"අමුතුම හැඩයකින් යුතු වස්තූන් කිහිපයක් ඉහළ අහසේ ගමන් ගනිමින් තිබුණා. මේවා අධික වේගයකින් ගමන් කළත් කිසිදු ශබ්දයක් නිකුත් වූයේ නැහැ.""මගේ ගුවන් යානය පසුපස අති දීප්තිමත් ගෝලාකාර ආලෝකයක් හඹා එමින් තිබුණා. විනාඩි කිහිපයක් පුරාවට ගුවන් යානය ඉලක්ක කරගෙනම පැමිණි මේ අභිරහස් ආලෝකය ඊළඟ මොහොතේදී අතුරුදන් වුණා."
"දහවල් කාලයකදී මෙන් හාත්පස ඒකාලෝක කරමින් විශාල යානයක් ගෙවත්තේ නවතා තිබුණා. එක්වරම ඉන් පිටතට ඇරුණු දොරක් වැනි යමකින් මා කිසිදාක දැක නොමැති ආකාරයේ ජීවීන් කිහිප දෙනෙක් එළියට පැමිණියා."




