Sunday, October 5, 2014

පියවරක් ඉදිරියට...


මාස 10ක් ගත වී තිබේ. නොවැළැක්විය හැකි හේතූන් නිසා සම්පූර්ණ කාලය තුළ අඛණ්ඩව ලිපි පළ කළ නොහැකි වුවද, මේ ආ මග තුළ මන්දාකිණියෙන් ඔබ්බට වටා එක් වූ පිරිස බොහෝ ය. ලැබූ ප්‍රතිචාර බොහෝ ය.

බ්ලොග් අඩවියේ පෙර තිබූ ස්වරූපය දැන්  සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව ඔබ දකින්නට ඇත. බාහිර ස්වරූපයේ පමණක් නොව අඩවි අන්තර්ගතයේද වෙනසක් ඉදිරියේදී සිදුවන බව දැනුම් දෙනුයේ සතුටිනි.           



මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය මූලික වශයෙන් පිටසක්වළ ජීවය හා ඊට අමතරව පොදුවේ තාරකා විද්‍යාව වෙනුවෙන් වෙන් කරන ලද්දක් වුවද, මෙතෙක් පළ වූ ලිපි සියල්ලම පාහේ පිටසක්වළ ජීවයට පමණක් සීමා වීම එක් අතකින් බලන කල අඩුපාඩුවක් විය. එනිසා මින්පසු විටින් විට තාරකා විද්‍යාත්මක ලිපි ද මෙහි පළ වනු ඇත. කලෙකදී සංවර්ධිත රටවලට පමණක් සීමා වී තිබී දැන් දෙවන හා තෙවන ලෝකයේ රටවලට ද ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින තාරකා විද්‍යා විෂයය ලංකාවේ ද ප්‍රචලිත කිරීමට යම් පමණකින් හෝ දායක වීමට ලැබීම ම මහඟු භාග්‍යයකි. එහෙත් එම මෙහෙවරෙහි යෙදෙනු ලබන පළමුවැන්නා මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය නොවේ. එහි ලා පුරෝගාමීත්වය ගත්, ශ‍්‍රී ලංකාවෙන් ලොවට බිහි වූ ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයන්, ස්වාධීන පර්යේෂකයන් හා තාරකා විද්‍යා ලේඛකයන් ගෞරවයෙන් යුතු ව සිහිපත් කළ යුතුමය.

එපමණක් නොව, මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළ වන ලිපි වලට අමතරව ඉදිරියේදී මන්දාකිණියෙන් ඔබ්බට ෆේස්බුක් පිටුව හරහා සතියකට වරක් තාරකා විද්‍යාත්මක සංසිද්ධි, ආකාශ වස්තු, අභ්‍යවකාශ යානා ආදිය පිළිබඳව ඡායාරූපයක් හා කෙටි විස්තරයක් ඇතුළත් "සතියේ ඡායාරූපය" නම් වූ විශේෂාංගයක් ආරම්භ කිරීමට ද කටයුතු යොදා තිබේ. බ්ලොග් අඩවියේ ඕනෑම පාඨකයෙකුට ඕනෑම අවස්ථාවක වම්පස ඉහළ ඇති විජෙට්ටුව හරහා පහසුවෙන් ෆේස්බුක් පිටුව වෙත පිවිසිය හැකිය.   

ඉතින්... එක් වන්න... මන්දාකිණියෙන් ඔබ්බට පිය නගන්නට.....  

10 comments:

  1. වටින වැඩක්! සුභපැතුම් මලයා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අක්කේ.. :)

      Delete
  2. අදයි මේ පැත්තට ගොඩවුනේ ... පිටසක්වළ ජීවය , තාරකා විද්‍යාව ගැන විස්තර දැන ගන්න දිගටම එන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුශානි.. අනිවාර්යයෙන්ම එන්න.. :)

      Delete
  3. ඔන්න මමත් ආව මන්දාකිනියෙන් ඔබ්බට පිය නගන්න :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හංසි.. :) අද විතරක් නෙමෙයි ඉස්සරහටත් එන්න.. :D

      Delete
  4. මං හරි ආසයි විශ්වයගැන කියවයන්න
    එස් එම් බන්ධුසීල පරිවර්තනය කරපු හුගක් පොත් වැඩියෙන්ම ආතර් සී ක්ලාක් මහත්මයගෙ පොත් කියවල තියෙනව...
    ඒව කතන්දර ඒක වෙනම කාරියක් ඒත් ඒවයිනුත් දැනුමක් ලැබෙන්නෙ නැකියල කියන්න බෑ නෙහ්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මම එස්. එම්. බන්ධුසීල මහත්මයාගෙ 2001 පොත මුලින්ම කියෙව්වේ 3 වසරෙදී.. කියෙව්වට තේරුණේ නෑ වැඩි හරියක්.. :D එදා ඉඳන් අද වෙනකම් ආතර් සී. ක්ලාක් මහත්මයා මම කැමතිම ලේඛකයන් 3 දෙනාගෙන් එක්කෙනෙක්. :) පැහැදිලිවම.. ඒවා කතන්දර කියල කියන්න බැරි තරමටම තාත්විකයි..
      බොහොම ස්තූතියි.. :)

      Delete
  5. හොඳ වැඩක්. මටත් මේ අදහස තිබුණා. මා තාරකා විද්‍යාව පිලිබඳ MSc එකක් ගිය අවුරුද්දේ කලා. නමුත් සිංහලෙන් මුකුත් ලියන්න තරම් භාෂා දැනුම මදි වගක් හැඟෙනවා.ඔබගේ ප්‍රයත්නයට සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. හඳුනගන්න ලැබීම සතුටක්.. :) ඉඩක් තියෙනවා නම් සරල බස් වහරකින් වුණත් කමක් නෑ ලියන්න.. ඒක තමයි හොඳම ක්‍රමය විද්‍යාව නොදන්න අය අතරටත් විෂයය ගෙනියන්න.. මමත් ඉඳහිට තවමත් විද්‍යාත්මකව ඔප්පු නොකරපු, සරලම මට්ටමේ සිදුවීම් ගැනත් ලිපි පළ කරන්නේ (හැබැයි ඒ කතා වල තියෙන අවිනිශ්චිත බව ගැන ලිපියේම සඳහන් කරනවා.) ඒ නිසා..
      බොහොම ස්තූතියි..! :)

      Delete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...