Friday, November 13, 2015

නිරීක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩ කළ WT1190F

බොහෝදෙනා උනන්දුවෙන් බලා සිටි WT1190F මුහුදට කඩා වැටීම අවසානයේදී සිදු වූයේ නැත. විද්‍යාඥයන් ගණනය කළ දිශානතියෙන්ම, ගණනය කළ වේලාවට ආසන්න වේලාවකදීම පෘථිවි වායුගෝලයට ඇතුළු වූ මේ ආකාශ වස්තුව ඉහළදීම ගිනිගෙන විනාශ වී ගියේය.

Wednesday, November 11, 2015

නොවැම්බර් 13 වනදා ශ්‍රී ලංකා මුහුදට වැටෙන ආකාශ වස්තුව කුමක්ද?


පසුගිය ඔක්තෝබර් 3 වනදා ඇරිසෝනාවේ පිහිටි කැටලිනා ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ සේවයේ නියුතු විද්‍යාඥයෝ පෘථිවිය දෙසට ඇදී එමින් ඇති හඳුනා නොගත් ආකාශ වස්තුවක් (UFO) නිරීක්ෂණය කළහ. මෙම ආකාශ වස්තුව මීට පෙරද 2009 හා 2013 වසරවලදී දුරේක්ෂවලට හසුවී තිබුණු අතර ඒ ඒ අවස්ථාවන්හිදී පිළිවෙලින් 9U01FF6, UDA34A3 සහ UW8551D ලෙස නම් කෙරී තිබිණි.

Monday, November 2, 2015

හැලොවීන් සැමරීමට අභ්‍යවකාශයෙන් ආ මිනිස් හිස්කබල


හැලොවීන් යනු එංගලන්තය හා අයර්ලන්තය වැනි රටවල බිහිවී පසු කලෙක ලෝකය පුරාම ජනප්‍රිය වුණු, මෑත කලකදී පෙරදිග රටවලටද ව්‍යාප්ත වුණු උත්සවයකි. කෙල්ටික (Celtic) රටවල අස්වනු නෙලීමේදී පැවැත්වුණු උත්සව පසු කලෙක ක්‍රිස්තියානිකරණය වීමෙන් හැලොවීන් උත්සවය බිහිවන්නට ඇතැයි සැලකේ. සෑම වසරකම ඔක්තෝබර් මස 31 වනදා පැවැත්වෙන මෙම උත්සවය සැමරෙන්නේ මිනිසුන් බොහෝවිට භූත අවතාර, රාක්ෂයින්, සොම්බීස් වැනි භයංකර චරිත ආකාරයට වෙස්වළා ගැනීමෙන් සහ ඒ ආශ්‍රිත නිර්මාණයන් ප්‍රදර්ශනය කිරීමෙනි. ඒ හැර වර්තමානයේදී කාටූන් චරිත, සුපිරි වීර චරිත ආදියද මෙම වෙස්වළා ගැනීම් අතර බහුලව දැකිය හැකිය.