Tuesday, December 30, 2014

විකිරණ දඩයම්කරුවෝ

මීට පෙර පළවූ මහා පිපිරුම සනාථ කළ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය ලිපිය මගින් අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය පිළිබඳව පැහැදිලි කෙරිණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ කටයුතු කිරීම සඳහා විවිධ වර්ෂයන්හිදී විවිධ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයන් මගින් චන්ද්‍රිකා කිහිපයක්ම උඩුගුවනට යවා ඇති බවද ලිපිය අවසානයේදී සඳහන් කරන ලදී. මේ එහි සවිස්තර විවරණය යි.

අභ්‍යවකාශ ඉතිහාසයේ ඉහත පරිදි අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම නිරීක්‍ෂණය කිරීම සඳහා අභ්‍යවකාශගත වූ චන්ද්‍රිකාවන් ගණන තුනකි. මෙම චන්ද්‍රිකා තුනෙහිම මෙහෙයුම් මේ වනවිට නිමා වී තිබේ.

Monday, December 15, 2014

බ්‍රිතාන්‍යය සලිත කළ අත්භූත පිපිරුම් හඬ

මීට සති දෙකකට පමණ පෙර, පසුගිය නොවැම්බර් 29 සෙනසුරාදා දින රාත්‍රියේ ට්විටර් සමාජ ජාලය හදිසියේම පිරී ඉතිරී ගියේ තමන්ට අභිරහස් පිපිරුම් හඬ කිහිපයක් අසන්නට ලැබුණු බව පවසමින් එන්ගලන්ත වැසියන් විසින් #loudbangs, #omgwereallgoingtodie වැනි හෑෂ්ටැග්ස් සමග පළකරන ලද ට්වීට් සටහන් වලිනි. ලන්ඩනයේ සිට ග්ලාස්ගෝ, බටහිර සසෙක්ස්, බෙඩ්ෆෝර්ඩ්ෂයර්, උතුරු ඩෙවොන් වැනි ප්‍රදේශ දක්වා වූ විශාල වපසරියකට ශ්‍රවණය වූ මේ පිපිරුම් හඬ හේතුවෙන් සමහර ස්ථානයන්හි වීදුරු ජනේල, දොරවල් දෙදරා ගිය බවද, සුරතල් සුනඛයින් භීතියෙන් වියරු වැටුණු බවද වාර්තා විය. රාත්‍රී 10 - 10.30 පමණ වද්දී මෙම සිදුවීම් පෙළ වාර්තා වුණි. සති දෙකක් ඉක්ම ගොස් තිබේ. සැබැවින්ම සිදුවූයේ කුමක්ද? ස්වභාවික සංසිද්ධියක්ද? රජයේ රහස් මෙහෙයුමක්ද? එසේත් නැතිනම් සමහරුන් කියනා ආකාරයට මිනිසා එලෙස අත්දුටුවේ යම් පිටසක්වළ යානයක ආගමනයද?

Wednesday, December 10, 2014

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව - මේ වැසි සමය යි!

උල්කාපාත වර්ෂාවන් අතර රජු ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ වාර්ෂික ආගමනයට නියමිත කාලය එළඹ තිබේ. සෑම වසරකම දෙසැම්බර් මස 4 - 17 දින කාල පරාසය තුළ සක්‍රීය වන මෙම උල්කාපාත වර්ෂාව මෙවර දෙසැම්බර් 13 දින රාත්‍රියේ සහ 14 දින අළුයම එහි උපරිමයට (peak time) ළඟා වෙයි.

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව තාරකා විද්‍යා ලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත්ව ඇත්තේ එය ලොව පුරා ඕනෑම ස්ථානයකට දර්ශනය වීමත්, අනෙකුත් උල්කාපාත වර්ෂාවන්වලදීට වඩා විශාල උල්කා සංඛ්‍යාවක් පැහැදිලිව හා ඉතාමත් අලංකාරව දැකගත හැකි වීමත් නිසා ය. වර්ෂාව උපරිම අවස්ථාවට එළඹෙන දෙසැම්බර් 13 - 14 රාත්‍රියේ එක පැයකදී උල්කා 120ක් පමණ විවිධ වර්ණ වලින් කඩා හැලෙනු දිස් වනු ඇත.

Monday, December 1, 2014

මහා පිපිරුම සනාථ කළ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය

"විල්සන්, මම රේඩියෝ සංඥා ග්‍රහණය අයින් කළා. ඒත් තාමත් රේඩාර් සංඥා නම් අහුවෙනව වගේ."

"පුළුවන් තරම් අනිත් සංඥා කපාහරින්න ඕන. නැත්නම් අපිට අවශ්‍ය චන්ද්‍රිකාවෙ රේඩියෝ තරංග හසුකරගන්න වෙන්නෙ නෑ. ඒක බොහොම දුර්වල සංඥාවක්."

"හරි. උෂ්ණත්වය කෙල්වින් 4 දක්වා සුසර කළා. දැන් අපේ සංඥාව ලැබිය යුතුයි."

"රිසීවරයෙන් අමුතු ශබ්දයක් එන්නෙ ඇයි? අපිට අවශ්‍ය සංඥාව මීට වඩා බොහොම දුර්වල එකක්."

"ඇත්ත. මොකක්ද මේ? පරෙවියන්ගෙ ශබ්දෙ ද නැත්නම් ඇන්ටනාවෙ දෝෂයක් ද?"

Tuesday, November 18, 2014

ඔබ අහසේ දකින්නේ වර්තමානය නොවේ!

අහස දෙස බලන්න. දහවල් කාලයේදී නම් ඔබ සූර්යයා දකිනු ඇත. රාත්‍රී කාලයේ නම් චන්ද්‍රයා සහ තාරකා දකිනු ඇත. ඔබත්, මමත් එලෙස පියවි ඇසින් ආකාශ වස්තූන් නරඹන අතරතුරේ විද්‍යාඥයන් අති ප්‍රබල දුරේක්ෂ ආධාරයෙන් ඒවා නිරීක්‍ෂණය කරනු ඇත. එහෙත්... ඔවුනුත්, අපත් බලා සිටින්නේ ඒ ඒ ආකාශ වස්තූන්හි වර්තමානය දෙස නොව අතීතය දෙස බව ඔබට කෙදිනකවත් සිතුණාද?

Wednesday, November 5, 2014

විශ්වයේ උපත: මහා පිපිරුම් වාදය

හැඳින්වීමේ ලිපිය මෙතැනින්: අසිරිමත් විශ්වය

විශ්වයේ උපත පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතී. විවිධ යුගයන්හිදී එළි දැක්වුණු මෙම මතවාදයන්ගෙන් සමහර ඒවා පසුකලෙක බිඳ වැටුණු අතර තවත් සමහර ඒවා තවදුරටත් කල්පිත ලෙස පවතියි. මේ අතරින් වර්තමානයේදී ලොව පුරා විද්‍යාඥයන් බහුතරයක් විසින් පිළි ගැනෙන්නේ මහා පිපිරුම් වාදය යි.

Tuesday, October 28, 2014

වසරකට පසු - ප්‍රථම වර්ෂ පූර්ණය

මන්දාකිණියෙන් ඔබ්බට පිය නගන සංචාරය ආරම්භ කොට වසරක් ගත වී ඇති බවට මෙලෙසින් සටහන් තබන්නේ ඉමහත් සතුටිනි. අධ්‍යාපන කටයුතු නිසාවෙන් මාස 12ක් තිස්සේ බ්ලොග් අඩවිය ලිපි 13කට පමණක් සීමා වුවද , (ඔක්තෝබර් මසට පෙර පළ වී තිබුණේ ලිපි 10කි.) ලිපි කියැවූ වාර ගණන දසදහසකට ආසන්න වීමද සතුටට කාරණයකි. බ්ලොග් අඩවියේ ආරම්භය සහ මෙතෙක් ආ මග පිළිබඳව ලිවීමට සුදුසුම අවස්ථාව මෙය යි.

Tuesday, October 21, 2014

අසිරිමත් විශ්වය

"තාත්තේ, මොනවද අර අහසෙ තියෙන ලස්සන පුංචි බෝල?"

"ඒ තමයි පුතේ තරු. ඉර මාමා හවසට ගෙදර ගියාම එයාලා අහසට එනවා."

"ඇයි ඒ? එයාල ඉර මාමට බය ද??"

ඒ ඔබේත්, මගේත් ළමා කාලයයි. පාසල් අවධිය ඇරඹීමටත් පෙර සිටම අපි රාත්‍රී අහස දෙසට නෙත් යොමු කළෙමු. දැනුම් තේරුම් නැති කාලයේදී  හඳ මාමා ගෙනෙන කිරි පැණි, හඳේ හාවා, තරු නැන්දා සහ තරු මාමා ගැන කතා අසමින් සතුටු වූයෙමු. මේ අපට දැනුම් තේරුම් ඇති කාලයයි. එහෙත්... අද අප රාත්‍රී අහස ගැන දන්නේ මොනවාද? පිළිතුරු දීමට වඩාත් පහසු වන ලෙස ප්‍රශ්නය ඇසුවහොත්, අද අප රාත්‍රී අහස ගැන නොදන්නේ මොනවාද?

Tuesday, October 14, 2014

දෙදරා ගිය තුන්ගුස්කාව

මේ උදෑසන කාලයයි. සයිබීරියාවේ පිටිසරබද ප්‍රදේශයකි. මහා ජල කඳක් උසුලා ගත් තුන්ගුස්කා ගංගාව නිහඬව ගලා බසිනු පෙනේ. ගංගාවට එපිටින් ඇත්තේ විශාල වනාන්තරයකි. මෙපිටින් සාරවත් ලෙස තිරිඟු වගා කළ ගොවිබිමකි. ගොවියන් කිහිපදෙනෙකු යුහුසුළුව යම්කිසි කාර්යයක නිරතව සිටිනු දිස් වේ. කාලය ගත වෙයි. එක්වරම සුළං කපාගෙන යන ශබ්දයක් ඇසේ. තම වැඩකටයුතු මදකට නතර කරන ගොවීහු විමතියෙන් වටපිට බලති. තත්පර කිහිපයක් නිහඬවම ගෙවී යයි. ඊළඟ මොහොතේ ඇසෙන්නේ අතිවිශාල වූත්, බිහිසුණු වූත් පිපුරුම් ශබ්දයකි! මහපොළොව දෙදරා යයි. අධි පීඩන තරංග දසත පැතිරේ. ඇති වන පීඩනය දරා ගත නොහැකිව සමබරතාව ගිලිහෙන ගොවීන් කිහිපදෙනා පුළුන් කැබලි මෙන් ඈතට විසි වී යනු දර්ශනය වෙයි. 




Sunday, October 5, 2014

පියවරක් ඉදිරියට...


මාස 10ක් ගත වී තිබේ. නොවැළැක්විය හැකි හේතූන් නිසා සම්පූර්ණ කාලය තුළ අඛණ්ඩව ලිපි පළ කළ නොහැකි වුවද, මේ ආ මග තුළ මන්දාකිණියෙන් ඔබ්බට වටා එක් වූ පිරිස බොහෝ ය. ලැබූ ප්‍රතිචාර බොහෝ ය.

බ්ලොග් අඩවියේ පෙර තිබූ ස්වරූපය දැන්  සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව ඔබ දකින්නට ඇත. බාහිර ස්වරූපයේ පමණක් නොව අඩවි අන්තර්ගතයේද වෙනසක් ඉදිරියේදී සිදුවන බව දැනුම් දෙනුයේ සතුටිනි.           

Friday, June 27, 2014

"මම ඔබ දෙස විමසිල්ලෙන් බලා සිටිමි."

අඟහරු වටා කක්ෂගත වී භූමිය පිරික්සීමේ අරමුණින් යුතුව නාසා ආයතනයේ Viking-1 යානය දියත් වූයේ 1976 දීය. තම ඉලක්කයට ළඟා වූ Viking යානාව පෘථිවි පාලක මැදිරිය වෙත අඟහරු පෘෂ්ඨයේ ඡායාරූප එවීම ආරම්භ කරන ලදී. මේවා එකින් එක පිරික්සන ව්‍යාපෘති භාර විද්‍යාඥයන් ගල් ගැසී ගියේ එහි තිබූ එක් ඡායාරූපයක් දැකීමෙනි. සැතැපුම් 2ක පමණ දිගින් යුතු වූ අතිවිශාල මිනිස් හිසක් අඟහරු භූමිය මත තිබිණ! එහි දෑස් කෙලින්ම යොමු වී තිබුණේ Viking යානයේ කැමරාව දෙසටය!!





Wednesday, April 9, 2014

සැබැවින්ම පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද?

අද වනවිට ඉතාමත් ජනප්‍රිය විෂය ක්ෂේත්‍රයක් වී ඇති පිටසක්වළ ජීවය පිළිබඳව හැදෑරීම මිනිසුන් තුළ ඇති කර ඇත්තේ නොසන්සිඳෙන කුතුහලයකි. එමෙන්ම මෙය නවතම සිද්ධි වාර්තා වීම්, නව සොයා ගැනීම්, උණුසුම් මතවාද හා තර්ක විතර්ක මගින් නිරන්තරව යාවත්කාලීන වන විෂයයක් බවට පත් වී ඇත. 20 වන ශතවර්ෂයේ සිට වර්තමානය දක්වාම විද්‍යාඥයන් විසින් විවිධාකාර තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් විවිධ ආකාරයේ පර්යේෂණ කර ඇතත් තවමත් මෙම පිටසක්වළ ජීවීන් පිළිබඳව කිසිදු පැහැදිලි තොරතුරක් සොයා ගත නොහැකි වී තිබීම එක් අතකින් පුදුමයට කරුණකි.

Saturday, March 1, 2014

මිනිසා ද පිටසක්වළ ජීවියෙකු නම්...?

පිටසක්වළ ජීවය පිළිබඳව වූ විෂය ක්‍ෂේත්‍රය මූලික වශයෙන් සරල හා සංකීර්ණ ලෙස කොටස් 2 කට බෙදා වෙන් කර දැක්විය හැකිය. හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම්, අත්භූත ජීවීන් දර්ශනය වීම් සහ වෙනත් පැහැදිලි කළ නොහැකි, අබිරහස් සිදුවීම් ආදිය ඉහත සඳහන් කළ සරල කොටසට අයත් වන අතරේ සංකීර්ණ කොටස ජීවයෙන් සපිරි වෙනත් ග්‍රහලෝක සොයා දියත් කෙරෙන පර්යේෂණ මෙහෙයුම්, විශ්වයේ අඳුරු පදාර්ථ නිරීක්ෂණය, යම් ග්‍රහලොවක ජීවයක් හට ගත හැකි ආකාර පිළිබඳව කෙරෙන පරීක්ෂණ, පිටසක්වළ බුද්ධිමතුන් සමග සන්නිවේදනයේ යෙදීමේ අරමුණින් යුතු ව්‍යාපෘතීන් ආදියෙන් සමන්විත වේ.

Friday, February 7, 2014

සත්‍යයත් අසත්‍යයත් අතරින් අතුරුදහන් වූ ආගන්තුකයා



රාත්‍රිය උදා වී ඇති බැවින් මුළු මාර්ගයම පාළු බවක් උසුලයි. එකදු මිනිසෙක්වත් දක්නට නැත. ඉඳහිට වාහනයක් දෙකක් මංසන්ධිය හරහා ඒ මේ අත යයි. එක්වරම ඉදිරිපසින් මංසන්ධිය වෙත අධික වේගයකින් පැමිණෙන්නේ ලොරි රථයකි. ඒ සමගම වම්පසින් බයිසිකල් රික්ෂෝවක් මංසන්ධියට ඇතුල් වෙයි. බයිසිකල් රික්ෂෝව අධික වේගයකින් යුතුව ඉදිරියට එන ලොරි රථයේ හැපී සුණුවිසුණු වී යාමට මොහොතකට පෙර දකුණුපසින් රික්ෂෝව දෙසට විදුලි එළියක් වැනි යමක් පැමිණේ. රික්ෂෝව අසලදී එම විදුලි එළිය මිනිස්රූපී ජීවියෙකු බවට පත් වෙයි! රික්ෂෝව දෙසට අතක් දිගු කරන මේ තැනැත්තා රික්ෂෝවත් සමග එතැනින් අතුරුදහන් වන්නේ ලොරිය හා රික්ෂෝව එකිනෙක ගැටීමට ඔන්න මෙන්න තිබියදීය.

Saturday, January 4, 2014

ලොව කැළඹූ බර්මියුඩා ත්‍රිකෝණය


ලෝක සිතියමක් ගෙන එහි පුවටෝ රිකෝ දිවයිනුත්, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි මයාමි නගරයත්, බර්මියුඩා දූපතත් එකිනෙකට යා කිරීමෙන් ත්‍රිකෝණයක් ලැබේ. මේ බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය (Devil's Triangle) යි.

ලොව තවමත් නොවිසඳුණු අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්‍රිකෝණාකාර මුහුදු කලාපය තුළ වර්තමානය වන විට අතුරුදන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්‍රමාණය ගණනින් සිය ගණනකි.