Tuesday, October 28, 2014

වසරකට පසු - ප්‍රථම වර්ෂ පූර්ණය

මන්දාකිණියෙන් ඔබ්බට පිය නගන සංචාරය ආරම්භ කොට වසරක් ගත වී ඇති බවට මෙලෙසින් සටහන් තබන්නේ ඉමහත් සතුටිනි. අධ්‍යාපන කටයුතු නිසාවෙන් මාස 12ක් තිස්සේ බ්ලොග් අඩවිය ලිපි 13කට පමණක් සීමා වුවද , (ඔක්තෝබර් මසට පෙර පළ වී තිබුණේ ලිපි 10කි.) ලිපි කියැවූ වාර ගණන දසදහසකට ආසන්න වීමද සතුටට කාරණයකි. බ්ලොග් අඩවියේ ආරම්භය සහ මෙතෙක් ආ මග පිළිබඳව ලිවීමට සුදුසුම අවස්ථාව මෙය යි.

Tuesday, October 21, 2014

අසිරිමත් විශ්වය

"තාත්තේ, මොනවද අර අහසෙ තියෙන ලස්සන පුංචි බෝල?"

"ඒ තමයි පුතේ තරු. ඉර මාමා හවසට ගෙදර ගියාම එයාලා අහසට එනවා."

"ඇයි ඒ? එයාල ඉර මාමට බය ද??"

ඒ ඔබේත්, මගේත් ළමා කාලයයි. පාසල් අවධිය ඇරඹීමටත් පෙර සිටම අපි රාත්‍රී අහස දෙසට නෙත් යොමු කළෙමු. දැනුම් තේරුම් නැති කාලයේදී  හඳ මාමා ගෙනෙන කිරි පැණි, හඳේ හාවා, තරු නැන්දා සහ තරු මාමා ගැන කතා අසමින් සතුටු වූයෙමු. මේ අපට දැනුම් තේරුම් ඇති කාලයයි. එහෙත්... අද අප රාත්‍රී අහස ගැන දන්නේ මොනවාද? පිළිතුරු දීමට වඩාත් පහසු වන ලෙස ප්‍රශ්නය ඇසුවහොත්, අද අප රාත්‍රී අහස ගැන නොදන්නේ මොනවාද?

Tuesday, October 14, 2014

දෙදරා ගිය තුන්ගුස්කාව

මේ උදෑසන කාලයයි. සයිබීරියාවේ පිටිසරබද ප්‍රදේශයකි. මහා ජල කඳක් උසුලා ගත් තුන්ගුස්කා ගංගාව නිහඬව ගලා බසිනු පෙනේ. ගංගාවට එපිටින් ඇත්තේ විශාල වනාන්තරයකි. මෙපිටින් සාරවත් ලෙස තිරිඟු වගා කළ ගොවිබිමකි. ගොවියන් කිහිපදෙනෙකු යුහුසුළුව යම්කිසි කාර්යයක නිරතව සිටිනු දිස් වේ. කාලය ගත වෙයි. එක්වරම සුළං කපාගෙන යන ශබ්දයක් ඇසේ. තම වැඩකටයුතු මදකට නතර කරන ගොවීහු විමතියෙන් වටපිට බලති. තත්පර කිහිපයක් නිහඬවම ගෙවී යයි. ඊළඟ මොහොතේ ඇසෙන්නේ අතිවිශාල වූත්, බිහිසුණු වූත් පිපුරුම් ශබ්දයකි! මහපොළොව දෙදරා යයි. අධි පීඩන තරංග දසත පැතිරේ. ඇති වන පීඩනය දරා ගත නොහැකිව සමබරතාව ගිලිහෙන ගොවීන් කිහිපදෙනා පුළුන් කැබලි මෙන් ඈතට විසි වී යනු දර්ශනය වෙයි. 




Sunday, October 5, 2014

පියවරක් ඉදිරියට...


මාස 10ක් ගත වී තිබේ. නොවැළැක්විය හැකි හේතූන් නිසා සම්පූර්ණ කාලය තුළ අඛණ්ඩව ලිපි පළ කළ නොහැකි වුවද, මේ ආ මග තුළ මන්දාකිණියෙන් ඔබ්බට වටා එක් වූ පිරිස බොහෝ ය. ලැබූ ප්‍රතිචාර බොහෝ ය.

බ්ලොග් අඩවියේ පෙර තිබූ ස්වරූපය දැන්  සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව ඔබ දකින්නට ඇත. බාහිර ස්වරූපයේ පමණක් නොව අඩවි අන්තර්ගතයේද වෙනසක් ඉදිරියේදී සිදුවන බව දැනුම් දෙනුයේ සතුටිනි.