හැඳින්වීමේ ලිපිය මෙතැනින්: අසිරිමත් විශ්වය
විශ්වයේ උපත පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතී. විවිධ යුගයන්හිදී එළි දැක්වුණු මෙම මතවාදයන්ගෙන් සමහර ඒවා පසුකලෙක බිඳ වැටුණු අතර තවත් සමහර ඒවා තවදුරටත් කල්පිත ලෙස පවතියි. මේ අතරින් වර්තමානයේදී ලොව පුරා විද්‍යාඥයන් බහුතරයක් විසින් පිළි ගැනෙන්නේ මහා පිපිරුම් වාදය යි.
විශ්වයේ උපත පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතී. විවිධ යුගයන්හිදී එළි දැක්වුණු මෙම මතවාදයන්ගෙන් සමහර ඒවා පසුකලෙක බිඳ වැටුණු අතර තවත් සමහර ඒවා තවදුරටත් කල්පිත ලෙස පවතියි. මේ අතරින් වර්තමානයේදී ලොව පුරා විද්‍යාඥයන් බහුතරයක් විසින් පිළි ගැනෙන්නේ මහා පිපිරුම් වාදය යි.
වර්ෂය කුමක්දැයි නිශ්චිතව කිව නොහැක. වර්ෂ ගණනය කිරීමේ ක්‍රම පමණක් නොව මිනිසාද, මිනිසාගේ නිවහන වන පෘථිවියද බිහි වීම සිදු වීමට නියමිතව ඇත්තේ තව වසර බිලියන ගණනකින් පසු එළඹෙන ඉදිරි අනාගතයේදී ය. හාත්පස ඇත්තේ ඝන අන්ධකාරය සහ දරාගත නොහැකි තරමේ උෂ්ණත්වයක් පමණි. එහෙත් මේ අන්ධකාරය තුළ පෙර නොවූ විරූ යමක් සිදු වෙමින් තිබේ. ඉතා කුඩා, නමුත් සිතා ගැනීමට නොහැකි තරම් අති විශාල ඝනත්වයකින් යුත් ලක්ෂ්‍යාකාර වස්තුවක් ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙමින් තිබේ. මේ වස්තුව (එය වස්තුවක් ලෙස අර්ථ දැක්විය හැකි නම්) තුළද යම් යම් රසායනික ප්‍රතික්‍රියා සිදු වෙයි. විශාල වස්තුවට සාපේක්‍ෂව කුඩා වස්තූන් ඒ තුළ බිහි වෙමින්, එකිනෙක ඝට්ටනය වෙමින්, විනාශ වෙමින්, නැවත බිහි වෙමින් පවතී. කාලය ගත වී යයි. තත්පර වලින් නොව වර්ෂ මිලියන ගණන් වලිනි. ආරම්භයේදී තිබූ ඝනත්වයෙන් හා උෂ්ණත්වයෙන් වැඩි, ප්‍රමාණයෙන් ඉතා කුඩා වස්තුව වෙනුවට දැන් පවතින්නේ ඝනත්වයෙන් හා උෂ්ණත්වයෙන් අඩු, ප්‍රමාණයෙන් ඉතා විශාල වස්තුවකි. එය තවදුරටත් ප්‍රසාරණය වෙමින් තිබේ. ඒ තුළ පිහිටි සාපේක්‍ෂව ඉතා කුඩා ගෝලාකාර වස්තුවක එක්තරා ආකාරයක බුද්ධිමත් ජීව කොට්ඨාශයක් බිහි වී පරිණාමය වෙයි. 'මනුෂ්‍යයන්' නම් වූ මොවුහු පසු කලෙක 'මහා පිපිරුම් වාදය' සොයා ගනිති.
"මහා පිපිරුම".....
මේ වදන නිසා බොහෝ දෙනෙකු මෙම වාදය පිළිබඳව වැරදි ලෙස වටහා ගනී. විශ්වයේ ආරම්භය 'මහා පිපිරීමක්' මගින් සිදු වුණු බවක් මෙම වාදයෙන් කියැවෙන්නේ නැත. 'මහා පිපිරුම' යන වදන බිහි වූයේ මෙම වාදය සොයා ගත් විද්‍යාඥයාට විරුද්ධ මතධාරී විද්‍යාඥයෙකු විසින් එල්ල කළ ඇනුම්පදයක ප්‍රතිඵලයක් වශයෙනි.
මේ වදන නිසා බොහෝ දෙනෙකු මෙම වාදය පිළිබඳව වැරදි ලෙස වටහා ගනී. විශ්වයේ ආරම්භය 'මහා පිපිරීමක්' මගින් සිදු වුණු බවක් මෙම වාදයෙන් කියැවෙන්නේ නැත. 'මහා පිපිරුම' යන වදන බිහි වූයේ මෙම වාදය සොයා ගත් විද්‍යාඥයාට විරුද්ධ මතධාරී විද්‍යාඥයෙකු විසින් එල්ල කළ ඇනුම්පදයක ප්‍රතිඵලයක් වශයෙනි.
![]() |
෴ජෝජ්ස් ලේමාටර්෴ |
1900-1920 යුගය වන විට විශ්වයේ උපත පිළිබඳව ලොව පුරා පැතිරී තිබූ මතය වූයේ විශ්වය යනු ස්ථිතික ව්‍යුහයක් බවයි. එනම් විශ්වය අතීතයේදී පැවතුණු ආකාරයෙන්ම වර්තමානයේදීත් පවතින බවත්, අනාගතයේදීත් එය නොවෙනස් වන බවත් එකල විශ්වාස කෙරුණි. වෙනකක් තබා ඇල්බට් අයින්ස්ටයින් විසින්ද මෙම මතය පිළිගන්නා ලදී. (එහෙත් පසුව ඔහු විශ්වය ස්ථිතික නොවන බව පිළිගත්තේය.) කෙසේ හෝ මහා පිපිරුම් වාදයට මූලික පදනම වැටෙන්නේ 1912දී වෙස්ටෝ සිල්වර් නම් ගණිතඥයා විසින් සර්පිලාකාර මන්දාකිණියක ඩොප්ලර් ආචරණය නිරීක්ෂණය කිරීමෙනි. මෙහිදී ඔහු සොයා ගනු ලැබූයේ මෙම මන්දාකිණිය කෙමෙන් පෘථිවියෙන් ඈතට ගමන් කරමින් ඇති බවයි. පසුව 1922දී අයින්ස්ටයින්ගේම සාපේක්ෂතාවාදය උපයෝගී කර ගනිමින් ෆ්‍රීඩ්මාන් සමීකරණය ඉදිරිපත් කළ රුසියානු ජාතික විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ෆ්‍රීඩ්මාන් විසින් 'ස්ථිතික විශ්වය' සංකල්පයට එරෙහිව පළමු වෙඩිමුරය දල්වන ලදි. විශ්වය ප්‍රසාරණය වෙමින් ඇති බවට තර්ක කෙරෙන ෆ්‍රීඩ්මාන් සමීකරණය ඇසුරු කරගන්නා බෙල්ජියම් ජාතික කතෝලික පූජකවරයෙකු හා විද්‍යාඥයෙකු වූ ජෝජ්ස් ලේමාටර් මහා පිපිරුම් වාදය ඉදිරිපත් කරන්නේ 1927 වසරේදීය.
මහා පිපිරුම් වාදයට අනුව ආරම්භක අවස්ථාවේදී මුළුමහත් විශ්වයම පැවතියේ ලක්ෂ්‍යාකාර වස්තුවක් ලෙසය. මෙය ලේමාටර් විසින් 'ආදිකල්පික පරමාණුව' (Primeval Atom) ලෙසින් හඳුන්වන ලදී. (වර්තමානයේදී මෙම අවස්ථාව Singularity ලෙසද හැඳින්වේ.) ආරම්භක අවස්ථාවට පෙර කිසිවක් පැවතුණේ නැත. අධික ඝනත්වයකින් හා අධික උෂ්ණත්වයකින් යුතු වූ මේ ලක්ෂ්‍යාකාර විශ්වය ඉතා ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වීම ආරම්භ වූ මොහොතේදීම කාලයද ආරම්භ වුණු බවට අනුමානයන් ඉදිරිපත් කෙරී තිබේ. ආරම්භක අවස්ථාවේදී සහ ඉන්පසු තවත් කාලයක් ගත වන තුරු විශ්වය තුළ පැවතියේ 'හයිඩ්‍රජන් ප්ලාස්මාව' නමින් හැඳින්වෙන උණුසුම්, සුදු පැහැ දුමාරයක් පමණි. කල් යත්ම කෙමෙන් විශ්වයේ ඝනත්වය හා උෂ්ණත්වය අඩු වූ අතර එහි තිබූ ප්‍රෝටෝන (ධන ආරෝපිත උප පරමාණුක අංශු) සහ ඉලෙක්ට්‍රෝන (ඍණ ආරෝපිත උප පරමාණුක අංශු) එක් වී නියුට්‍රෝන (උදාසීන උප පරමාණුක අංශු) බිහි වීම සිදු විය. වසර දහස් ගණනක් තිස්සේ පැවතුණු මෙවැනි සංකීර්ණ රසායනික ක්‍රියාවලීන් සමග කෙමෙන් කෙමෙන් ආකාශ වස්තූන්ද නිර්මාණය විණ.
විශ්වය කොතරම් ප්‍රසාරණය වුවද, ඒ තුළ ඇති ආකාශ වස්තු ප්‍රසාරණය වීමක් සිදු නොවේ. උදාහරණයක් ලෙස අප සිටින ක්ෂීරපථ මන්දාකිණිය සහ අසල්වැසි ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය සැලකුවහොත්, විශ්වය ප්‍රසාරණය වීමේදී මන්දාකිණි දෙක ප්‍රසාරණය වීමක් සිදුවන්නේ නැත. සිදු වන්නේ මන්දාකිණි දෙක එකිනෙකින් ඈත් වීම පමණි. මෙම ක්‍රියාවලිය උඳුනක පිපෙමින් ඇති කේක් ගෙඩියක් තුළ ඇති වියළි මිදි වලට සමාන කළ හැකිය.
මෙම වාදයට අනුකූලව විශ්වයේ අනාගතය ගැන පළ කෙරුණු මත කිහිපයක්ම ඇත. (වාදය සොයා ගත්තේ ජෝජ්ස් ලේමාටර් වුවද, පසුව විවිධ කාල වලදී විවිධ විද්‍යාඥයන් තම අදහස් හා සොයාගැනීම් වලින් එය පෝෂණය කළ බව අවධාරණය කරගත යුතුය.) ඉන් කිහිපයක් පහත දැක්වේ.
- විශ්වය දිගින් දිගටම ප්‍රසාරණය වෙමින් පවතිනු ඇති අතර යම් අවස්ථාවක ප්‍රසාරණය විය හැකි උපරිම සීමාව පසු කරමින් සියළුම ආකාශ වස්තූන්ද සමග බිඳ වැටෙනු ඇත. (මෙය Big Crunch නමින් හැඳින්වේ.) ඉන්පසු එය නැවතත් ආරම්භක අවස්ථාවේදී මෙන් ඝනත්වයෙන් හා උෂ්ණත්වයෙන් ඉහළ තත්ත්වයකට පත් වී මහා පිපිරුම් ක්‍රියාවලිය නැවත පුනරාවර්තනය වනු ඇත.
- විශ්වය දිගින් දිගටම එහෙත් අඩු වන වේගයෙන් ප්‍රසාරණය වෙමින් පවතිනු ඇති අතර එහි අවසානයක් හෝ බිඳ වැටීමක් සිදු නොවනු ඇත. නමුත් තාරකාවන් තම ජීවන අවධි පසු කරමින් ක්‍රමයෙන් නියුට්‍රෝන තාරකා, කළු කුහර හා වාමන තාරකාවන් බවට පත් වනු ඇත. (තාරකා පරිණාමනය ගැන ලිපියක් ඉදිරියේදී) මේවා අතර ඇති වන ඝට්ටනයන් මගින් වඩාත් විශාල කළු කුහර බිහි වී අවසානයේදී කළු කුහර වලින් පමණක් සමන්විත, ශක්තිය කිසිදු ආකාරයකින් සංසරණය කළ නොහැකි, උෂ්ණත්වය නිරපේක්‍ෂ ශුන්‍යයට (කෙල්වින් 0/ සෙල්සියස් අංශක -273) සමාන වූ විශ්වයක් ඉතිරි වනු ඇත. මෙම අවස්ථාව Heat Death ලෙස හැඳින්වේ.
මහා පිපිරුම කල්පිතයක් නොවෙයිද??
ReplyDeleteතවදුරටත් සම්පූර්ණයෙන්ම කල්පිතයක් කියන්න බැහැ, මොකද ලිපියේ අන්තිමට සඳහන් කරලා තියෙන විදිහේ පර්යේෂණ, නියම වලින් වාදය ඔප්පු කරන්න පුළුවන් සාධක හමු වෙලා තියෙනවා. ඒ හින්දම විද්‍යාඥයෝ බහුතරයක් පිළිගන්නේ මේ මතය. නමුත් අනෙක් අතට සම්පූර්ණයෙන්ම නිවැරදියි කියන්නත් බැහැ, දෝෂසහගත තැන් තියෙනවා වගේම සමහර දේවල් වුණේ කොහොමද, එහෙම වෙන්නෙ ඇයි කියල පැහැදිලි කරන්න මහා පිපිරුම් වාදයට හැකියාවක් නැහැ. ඒ හැමදේම දෙවනි කොටසින් දාන්නම්. :)
Deleteතවත් කෙනෙක් අලුත් දෙයක් සොයාගන්නා තුරු....
Deleteපැහැදිලිවම..
Deleteකල්පිතයක් උනත් කල්පිත පරීක්ෂාව පැහැදිලිවම සාර්තකයි.. ඒ කියන්නෙ 100% නිවැරදි ඉදිරිපත් වෙනකන් මේක පිලිගන්න වෙනවා
Deleteඔව්. :)
Delete\\මේ ලක්ෂ්‍යාකාර විශ්වය ඉතා ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වීම ආරම්භ වූ මොහොතේදීම කාලයද ආරම්භ වුණු බවට//
ReplyDeleteඑතකොට මේ ලක්ෂ්‍යාකාර වස්තුව පැවති කාල සීමාව??
//ආරම්භක අවස්ථාවට පෙර කිසිවක් පැවතුණේ නැත.// Singularity අවස්ථාව ආරම්භ වුණු සැනින්ම ප්‍රසාරණයත් ආරම්භ වුණා කියලයි වාදයෙන් කියවෙන්නේ.
Deleteසරලව කිව්වොත්; අවට කිසිම දෙයක් නැහැ. එකපාරටම ලක්ෂ්‍යාකාර වස්තුවක් බිහි වෙලා බොහොම වේගයෙන් ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. ඒ එක්කම කාලයත් ආරම්භ වෙනවා.
නමුත් මේ කතාව පැහැදිලිවම විවාදාත්මකයි. (මම කලින් කමෙන්ට් එකේ කියපු විදිහේ එකක් මනෝෂ් හොයාගත්තා. :D ) විවාදාත්මක ඇයි කියලා දෙවනි කොටසේ ලියලයි තියෙන්නේ. ඉක්මණින්ම දාන්නම්.
එතකොට ඒ ආරම්භක පරමාණුව ඇතිවුනේ කොහොමද කියන එකටත් උත්තරයක් නැ නේද?
DeleteDJ Niraj from FreewareHut
ඔව් නිරාජ්, කොහොමද ඇති වුණේ, කොහෙන්ද ඒකට ශක්තිය, ප්‍රසාරණය පටන්ගත්තේ කොහොමද වගේ ප්‍රශ්නවලට මහා පිපිරුම් වාදය දෙන උත්තර ප්‍රමාණවත් මදි.
Deleteදැනගෙන නොහිටි කරුණු බොහොමයක් දැනගත්තා.
ReplyDelete" ඒ තුළ පිහිටි සාපේක්‍ෂව ඉතා කුඩා ගෝලාකාර වස්තුවක එක්තරා ආකාරයක බුද්ධිමත් ජීව කොට්ඨාශයක් බිහි වී පරිණාමය වෙයි. 'මනුෂ්‍යයන්' නම් වූ මොවුහු පසු කලෙක 'මහා පිපිරුම් වාදය' සොයා ගනිති. "
ඔබේ ලිවීමේ හැකියාව විශිෂ්ටයි.සුභ පතනවා ඔබට.
බොහොම ස්තූතියි ඔබට... :)
Deleteවිශ්වය ගැන හිතීමම ඇති පිස්සු හැදෙන්න. මහා පිපිරීම ඇතිවෙන්න අවශ්‍ය ශක්තිය තිබුණේ ගබඩා වෙලානම්, එතනට ශක්තිය සංකේන්ද්‍රණය වුණේ කොහොමද කියන එකයි පදාර්තය එතනට ආවෙ කොහොමද කියන එකයි මට තියෙන මූලික ප්‍රශ්නය.
ReplyDeleteමගෙ අම්මේ, මනුස්සයෙක් වුනාට හොඳයි පණුවෙක් වෙලා ගහක කොලයක් කාගෙන හිටියානම්.
කියලා වැඩක් නැහැ.. මේක ලිව්වෙත් පුළුවන් තරම් සරල කරලා සමහර සංකීර්ණ කොටස්, සමීකරණ වගේ ඒවා අතෑරලා. මේ වගේ විෂය කරුණු තේරුම් ගන්න අපිට විතරක් නෙමෙයි විද්‍යාඥයින්ටත් අමාරුයි වෙලාවකට..
Deleteආරම්භක අවස්ථාවට කලින් කිසිම දෙයක් පැවතුණේ නැහැ කියලයි වාදයෙන් කියන්නේ. ඒ කියන්නේ ශක්තියවත් තිබිලා නැහැ කලින්. ඒ කතාව අනිත් ඔක්කොටම වඩා ලොකු ප්‍රශ්නයක්..
පණුවෙක් වෙන්නත් වාසනාවක් තියෙන්න ඕනෙ බලාගෙන යනකොට... :D
ඈත එපිට විශ්වය ගැන මනුස්සයට තියෙන කුතුහලය කවදාවත් අහවර වෙන්නේ නැහැ. සමහර විට එකට හේතුව මනුස්සය යනු පිටසක්වලකින් මේ පොලව උඩ ඇතිකරපු ජාතියක් හින්ද වෙන්න ඇති කියල මම පෞද්ගලික ව හිතනවා.
ReplyDeleteපුම පුන්කු, ඊස්ටර් අයිලන්ඩ්, නස්කා වගේ තැන්වල තියෙන අදටත් හිතාගන්න බැරි විදියේ නිර්මාණ දැක්කම මට නම් චාල්ස් ඩාවින්ගේ පර්නාමවාදේ පිළිගන්න බැහැ.
මම කැමතියි මේවා ගැන උඹේ මතය දැනගන්නත්...
ඇත්ත.. ඒ කුතුහලය ඇති වුණේ අද ඊයෙක නෙමෙයි වගේම ඉදිරියේදිත් ඒක පහසුවෙන් මගහැරෙයි කියලා නම් හිතන්න බැහැ. මොකද විශ්වය පිළිබඳව මිනිසාගේ දැනුම තාමත් තියෙන්නේ අතිශය ප්‍රාථමික මට්ටමේ. තව සොයා නොගත් දේවල් බොහොමයි. පහළ කමෙන්ටුවේ විභීෂණයි, යකායි දෙන්නම ඉන්න නිසා මගේ අදහස එතනට ගෙනියන්නම්.
Deleteඒ ඇරෙන්න විභීෂණ කියපු ස්ථාන ගැන වෙනම ලිපි පෙළක් ඉස්සරහට පළ කරන්නයි ඉන්නේ. (නස්කා මිටියාවත ගැන දැනටමත් ලිපියක් ලියල තියෙනවා, කාල පරතරයක් තියාගන්න ඕනෙ නිසයි ටිකක් තියන් ඉන්නේ.)
මේක මෙහෙම තේරුම් ගන්න එක පහසුයි නේද
ReplyDeleteආරම්භයෙදි ශක්ති ගබඩාවක් ලෙස එම ලක්ෂ්‍යය පැවතුනා
පදාර්ථය ඇතිවෙන්නෙ ශක්තියෙන්.සුළු පදාර්ථයක් ගොඩ නගන්න විශාල ශක්තියක් අවශ්‍යයි.මෙය පර්යේශනාත්මකව සනාථ කළ දෙයක්.
ආරම්භයෙදි පැවති අතිවිශාල ශක්තිය තමයි ප්‍රසාරණය වෙන්නේමනය එබඳුයි
ඒ අනුව මහා පිපුරුම තවමත් සිදුවෙනවා.ඒ විතරක් නොවෙයි එය ඒකාකාරව සිදුවෙන්නෙ නැහැ.ඒ කියන්නෙ ආපස්සටත් සිදුවෙනවා.සංකෝචනයක් හා ප්‍රසාරණයක්.එහි නිශ්චිත දිශානතියකුත් නැහැ.
මේ විශය සම්බන්ධව බොහෝ දේ කියවීමෙන් මා බැසගත් නිගමනය එබඳුයි
ඔව් යකා, ඒත් මෙන්න මෙතනදි පොඩි ගැටළුවක් එනවා.
Delete//ආරම්භයෙදි ශක්ති ගබඩාවක් ලෙස එම ලක්ෂ්‍යය පැවතුනා
පදාර්ථය ඇතිවෙන්නෙ ශක්තියෙන්.සුළු පදාර්ථයක් ගොඩ නගන්න විශාල ශක්තියක් අවශ්‍යයි.//
මහා පිපිරුම් වාදයට අනුව එක මොහොතකදී කිසිම දෙයක් පැවතුණේ නැහැ. ශක්තියවත්, පදාර්ථයවත් කිසිම දෙයක් නැහැ. නමුත් ඊළඟ මොහොතේ එකපාරටම ලක්ෂ්‍යාකාර විශ්වයක් හට ගැනිලා ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. මේක හරිම විවාදාත්මකයි. අපි දන්න භෞතික විද්‍යාවට අනුව, "ශක්තිය මැවීමට හෝ නැසීමට නොහැක. කළ හැක්කේ එක් ශක්ති විශේෂයක් තවත් ශක්ති විශේෂයකට පරිවර්තනය කිරීම පමණි." ඒත් මෙතනදි ඒ නියමය බිඳ වැටෙනවා. වාදය පිළිගන්න විද්‍යාඥයෝ මේකට දෙන්නේ හරි සරල උත්තරයක්.. ඒ තමයි යකා මෙතන සඳහන් කරන, වර්තමානයේ පිළිගැනෙන භෞතික විද්‍යාව මහා පිපිරුමේ ආරම්භක අවස්ථාවට ආදේශ කරන්න බැහැ, ඒක අතිවිශේෂ අපගමනයක් ය කියන එක. මගේ අදහස නම් ඒ පැහැදිලි කිරීම ප්‍රමාණවත් මදි. මේක ගැන මීට වඩා කිව්වොත් ලිපියේ දෙවෙනි කොටසට ලියන්න දෙයක් නැති වෙනවා.. :D
විභීෂණගෙ කොමෙන්ටුව දැක්කහම මෙහෙමත් ලියන්න හිතුනා.මිනිසා පෘථිවියට අයත් ජීවියෙක් නොවෙයි.කවදා හෝ දිනක මෙහෙ ඇවිත් මෙහෙ පරිසරයට අනුවර්තනය වෙන්න ඇති.
ReplyDeleteඩාවින්ගෙ මතය ගැන ආපස්සට හිතන්න අපට බැරිද
මිනිසා මහා වානරයන්ගෙන් පරිණාමය වුනා නොවේ.අහසින් ආ යම් ජීවියෙක් පිරිහිලා මහා වානරයන් බවට පත්වුනා වෙන්න බැරිද
මේ පිරිහීම කියන්නෙ කුමන හෝ ක්‍රමයකට පිටසක්වලයන් හා පෘථිවියේ ජීවීන් මිශ්‍ර වීමක් වගෙ දෙයක්.
විද්‍යාඥයන් සම්මත ක්‍රමයෙන් පිට හිතන්න පුරුදුවුනොත් හුඟක් දේවල් හෙළි වේවි.
අනිවා...
Deleteහැමදාම විද්‍යාව දියුණු වුනේ සම්මතයෙන් පිට පැනල හිතපු මිනිස්සු හින්ද.
ඒ හින්ද විද්‍යාව දියුණු වෙන්න නම් අනිවා දැන් ඉන්න විද්‍යාඥ යොත් off road යන්නම වෙනවා .
ඔය පිටසක්වලයන් හා පෘථිවියේ ජීවීන් මිශ්‍ර වුනා කියන කතාවට මාත් එක්තරා දුරකට එකඟයි.
පැහැදිලිවම විභීෂණයි, යකායි හරි වෙන්න පුළුවන්. ඔහොම දෙයක් විද්‍යාත්මකව ඔප්පු වුණොත්.... අපි දන්න, අද තියෙන මේ විද්‍යාව එක රැයින් සම්පූර්ණයෙන්ම කණපිට හරවන්න පුළුවන්. හුඟක් අය ප්‍රධානවම වරද්ද ගන්න තැනක් තමයි අද පවතින භෞතික විද්‍යාවේ මූලික අරටු කියල කියන නිව්ටන්ගේයි, අයින්ස්ටයින්ගේයි නියම සදාකාලිකයි කියල හිතන එක. ඒවා 100%ක් නිවැරදියි කියන මතයේ ඉඳන් ඉස්සරහට යන එක ලොකු වැරැද්දක්. මේවා ඕනම වෙලාවක වරදින්න පුළුවන්. ඊළඟ තත්පරේදි ලෝකෙ කොහේහරි විද්‍යාඥයෙක් මේවා වැරදියි කියල හොයාගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ගොඩක් අය කියන විදියට පිටසක්වළ ජීවියෝ ඇත්තටම පෘථිවියට එනව නම්, (මම කියන්නෙ නැහැ එනවමයි කියලා.) සමහරවිට අයින්ස්ටයින්ගේ "ආලෝකයේ වේගය ඉක්මවිය නොහැක." කියන මතය බිඳ වැටෙන්න පුළුවන්.
Delete//විද්‍යාඥයන් සම්මත ක්‍රමයෙන් පිට හිතන්න පුරුදුවුනොත් හුඟක් දේවල් හෙළි වේවි.
හැමදාම විද්‍යාව දියුණු වුනේ සම්මතයෙන් පිට පැනල හිතපු මිනිස්සු හින්ද.
ඒ හින්ද විද්‍යාව දියුණු වෙන්න නම් අනිවා දැන් ඉන්න විද්‍යාඥ යොත් off road යන්නම වෙනවා .// 100%ක්ම එකඟයි.
යකා, බුදු දහමෙත් ඔහොම දියුණු ජීවියෙක් ඇවිත් පස්සෙ කාලෙක පිරිහිලා ගිය කතාවක් තියෙනව නේද?
ඇත්තටම මානව පරිණාමයෙයි, ශිෂ්ටාචාර ඉතිහාසයෙයි එක තැනක තියෙනවා ලොකු නොගැලපීමක්. අවුරුදු දහස් ගාණකට කලින් දෙවෙනි විභීෂණ උඩ කමෙන්ටුවෙ කිව්ව දේවල්, පිරමීඩ, එල්ලෙන උයන් හදපු තාක්ෂණය අද කෝ? ලංකාවෙ ගත්තොත් රුවන්මැලිසෑය, බසවක්කුලම වැව හදපු තාක්ෂණය ඇයි අද නැත්තේ? කොහේහරි තැනක මොකක් හරි වැරැද්දක් තියෙනවා.
ඒ වගේම විද්‍යා ප්‍රබන්ධ වලත් තියෙනවා හිත් ඇදගන්න අදහස්. අර 2001, 2010, 2061, 3000 සිව් ඈඳුතුවෙ තියෙන දියුණු පිටසක්වළ ජීවී වර්ගයක් පෘථිවියේ ජීවය ඇති කරලා ඒකට මග පෙන්වන කතාව හරි ලස්සනයි.
ඔය අදහසට තරමක් දුරට සමාන අදහසක් නම් දැන් විද්‍යාඥයො පිළිගන්නව නේද. ග්‍රහකයකින් හරි උල්කාපාතයකින් හරි පෘථිවියට ජීවය ලැබුණ කතාව.. මේ තියෙන්නෙ මම ඒක ගැන ලියපු ලිපියක්.
Deleteමිනිසාද පිටසක්වළ ජීවියෙකු නම්...?
විශ්වය ගැන හොයාගෙන යන කරුණු විශ්වය තරමටම විශාලයි කියලා හිතෙනවා.. මම හිතන් හිටියේ මේක එක්තරා විදිහක කල්පිතයක් කියල.. හැබැයි දැන් ඒක සම්පූර්ණයෙන්ම එහෙම නෙමෙයි කියලා හිතෙනවා.. බලමුකෝ ඊගාව ටිකත් කියවලම..
ReplyDeleteමම පට්ටම කැමතියි මේ වගේ ලිපි වලට.
කල්පිතයකුත් නෙමෙයි, 100%ක් ඔප්පු වුණ එකකුත් නෙමෙයි කියන මට්ටමේ තමයි තියෙන්නෙ. හැබැයි අනිත් මතවාද වලට සාපේක්ෂව සෑහෙන ඉදිරියෙන් ඉන්නවා කියන්න පුළුවන්.
Deleteබොහොම ස්තූතියි දිනේෂ් අයියෙ... :)
අපේ ආතත් ඉස්සර මේ ගැන කියුවා
Deleteමහා පිපිරුම් වාදය ගැන? O.o
Deleteතාරක විද්‍යාව මම කැමති විෂයක් නොවුනත් අශාන් ලියන මේ ලිපි නිසාම මේවා දැන් ටික ටික කියවනව.දැන්නම් ඉස්සරට වඩා මේ විෂයට ටිකක් ආසයි. වෙනද වගේම විස්තර ගොඩක් හොයල හොඳ ලිපියක් ලියල :)
ReplyDelete//තාරක විද්‍යාව මම කැමති විෂයක් නොවුනත් අශාන් ලියන මේ ලිපි නිසාම මේවා දැන් ටික ටික කියවනව.දැන්නම් ඉස්සරට වඩා මේ විෂයට ටිකක් ආසයි.//
Deleteඑහෙනම් උත්සාහය සාර්ථකයි. :) හැබැයි මේ වගේ සංකීර්ණ කොටස් නිසා තාරකා විද්‍යාව ගැන උනන්දු අයටත් විෂයය එපා වෙනවා සමහර වෙලාවට..
බොහොම ස්තූතියි හංසි.. :)
/මහා පිපිරුම් වාදය එළි දැක්වී දශක කිහිපයක් ගෙවී යන තුරුත් ඊට එරෙහිව එල්ල වූ විවේචන, අපහාස, උපහාස නිමක් නොවීය//
ReplyDeleteනිව්ලන්ඩ්ස්ට වගේ ද?
මහා පිපිරුම් වාදය ගැන වැඩි තොරතුරු දැනං හිටියේ නෑ.. ස්තුතියි වැදගත් ලිපියට..
ජ ය වේ වා !!!!
ආවර්තිතා වගුවෙ ජෝන් නිව්ලන්ඩ්ස් ද? ඔව්, ඒ වගේම ඔය ලිස්ට් එකට සෑහෙන අයව දාන්න පුළුවන් නේද? ගැලීලි, කෙප්ලර්, එඩිසන්, ෆෝඩ්... වෙනස් දෙයක් කරන හැමෝටම මුලින්ම ලැබෙන්නෙ නින්දා අපහාස..
Deleteබොහොම ස්තූතියි විදානේ... :)
//ආරම්භක අවස්ථාවට පෙර කිසිවක් පැවතුණේ නැත.//
ReplyDeleteදෙවියන් විසින් නිර්මාණය කලා කියන කතාවත්, හින්දූන්ගේ 'ඕම්' ශබ්ධයෙන් සියල්ල පටන් ගත්තා කියන විශ්වාසයත් මෙතනදි මතක් වුනා.
හුඟක් වෙලාවට අතීතය ගැන දැනගන්ට ලේසියි, අනාගතයට වඩා...විශ්වයේ ඒකේ අනික් පැත්ත වගේනේ.
හොඳ ලිපි පෙලක පටන් ගැන්මක්. ආසාවෙන් කියෙව්වා අශාන්.:)
බැලූ බැල්මට නම් පොඩි ආගමික නැඹුරුවක් තියෙනව වගේ නේද? මුලදි ගොඩක් අය මේකට විරුද්ධ වෙන්න හේතුව ඒක.
Deleteඇත්ත, විශ්වයේ අනාගතය උපකල්පනය කරන එක ලේසියි අතීතය ගැන හොයනවට වඩා.. මොකද අපිට ගනුදෙනු කරන්න වෙන්නෙ අවුරුදු බිලියන 14කට කිට්ටු අතීතයක් එක්ක..
බොහොමත්ම ස්තූතියි පොඩි කුමාරිහාමි.. :)
විශ්වය බිහිවෙලා අවුරුදු බිලියන 14ක් පමන වෙනවා කියනවානේ එතකොට ආලෝක වර්ශ බිලියන 14කට එහා පධාර්ථ නැද්ද?
ReplyDeleteනැහැ, ඊට වඩා සෑහෙන්න දුරක පදාර්ථ ඇති. මම අසිරිමත් විශ්වය ලිපියේ ලියපු විදිහට අද වෙනකොට පෘථිවියේ ඉඳන් විශ්වයේ ආසන්නව ආලෝක වර්ෂ බිලියන 46ක විතර අරයක් තියෙන වෘත්තාකාර කොටසක් දකින්න පුළුවන්. නමුත් අපි දකින මේ විශ්වයට වඩා සැබෑ විශ්වය 25 ගුණයක ඉඳන් 1 x 10²³ ගුණයක් විතර දක්වා විශාල වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මිනිසා හොයාගත්ත ඈතින්ම තියෙන මන්දාකිණියට පෘථිවියේ ඉඳන් තියෙන දුර ආලෝක වර්ෂ බිලියන 30ක් විතර වෙනවා මට මතක හැටියට. මේකට ප්‍රධානම හේතුව තමයි විශ්වය ප්‍රසාරණය වෙද්දි ආකාශ වස්තු එකිනෙකින් ඈත් වෙන්නෙ සාපේක්‍ෂ වේගයකින් වීම. විශ්වය ප්‍රසාරණය වෙන වේගය මනින්නේ සාමාන්‍යයෙන් වේගය මනින msˉ¹ ඒකකයෙන් නෙමෙයි ආකාශ වස්තු අතරෙ තියෙන පරතරය මත රඳා පවතින msˉ¹mˉ¹ කියන ඒකකයෙන්. ඉතින් සමහර වෙලාවට ආකාශ වස්තු අතර පරතරය වැඩි වෙන්න වැඩි වෙන්න මේ සාපේක්‍ෂ වේගය (නිරපේක්‍ෂ වේගය නෙමෙයි.) ආලෝකයේ වේගය ඉක්මවා යන්න පුළුවන්.
Deleteඅනික අපි ඉන්නේ විශ්වයේ කේන්ද්‍රයේ නෙමෙයි. තාරකා විද්‍යාත්මකව විශ්වයේ කේන්ද්‍රය කියල දෙයක් නැහැ./ අර්ථ දැක්වෙන්නේ නැහැ. ඒ නිසා ලිපියේ මුල හරියෙ තියෙන "ප්‍රසාරණය වෙන්නැති ස්ථිතික විශ්වය" මොඩලයෙන් බැලුවත් පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ 14ක් ඈතින් විශ්වයේ සීමාව තියෙනව කියල කියන්න බැහැ.
හැබැයි අනිත් අතට අපි දකින කිසිම ආකාශ වස්තුවක වයස නම් අවුරුදු බිලියන 14 ඉක්මවා යන්න විදිහක් නැහැ.
මම දන්නෙ නෑ උත්තරය පැහැදිලිද කියලා. මේකෙ දෙවෙනි ලිපිය දැනටමත් ලියලයි තියෙන්නේ, ඒකෙ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය ගැන කොටසෙ සම්පූර්ණ ඡේදයක දීර්ඝව මේ සංසිද්ධිය විස්තර කරල තියෙනවා. :)
'පැන්ස්පර්මියාවාදය' ගැනත් පෝස්ට් එකක් දාන්න බ්‍රෝ... ඔයා මොකද හිතන්නෙ ඒ ගැන...?
ReplyDeleteඅනිවාර්යයෙන්ම ලියන්නම් සහෝදරයා. පැන්ස්පර්මියා මතය ජීවය බිහිවීමට නේද ගොඩක් සම්බන්ධ.. :) ඒක සෑහෙන විද්‍යාත්මකයි. මේ මම අවුරුදු කීපෙකට කලින් ලියපු පැන්ස්පර්මියාවාදයට සම්බන්ධ ලිපියක්..
Deleteමිනිසා ද පිටසක්වළ ජීවියෙකු නම්...?
එවිට මුලින්ම ශක්තිය බිහි වූයේ ලක්ශකාර විශ්වය තුලද??
ReplyDelete