මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළමු ලිපිය පළවී අද දිනට වසර දෙකක් ගතවන බව දැනුම් දී සිටින්නේ ඉතාමත් සතුටිනි.
Friday, October 30, 2015
Tuesday, October 20, 2015
දමනය (පස්වන කොටස)
'දමනය' යනු බස්සිගෙ නවාතැන බ්ලොග් අඩවියේ යශෝධා සම්මානි ප්‍රේමරත්න සොයුරිය විසින් කොටස් දෙකක් වශයෙන් ලියා පළකරන ලද කෙටිකතාවකි. එබැවින් කතාවේ පූර්ණ අයිතිය ඇය සතුවේ. පසුව දමනය මුල් කතාවේම දිගුවක් ලෙස තවත් කොටස් දෙකක් ඉවාන් පවුලූෂා සහ තුශානි විසින් ඔවුන්ගේ බ්ලොග් අඩවිවල ලියා පළකරන ලදී. එහි පස්වන කොටස වෙනත් කෝණයකින්, විද්‍යා ප්‍රබන්ධයක් ආකාරයට ලිවීමට සිතුවෙමි. මෙයින් කතාවේ රසයට හා ගලායෑමට හානියක් වී ඇත්නම් සමාව ඉල්ලා සිටීමට ද කැමැත්තෙමි.
Posted by
Ashan De Costa
at
11:09:00 AM
Labels:
විද්‍යා ප්‍රබන්ධ,
විශේෂ,
වෙනත්
Location:
Colombo, Sri Lanka

Wednesday, October 7, 2015
නිහාරිකා - ඇරඹුමත් අවසානයත් එතැන ය.
විශ්වයේ ඇති සුන්දරතම ආකාශ වස්තුව කුමක්දැයි ඇසුවහොත් බොහෝ තාරකා විද්‍යා ලෝලීන්ගේ පිළිතුර වන්නේ නිහාරිකාව හෙවත් නෙබියුලාව යි. ඉතා වර්ණවත්, අලංකාර හැඩවලින් යුක්ත වූ නිහාරිකාව දුහුවිලි, හයිඩ්රජන්, හීලියම් හා ප්ලාස්මාවෙන් සමන්විත වූ වළාකුළු වැනි ව්‍යූහයකි. විවිධ දීප්තිමත් වර්ණවලින් යුතු දුමාරයක් ලෙස ඡායාරූපවල සටහන් වන නිහාරිකා අභ්‍යවකාශයේ ඇති අනෙකුත් බොහෝ ආකාශ වස්තූන් මෙන්ම ප්‍රමාණයෙන් අතිදැවැන්ත වන අතර බොහෝවිට ආලෝක වර්ෂ සියගණනක විශ්කම්භයකින් යුතු වේ.
Posted by
Ashan De Costa
at
12:30:00 PM
Labels:
ආකාශ වස්තු,
තාරකා,
තාරකා විද්‍යා,
නිහාරිකා,
විශ්වය
Location:
Colombo, Sri Lanka
