ලෝක සිතියමක් ගෙන එහි පුවටෝ රිකෝ දිවයිනුත්, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි මයාමි නගරයත්, බර්මියුඩා දූපතත් එකිනෙකට යා කිරීමෙන් ත්‍රිකෝණයක් ලැබේ. මේ බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය (Devil's Triangle) යි.
ලොව තවමත් නොවිසඳුණු අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්‍රිකෝණාකාර මුහුදු කලාපය තුළ වර්තමානය වන විට අතුරුදන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්‍රමාණය ගණනින් සිය ගණනකි.
ඉන් සිදුවීම් කිහිපයක් ලෙස,
- 1945 දෙසැම්බර් 5 දින Flight 19 ගුවන් බලගණය අතුරුදහන් වීම සහ PBM Mariner යානාවක් පුපුරා යාම.
- 1948 ජනවාරි 29 දින Star Tiger ගුවන් යානය අතුරුදහන් වීම.
- 1963 අගෝස්තු 28 දින KC-135 වර්ගයේ ගුවන් යානා 2 ක් අතුරුදහන් වීම.
- 1999 අප්‍රේල් 14 දින ටොන් 450 ක Genesis භාණ්ඩ ප්‍රවාහන නෞකාව අතුරුදහන් වීම.
- 1999 ජූනි 14 දින Cessna 210 ගුවන් යානය අතුරුදහන් වීම.
දැක්විය හැකිය.
මෙම ප්‍රදේශය තුළ සිදු වී ඇති අතුරුදන් වීම් සංඛ්‍යාව කොතෙක්ද යත් වර්තමානය වන විට ලොව බොහෝ රටවල් තම ගුවන් යානා හා නෞකා වලට බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කිරීමට සීමා පනවා ඇති අතර ලොව ප්‍රකට රක්ෂණ සමාගම් සියල්ලම පාහේ මේ හරහා සිදු කෙරෙන ගුවන් ගමන් හා මුහුදු ගමන් රක්ෂණය කිරීම අත්හිටුවා තිබේ. බර්මියුඩාවේ විශේෂත්වය වන්නේ ගුවන් යානා හා නැව් අතුරුදහන් වීම නොව එම අතුරුදහන් වීම් කිසිවකට නිශ්චිත හේතුවක් සොයා ගත නොහැකි වීම යි. මෙතෙක් සිදු වූ සෑම සිදුවීමක් සඳහාම ඉදිරිපත් කෙරී ඇත්තේ යම් යම් අනුමාන කිරීම් පමණි. මේ අනුමානයන් ද එකිනෙකට පරස්පර විරෝධී ය. තවමත් ඒ ඒ මත දරන විද්‍යාඥයෝ ඒ ඒ පිල් වලට බෙදී වාද කර ගනිති. මෙවැනි ප්‍රසිද්ධ මත කිහිපයක් පහත සඳහන් වේ.
1. සජල මීතේන් සිද්ධාන්තය Methane Gas Hydrates Theory
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත මුහුදු පත්ලේ විශාල මීතේන් නිධියක් පිහිටා ඇති බව මේ වනවිට සොයා ගෙන තිබේ. මීතේන් යනු සරල ඇල්කේනයකි. මුහුදු පත්ලේ මීතේන් නිධිගත වී ඇත්තේ වායු මළු (gas pockets) ආකාරයටය. සමහර අවස්ථා වලදී අධික පීඩනය හේතුවෙන් මෙම වායු මළු පිපිරී මීතේන් විශාල වශයෙන් මුහුදු ජලය හා මිශ්‍ර වේ. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ මුහුදු ජලයේ ඝනත්වය එක්වරම පහළ බසියි. එවිට මුහුද මතුපිට යාත්‍රා කෙරෙමින් ඇති ඕනෑම බෝට්ටුවක් හෝ නෞකාවක් තත්පර 10 කට අඩු කාලයකදී ගිලී යා හැක. ඒ ආකාරයටම මීතේන් වායුව විශාල වශයෙන් වාතය හා මුසු වීමෙන් වායුගෝල ඝනත්වය අඩු වී අහසේ පියාසර කෙරෙමින් ඇති ගුවන් යානා වායු කලාපය තුළ ගිලී යයි. (එනම් කඩා වැටේ.) ඊට අමතරව වාතයේ මීතේන් සාන්ද්‍රණය වැඩි වී, ඉන්ධන දහනයට අවශ්‍ය ඔක්සිජන් හිඟ වීමෙන් ගුවන් යානා එන්ජින් අක්‍රීය වීමද සිදු විය හැකිය.
2. ගල්ෆ් දියවැල් සිද්ධාන්තය Gulf Stream Theory
ගල්ෆ් දියවැල යනු ලොව දීර්ඝතම දියවැල් වලින් එකකි. සැතපුම් 60 ක් පළලැති, තත්පරයට අඩි 8 ක පමණ වේගයෙන් ගලා යන මෙහි ගමන් මාර්ගය බර්මියුඩා ත්‍රිකෝණයේ කොටසක් හරහා වැටී තිබේ. මෙම මතය දරන්නන්ගේ තර්කය වනුයේ යම් යම් හේතූන් නිසා මුහුදට කඩා වැටෙන ගුවන් යානා වල හා ගිලී යන නැව් වල සුන්බුන් කිසිවක් සොයා ගත නොහැකි වන්නේ ඒවා ගල්ෆ් දිය වැලට හසුව මුහුදේ ඈත ප්‍රදේශයන් වෙත ගසාගෙන යන නිසා බවයි.
3. රෝග් දිය රැළි සිද්ධාන්තය Rogue Waves Theory

4. හරිකේන් සුළි කුණාටු සිද්ධාන්තය Hurricane Storm Theory
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව සුලභ වශයෙන් හරිකේන් කුණාටු හට ගනී. වර්තමාන තාක්ෂණය අනුව මෙවැනි කුණාටුවක් ඇති වීමට සතියකට පමණ පෙර ඒ පිළිබඳව අනතුරු ඇඟවිය හැකි වුවද 50, 60, 70 ආදී දශක වල එවන් පහසුකම් නොතිබිණ. දරුණු හරිකේනයක් අතරමැද ඇති වන Micro Burst තත්ත්වයකදී (මෙහිදී සිදු වන්නේ කුණාටුවේ මධ්‍ය කොටස ඉහළ ඇති වාතය පහළට උරාගෙන එම වාතය එක්වරම දෙපසට විහිදුවා හැරීමයි. මෙලෙස විහිදී යන සුළං ධාරා වලට දැවැන්ත වෘක්ෂයක් මුලින් උදුරා දැමිය හැකිය.) ඊට මැදි වන නෞකා හෝ ගුවන් යානා වලට අත් වන්නේ ඛේදජනක ඉරණමකි.
5. චුම්බක ක්ෂේත්‍ර බලපෑම් සිද්ධාන්තය Electromagnetic Aberration Theory
පෘථිවිය සතුව ඇති චුම්බක ක්ෂේත්රය විටෙක අසාමාන්‍ය හැසිරීම් දක්වයි. සාමාන්‍යයෙන් මාලිමාවක දර්ශකය සෑම විටම චුම්බක උතුරට දිශාගත වී පැවතුණද, පෘථිවියේ සමහර ස්ථාන වලදී දර්ශකය වෙනත් දිශා වලට හැරේ. සමහර විට කිසිදු දිශාවකට නොහැරේ. භෞතිකමය සංසිද්ධීන් නිසාද මාලිමා දර්ශක මෙවැනි හැසිරීම් රටා දක්වන බව මේ වනවිට සොයා ගෙන තිබේ. උදාහරණයක් ලෙස ගෝබි කාන්තාරය දැක්විය හැකිය. ගෝබි කාන්තාරයේ කඳු වල ඇති පාෂාණ අධික ලෙස චුම්බක ගුණ දරන බැවින් එවැනි කඳු අසලදී මාලිමා දර්ශකය හැරෙනුයේ චුම්බක උතුර දෙසට නොව කන්ද දෙසටය. බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතවද පෘථිවි චුම්බක ක්ෂේත්රයේ යම් අසාමාන්‍යතාවක් තිබිය හැකි බවත්, එනිසා අහස් යානා හා නැව් වල දිශාව සොයන උපකරණ දෝෂ සහගත වී ඔවුන් මංමුළා වන බවත් සමහර විද්‍යාඥයෝ පවසති.
6. ඇට්ලාන්ටිස් පැහැර ගැනීම් සිද්ධාන්තය Atlantis Abduction Theory
මෙය තරමක් පිළි ගැනීමට අපහසු මතයකි. ඈත අතීතයේදී ඉතා දියුණු ශිෂ්ටාචාරයක්ව පැවතුණු ඇට්ලාන්ටිස් නගරය යම් හේතුවක් නිසා ක්‍රිස්තු පූර්ව 9600 දී සම්පූර්ණයෙන්ම මුහුදුබත් විය. මේ වනවිට මෙම නගරයේ සුන්බුන් මුහුදු පත්ළේ තිබී හමු වී තිබේ. (ඇට්ලාන්ටිස් නගරය පිළිබඳ ලිපියක් පසුව පළ වනු ඇත.) මෙම මතය දරන්නන්ගේ අදහස වනුයේ ඇට්ලාන්ටිසය විනාශ වුවද, එහි ජීවත් වූවන් තමන් සතු වූ අතිශය දියුණු තාක්ෂණික දැනුම ආධාරයෙන් දිවි ගලවා ගත් බවයි. ඔවුන්ගේ අදහස අනුව එම ශිෂ්ටාචාරය මේ වනවිටත් මුහුදු පත්ළේ හෝ ඊටත් පහළ පෘථිවි ස්ථරයක පවතී. ක්‍රිස්තු පූර්ව යුගයේදී ඒ සා දැනුමකට උරුමකම් කියූ ඇට්ලාන්ටිසයන් වර්තමානය වනවිට විද්‍යා හා තාක්ෂණ දැනුමෙන් සාමාන්‍ය මිනිසා අභිබවා බොහෝ දුර ගොස් ඇති බවත්, මෙම ගුවන් යානා හා නෞකා අතුරුදහන් වීම් පසුපස සිටින්නේ ඇට්ලාන්ටිස් වැසියන් බවත් මොවුහු විශ්වාස කරති.
7. කාල-අවකාශ තරණ සිද්ධාන්තය Space-time Continuum Theory
නවීන තාරකා හා අභ්‍යවකාශ විද්‍යාවේ පවතින වැදගත්ම සංකල්පයක් ලෙස "පණු කුහර" (Worm Holes) හැඳින්විය හැකිය. ප්‍රායෝගිකව තවමත් මෙවැන්නක් හෝ මෙවැන්නක් නිර්මාණය කරන ආකාරයක් සොයා ගෙන නොතිබුණද, මේවා පැවතිය හැකි බව බොහෝ විද්‍යාඥයෝ තර්ක කරති. සරලව පැහැදිලි කළහොත්, කාලය හරහා හෝ අවකාශය හරහා ගමන් කළ හැකි නළයක හැඩැති මාර්ගයක් පණු කුහරයක් ලෙස අර්ථ දැක්වේ. මෙවැනි නළයක දෙපස විවරයන් දෙක A හා B යැයි සිතමු. ඔබ A විවරයෙන් නළයට ඇතුළු වුවහොත් B විවරයෙන් පිට වන්නේ A විවරයට ආලෝක වර්ෂ සියයක් හෝ දහසක් ඈතින් පිහිටි විශ්වයේ වෙනත් ස්ථානයකට හෝ සමාන්තර විශ්වයකට විය හැකිය. නැතිනම් A විවරය තිබෙන ස්ථානයේම B විවරයද පිහිටා තිබිය හැකි අතර එවිට ඔබ B විවරයෙන් පිට වන්නේ A විවරයෙන් ඇතුළු වූ ස්ථානයේම අතීතයට හෝ අනාගතයට ය! එනම් පණු කුහරය හරහා ගමන් කිරීමේදී ඔබ විසින් අවකාශය හෝ කාලය තරණය කොට ඇත. මෙම මතය උද්දීපනය කිරීමට සමත්, ප්‍රබල හා ඇසූවන් කිළිපොළා යැවූ සිදුවීමක් 1964 වසරේ ජූනි 7 දින බර්මියුඩා ත්‍රිකෝණ කලාපයේදී සිදු විය.

8. පිටසක්වළ බාධා කිරීම් සිද්ධාන්තය Extraterrestrial Interruption Theory

- බර්මියුඩා ත්‍රිකෝණයේ දී සිදු වන අතුරුදහන් වීම් අසාමාන්‍ය හා අත්භූත ස්වරූපයක් ඉසිලීම.
- අතුරුදහන් වූ කිසිදු ගුවන් යානයක/ නැවක සුන්බුන් හමු නොවීම.
- බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත ප්‍රදේශයේ හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම් බහුලව වාර්තා වීම.
(රාත්‍රී කාලයේදී මෙම මුහුදු ප්‍රදේශය ඉහළ අහසේ විවිධ අසාමාන්‍ය ආලෝක පුංජයන් දක්නට ලැබෙන බව ද, දහවල් කාලයේදී මුහුදේ සිට ඉහළට එසවී අධි වේගයෙන් ඉහළ අහසට යන වස්තූන් දක්නට ලැබෙන බවද කියැවේ.)
පිටසක්වළ ජීවීන් බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් ගන්නා අහස් යානා හා නෞකා මිනිසුන් සමගම පැහැර ගෙන ගොස් පෘථිවිය පිළිබඳ අධ්‍යයනය කිරීමට යොදා ගනු විය හැකි බව හෝ බර්මියුඩා ප්‍රදේශයේ ඇති පිටසක්වළ ජීවීන්ට සම්බන්ධ යම් දෙයක් මිනිසුන් ට හෙළි වීම වැළැක්වීමේ අරමුණින් ගුවන් යානා හා නැව් විනාශ කරනු ලබන බව මෙම මතධාරීහු අනුමාන කරති.
ඉහත සඳහන් මත වලට අමතරව, බර්මියුඩා මුහුදු කලාපයේ වාසය කරන, මෙතෙක් හඳුනා නොගත් අති දැවැන්ත සත්ත්වයෙක් (ලොක්නෙස් විලේ නෙසී වැනි) නිසා ගුවන් යානා හා නැව් අනතුරට ලක් වනු විය හැකි බවටද මත පළ කෙරේ.
කෙසේ වුවද මේ සියල්ලම හුදෙක් අනුමාන කිරීම් ය. යම් දිනෙක බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස සම්පූර්ණයෙන්ම හෙළිදරව් වන තුරු කළ හැකි එකම දෙය වනුයේ ඉහත සඳහන් මත වලින් වඩාත් නිවැරදි යැයි තමන්ට හැඟෙන මතය භාර ගැනීම පමණි.
මෙවුවා මහ රෑ දාන්න එපා මල්ලියෝ... බයයි නේ... :ඪ්
ReplyDeleteවෙනදා වගේම වැදගත් පෝස්ටුවක්. උඩ තියෙන බලුබ් වැල නම් කියවීමට තරමක බාධාවක් මලේ.... බල්බ් වැල සිරස් අතට පැත්තකින් එල්ලන්ට බැරිවෙයිද?
:D මේකෙ බය හිතෙන ඒවා තියෙනවද? එහෙනම් sorry.... :D
Deleteබොහොම ස්තූතියි අක්කේ.... :)
බල්බ් වැල ටිකක් ලොකුයි නේද? :/ dimensions වෙනස් කරන්න වෙලාවක් තිබුණේ නෑ.. කමක් නෑ දැන් new year ඉවරයිනේ, ඔන්න ඒවා ඔක්කොම අයින් කළා.... :)
fatta fata fata bro
ReplyDeleteThank you..! :)
Deleteනියම ලිපියක් සහෝ.. මම නම් කැමති මේ වගේ දේවල් ගැන දැන ගන්න.. ඒත් ඇත්තටම මේ ගැන හරියටම දැන ගන්න දවසක් එයිද කියන එක ගැන විශ්වාසයක් තියන්න අමාරු වුනත් බලාගෙන ඉන්නවා..
ReplyDeleteඅර ඇට්ලාන්ටිස් ලිපිය ඉක්මනින්ම දාමු..
බොහොම ස්තූතියි සහෝදරයා... :) ඇත්තෙන්ම ඔව්... අපි පෘථිවියේ බුද්ධිමත්ම ජීව විශේෂය කියල හැඳින්වුවත්, තවමත් අපි නොදන්නා දේ බොහොමයි... සමහරවිට බර්මියුඩාව පිටිපස්සේ තියෙන රහස මෙතන තියෙන කරුණු වලින් එකක්වත් නොවී පිළිගන්න අපහසුම මට්ටමේ දෙයක් වෙන්නත් පුළුවන්...
Deleteඉක්මණින් දාන්නම්... :)
විශ්වයේ අභිරහස් ගැන තවම අභිරහස් ලෙසම පවතී. වටිනා ලිපියක්
ReplyDeleteබොහොම ස්තූතියි...! :)
DeleteVery informative for knowledge seekers.
DeleteThank you. :)
Deleteමන්දාකිණියෙන් ඔබ්බට විසිවෙලා ගියා බං මේක කියවලා. මගේ මොලේ ගෙවිලා දැන්. බරපතල දේවල් ග්රහනය කරගන්න බැහැ. උඹ දිගටම ලියපන්..මේ විෂයට කැමති අය ඉන්නවා.
ReplyDeleteඑහෙනම් පණිවිඩයක් දාන්න වෙනවා "කරුණාකර මෙම ලිපිය කියවන විට seat belt දමා ගන්න." කියලා... :D
Deleteබොහොම ස්තූතියි අරූ අයියේ දිරිමත් කිරීමට.. :)
"පණු කුහර" (Worm Holes) මේක මම කියවලා තියෙන්නේ නම් කළු කුහර විදිහට. ටයිපින් මිස්ටේක් ද දන්නෙ නැහැ
ReplyDeleteමම නම් ආසම විෂයක්, වටිනා ලිපියක්
නැහැ. :) පණු කුහරයක් සහ කළු කුහරයක් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වස්තු 2 ක්. හිතාගන්න බැරි තරම් අධික ස්කන්ධයක් පුංචි ලක්ෂ්‍යයක් පමණ දක්වා සංකෝචනය වීමෙන් තමයි කළු කුහරයක් හැදෙන්නේ.. (බොහෝ විට අති විශාල තරු තමයි අවසානයේ කළු කුහරයක් බවට පත් වෙන්නේ.) මේ හින්දම කළු කුහරයක ගුරුත්වාකර්ෂණ බලය අති ප්‍රබලයි. (ආලෝකය පවා උරා ගන්නවා.) ඒත් පණු කුහරයක් කියන්නේ හදිසියේ ඇති වෙන/නැති වෙන, සමහර විට සිව්මාන/ පංචමාන තලයකට වුණත් විහිදෙන්න පුළුවන් උමගක් වගේ ව්‍යුහයක්. ඒ වගේම ප්‍රවාහන මාධ්‍යයක්. වැදගත්ම දේ තමයි, කළු කුහර ඇත්තටම පවතිනවා කියලා හොයාගෙන තියෙනවා. ඒත් පණු කුහරය තවමත් සංකල්පයක් විතරයි. :)
Deleteබොහොම ස්තූතියි. දිගටම එන්න.. :)
ස්තූතියි අශාන්. ඔයා කියනකල්ම මං මේ දෙක එකක් විදිහටයි හිතාගෙන හිටියෙ
Delete:)
Deleteගොඩක් වටිනවා ලිපිය. දිගටම ලියන්න.. අද තමා දැක්කේ ...thanks...
Deleteහොඳ විස්තරයක්.... ස්ටාර් ගේට් සංකල්ප ගැනත් කරුණු හොයල බලන්න.. අර පොළොන්නරුවේ තියෙන එක වගේ...
ReplyDeleteබොහොම ස්තූතියි...! අනිවාර්යයෙන්ම ලියන්නම්.. :)
Deleteගොඩාක් අය ආසා කරන වර්ගයේ ලිපි තියන බ්ලොගයක්. මගේත් ආසාම විෂයක්. ගොඩක් ස්තූති ලිපියට. දැන් කියවන්න වෙලාවක් නැති වුනත් බුක් මාර්ක් එකක් දාගත්තා කියවන්න. දිගටම ලියන්න. සුභපැතුම්.
ReplyDeleteබොහොම ස්තූතියි.! මේ මාස කීපයේ ටිකක් කාර්යබහුල නිසා මාසෙකට එක ලිපියක් ගාණේ තමයි දාන්න වෙන්නේ... :/ anyway, දිගටම එන්න.. :)
Deleteආස කරන ලිපි පෙළක්. මුල ඉඳන් කියවන්න වෙයි වාගේ.
ReplyDeleteඅනිවාර්යයෙන්ම කියවන්න... :)
Deleteඅහම්බෙන් ආවත් ආසාම විෂයපථයක් නිසා බොහොම ඕනෑකමෙන් කියෙව්වා. දිගටම හරවත් යමක් ලියන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා සෙනෙහසින් සුබ පතනවා පුතා ඔයාට.
ReplyDeleteබොහොම ස්තූතියි...! :) :)
Deleteනියම පොස්ට් එක මචන්. බොහොම ස්තූතියි.
ReplyDeleteස්තූතියි..! :)
Deleteවටින ලිපියක් වගේම.. කියවන්න ආස හිතෙන කතාවක් :)
ReplyDeleteබොහොම ස්තූතියි... :)
Deleteගොඩක් විස්තර හොයල ලිව්වා ලිපියක් වගේ.කියවන්න ආස හිතෙන විදිහට ලියල.පුදුමයි ලෝකය මෙච්චර හිතාගන්න බැරිතරම් දියුණු වෙද්දී තාම මේක අබිරහසක් වෙලා ...
ReplyDeleteබොහොම ස්තූතියි හංසි.. :) රෝග් දියරැළි කතාව එහෙම මාත් දැනගත්තේ බොහොම මෑතකදි..ඇත්ත, කොච්චර දියුණු වුණත් තවමත් විද්‍යාවට පැහැදිලි කරන්න බැරි දේ බොහොමයි...
Deleteඅහම්බෙන් හමුවුණේ... පුළුල් දැනුමක්! නිර්මාණශීලී වැඩක්! ඉක්මනින් තව ලිපි දාන්න.
ReplyDeleteබොහොම ස්තූතියි ශශී.. දිගටම එන්න...
Deleteමමත් වැරදිලා වගේ මෙතනට අවේ, නියම ලිපි ටික, මම විස්වාස කරනවා ඉස්සර ලියවුනු පොත් වල තියෙන දේවල් අර පොලව යට ලෝකය වගේ, ඒ දේවල් ඇත්තම සිද්දි කියල, අට්ලන්ටික් කතාව වගේම මායන් සිස්ටචර ගැනත් ලොකු විස්තරයක් ඕනේ, තව පිරමිඩ, ස්ටාර්ගේට් , අර ඉසුරුමුණියේ තියෙන්න ඇති කියල සැක කරන්නේ, මේ ව ගැනත් ලිපි දාන්න
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා සමීන්.
Deleteඔව් ඒව ඇත්ත වෙන්නත් පුළුවන්. ඉඩ ලැබෙන වෙලාවට ඉදිරියේදි පළ කරන්නම්. දිගටම එන්න. :)
ඇට්ලාන්ටිස් නගරය කියන්නේ ලංකාවේ කොටසක් කියලයි මං අහලා තියෙන්නෙ. රාවණා පරමාණු බෝම්බ අත්හදා බලන්න ගිහින් මුහුදු බත් උනා කියල අහල තියෙයි.
ReplyDeleteපුරාවෘත්තවලට අනුව ඇට්ලාන්ටිස් කියන්නෙ බටහිර අත්ලාන්තික් සාගරයේ තිබුණ දේශයක්. නමුත් දැන් මේ පුරාවෘත්තය බොරුවක් වෙන්න පුළුවන් කියලයි පිළිගැනෙන්නෙ.
Deleteඅඩේ නියම පෝස්ට් එක බ්‍රෝ....
ReplyDeleteජය වේවා...!!!
බොහොම ස්තූතියි.. :)
Deleteහොඳ ලිපියක්
ReplyDeleteස්තූතියි. :)
Delete