉන්පසු එහි අඩංගු හයිඩ්‍රජන් න්‍යෂ්ටි හීලියම් න්‍යෂ්ටි බවට පත් වෙමින් න්‍යෂ්ටික විලයන ක්‍රියාවලියක් හට ගනී. තාරකාවේ හරය (න්‍යෂ්ටිය/ core) තුළ සිදුවන මෙම න්‍යෂ්ටික විලයන ක්‍රියාවලියේදී නිපදවෙන අවශේෂ ශක්තිය තාරකාවේ මතුපිට පෘෂ්ඨයන් කරා ගමන් කර ඉන්පසු පිටත අවකාශයට විකිරණය (radiate) වේ. තාරකාවක් අතිශයින් දීප්තිමත් හා උෂ්ණාධික වන්නේ මේ නිසාවෙනි.
෴නිහාරිකාවක්෴ |
විවිධ තාරකා විවිධ වර්ණයන්ගෙන් දිස්වන බව ඔබ දන්නවා ඇත. මෙවැනි වර්ණ වෙනසකට හේතු වන්නේ ඒ ඒ තාරකාවන් විවිධ උෂ්ණත්වයන්ගෙන් යුතු වීම ය. ඒ අනුව සෙල්සියස් අංශක 30,000ක් වැනි ඉතා අධික උෂ්ණත්වයකින් යුත් තාරකා නිල් පැහැයෙන් ද, සෙල්සියස් අංශක 2,000ක් වැනි සාපේක්‍ෂව අඩු උෂ්ණත්වයකින් යුතු තාරකා රතු පැහැයෙන් ද පියෙවි ඇසට දර්ශනය වේ. සෙල්සියස් අංශක 5,500ක පමණ මතුපිට උෂ්ණත්වයකින් යුත් සූර්යයා අපට දිස් වන්නේ කහ පැහැයෙනි.
ඕනෑම තාරකාවක ජීවිත කාලයේ වැඩි ප්‍රමාණයක් ගතවන්නේ ඉහත සඳහන් හයිඩ්‍රජන් - හීලියම් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව සිදු කරමින් ය. තාරකාවේ න්‍යෂ්ටිය තුළ අඩංගු වූ අවසන් හයිඩ්‍රජන් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම හීලියම් බවට පරිවර්තනය වීම ආරම්භ වීමත් සමගම තාරකා පරිණාමයේ අවසන් ක්‍රියාවලීන් කිහිපය ආරම්භ වේ. ඕනෑම දෙයක ඇති අනිත්‍යතාව පසක් කරමින් තාරකාව තමන්ගේ සක්‍රීය ජීවිත කාලය අවසන් කර වාමන තරුවක්, නියුට්‍රෝන තාරකාවක් හෝ කළු කුහරයක් බවට පත් වන්නේ (තාරකාවේ ස්කන්ධය අනුව එය අවසානයේ කුමන ආකාශ වස්තුවක් බවට පත් වන්නේද යන්න තීරණය වෙයි.) තමන් සතු වූ අවසාන න්‍යෂ්ටික ශක්ති ප්‍රමාණයත් පිට කරමිනි.
මේ අභ්‍යවකාශ වස්තූන් පිළිබඳව ලියැවෙන ලිපි පෙළක ආරම්භය යි.
මීළඟට තාරකා පරිණාමනය පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇත.
සිතන්නට යමක්:
විශ්වයේ ඇති සෑම දෙයක්ම ඝන, ද්‍රව වැනි මොනයම් හෝ පදාර්ථ අවස්ථාවකට හිමිකම් කියන බව ඔබ දනී. එසේ නම් තාරකාවක් අයත් වන්නේ පදාර්ථයේ කුමන අවස්ථාවට ද?
හැබෑට බං විශ්වයේ පදාර්තයන් විනාශ කළ නොහැකි නං මේ පදාර්ත කොහේද තියේන්නේ. හම්මේ හිතලම පන ගියා.. අද ලිපිය හරිම රහයි බං.. මේ විදියට දීපං දෙන මගුලක්.. ජයවේවා
ReplyDeleteඇයි දෙයියනේ මේ තියෙන්නෙ හැමතැනම... දේශකයත් පදාර්ථ ගොඩක් නෙ.. :D
Deleteබොහොම ස්තූතියි දේශා.. දැන් ටිකක් වැඩ වැඩියි, ඒ හින්ද කෙටි ලිපි තමයි ලියවෙන්නෙ.. :)
හෙමින් කියවමි හොඳේ...!
ReplyDeleteඅනිවාර්යයෙන්ම කියවන්න අක්කේ.. :)
Deleteහිතුවට වඩා කෙටි වුවත් ලිපිය ඉතා ආසාවෙන් කියෙව්වා.
ReplyDelete//එසේ නම් තාරකාවක් අයත් වන්නේ පදාර්ථයේ කුමන අවස්ථාවට ද?//
මේක තාරකාව අභ්‍යන්තරයේ ඉඳලා ඝන, ද්‍රව හා වායු අවස්ථාවලට පරිවර්තනයක් නොවේද?
මේ දවස්වල ටිකක් වැඩ වැඩියි මධුමාධවී, ඒකයි ලිපි කෙටි වෙන්නේ.. බොහොම ස්තූතියි.
Deleteඇත්තම කිව්වොත් තාරකා ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනෙන් එකකටවත් අයත් වෙන්නේ නැහැ. තාරකා පවතින්නේ ප්ලාස්මා කියන විශේෂ අවස්ථාවක. මොකද මෙතනදි අයනීකරණයක් වෙනවා. ඒ ඇරෙන්න අකුණු, වෙල්ඩින් දැල්ල වගේ ඒවත් අයිති වෙන්නෙ ප්ලාස්මා අවස්ථාවට. මේ එකක්වත් ඝන, ද්‍රව හෝ වායු නෙමෙයි.
නොදැන හිටිය දේවල් ටිකක් නිසා හුඟක් ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි තුශානි.
Deleteඅගනා ලිපියක්.
ReplyDelete//නිහාරිකාව තුළ නිශ්චිත කලාපයකදී ඇති වන ගුරුත්වජ බිඳවැටීමක් (gravitational collapse) සමඟින්//
ගුරුත්වජ බිඳවැටීමක් කියන විට ගුරුත්වය නැතිවීමක් වගේ අදහසක් එනවා නමුත් ඔතන වෙන්නේ ගුරුත්වය නිසා අංශු එකතුවීමක් හෙවත් හැකිලීමක්. gravitational collapse කියන එකට යම් පාරිභාෂික වචනයක් ඇති. නැත්නම් ගැලපෙන්නේ ගුරුත්වජ හැකිලීම කියන වචනය මිස ගුරුත්වජ බිඳවැටීම නොවේ නේද?
බොහොම ස්තූතියි මකසි.
Deleteගුරුත්වජ බිඳවැටීම කියන වචනය මට මුලින්ම අහන්න ලැබුණෙ ඉස්කෝලෙ යන කාලේ ඉස්කෝලෙ තිබුණ තාරකා විද්‍යා සම්මන්ත්‍රණයකදී. ඊට පස්සෙත් කීපතැනකදීම මට මේ වචනේ දකින්න ලැබුණා, මං හිතන්නේ මේක තමයි පාරිභාෂික වචනය. මේකෙන් අදහස් වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා නිහාරිකාවේ යම් කොටසක අණුක සැකැස්ම බිඳවැටී ඒකරාශී වීම. හැබැයි ඇත්තටම මකසි පාවිච්චි කරපු වචනයෙන් මේ සංසිද්ධිය දැන් තියෙනවට වඩා සරලව පැහැදිලි කරන්න පුළුවන් තමයි. මම එතනට අමතර වාක්‍යයක් ඇතුල් කරන්නම්. ස්තූතියි.
අම්මපා හැබෑවටම තරු අයිති වෙන්නේ මොනවටද?
ReplyDeleteඒ ගැන ලිපි පෙලේ ලියවෙයි කියලා හිතනවා.. මොකද අවංකවම මම දන්නෙත් නෑ ඒ ගැන නම්..
මම මධුමාධවීට උත්තරේ දුන්න ඊයේ.. ඒ නැතත් ඊළඟ ලිපියෙ විස්තරය දාන්නම් දිනේෂ් අයියෙ...
Delete//ඇත්තම කිව්වොත් තාරකා ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනෙන් එකකටවත් අයත් වෙන්නේ නැහැ. තාරකා පවතින්නේ ප්ලාස්මා කියන විශේෂ අවස්ථාවක. මොකද මෙතනදි අයනීකරණයක් වෙනවා. ඒ ඇරෙන්න අකුණු, වෙල්ඩින් දැල්ල වගේ ඒවත් අයිති වෙන්නෙ ප්ලාස්මා අවස්ථාවට. මේ එකක්වත් ඝන, ද්‍රව හෝ වායු නෙමෙයි.//
තරු අතර සපෙක්ෂ චලිතයෙදි අප දෙසට හා අපෙන් ඉවතට ගමන් කරන ග්‍රහ වස්තු වල පැහෙයේ වෙනසක් පවතිනව නේද?.(තරංග චලිතයේ ඩොප්ලර් ආචරනය නිසා)
ReplyDeleteඔව් නිම්සර, ඩොප්ලර් ආචරණය නිසා ආකාශ වස්තු වර්ණයේ සුළු වෙනසක් සහිතව අපි දැකිය හැකියි. උදාහරණයක් විදිහට අපිට පුළුවන් නම් ආලෝකයේ වේගයෙන් අභ්‍යවකාශය හරහා යන්න, ඉදිරිපසින් අපිට කිට්ටු වෙන තාරකා නිල් පැහැයෙනුත් (blue shift), පසුපසින් ඈත් වෙන තාරකා රතු පැහැයෙනුත් (red shift) දකින්න ලැබෙන්න පුළුවන්. නමුත් ලිපියේ සඳහන් වෙන්නේ ඒ ඒ තරුවල ස්වභාවික වර්ණ. ඒවා ප්‍රවේගය වගේ බාහිර සාධක වලින් ස්වායක්තයි.
Deletered shift එක ගැන කොළඹ ගමයා බ්ලොග් එකේ පළවුන ලිපියක්:
Deleteවිශ්වයේ දුර මැනීම හා සාක්ෂි සොයා ගැනීම
වැදගත් ලිපියක්. ඉදිරි ලිපිත් ඉක්මනටම දායි කියල හිතනව. ජය වේවා!!!
ReplyDeleteබොහොම ස්තූතියි මනා ඉක්මණින් දාන්නම්...
Deleteblue shift හා red shift ගැන මම ලිපියක් දාල තිබ්බ. වැඩියෙන්ම ලිව්වේ රතු විස්තාරණය ගැන. අවිඳු තාරක ගැන ලියන්නද යන්නේ. මමත් ඊළඟ ලිපි දෙකෙන් පසු නැවත BIGBANG එකට යන්නයි හිතන් ඉන්නේ.
ReplyDeleteෂහ්, මට ඒක අමතක වුණා නෙ... මම දැන් ඒ ලිපියේ ලින්ක් එක දැම්මා නිම්සරගෙ කමෙන්ට් එකට යටින්.
Deleteඔව් මම තාරකා වලින්ම ආකාශ වස්තු ගැන ලියන්න පටන් ගන්නයි හිතුවේ.
මගෙත් big bang ගැන තව එක ලිපියක් ඉතුරුයි මේ ටිකේ වැඩ වැඩි නිසා වෙලාවක් ලැබුණෙ නෑ තාම.. :)
nice,,
ReplyDeletethanks. :)
Deletepatta blog eka bro ada tamai dakke
ReplyDelete