
2006 වර්ෂයේ ජනවාරි 19 දින කැනවරල් තුඩුවේ සිට Atlas V රොකට්ටුවක් ආධාරයෙන් අභ්‍යවකාශගත කෙරුණු New Horizons නාසා ආයතනය මගින් ප්ලූටෝ හා කුයිපර් පටිය (Kuiper Belt) ගවේෂණය කිරීමට යැවූ ප්‍රථම යානාව යි. වසර දහයකට ආසන්න කාලයක් වැය කරමින්, කිලෝමීටර බිලියන 7.5ක පමණ දුරක් ගෙවා ප්ලූටෝ වෙත ළඟා වූ New Horizons මෙතෙක් සිදු කළ වේගවත්ම අභ්‍යවකාශ ව්‍යාපෘතිය හා තම මූලික ඉලක්කයට ළඟා වීමට වැඩිම දුරක් ගමන් කළ යානය ලෙස ඉතිහාසගත විය. කෙසේ වුවද මෙය ප්ලූටෝ මතට ගොඩබසින හෝ ඒ වටා කක්ෂගත වන යානාවක් නොවන අතර ප්ලූටෝ අසලින් ගමන් කළ එය මේ වනවිට උල්කා හා වල්ගා තරු ට්‍රිලියනයක් පමණ ඇතැයි සැලකෙන කුයිපර් පටිය අධ්‍යයන කටයුතු ආරම්භ කරමින් සිටී. (ප්ලූටෝ පිහිටා ඇත්තේද කුයිපර් පටිය තුළය.)
ප්ලූටෝ පෘථිවියට ඉතා ඈතින් පිහිටා ඇති නිසාම මෙහෙයුම ආරම්භයේදී ඒ පිළිබඳව විද්‍යාඥයන් සතුව තිබූයේ සීමිත දැනුමකි. මේ නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ ඉතා අනතුරුදායක තත්වයන් යටතේ ය. ප්ලූටෝගේ එතෙක් සොයා නොගත් චන්ද්‍රයෙකු හා New Horizons ගැටීමට ඇති අවදානම ඉතා ඉහළ විය. (2006 දී යානය අභ්‍යවකාශගත කරන විට විද්‍යාඥයන් දැන සිටියේ ප්ලූටෝ සතුව චාරොන්, නික්ස් සහ හයිඩ්‍රා යන නමින් චන්ද්‍රයන් තිදෙනෙකු සිටින බව පමණි. ස්ටික්ස් හා කර්බරොස් යන චන්ද්‍රයන් දෙදෙනා සොයාගනු ලැබුවේ New Horizons ප්ලූටෝ වෙත ගමන් කරමින් සිටින අතරවාරයේ ය.)
New Horizons විසින් පෘථිවියට එවන ලද දත්ත වලින් අනාවරණය කරගත් තොරතුරු කිහිපයක් පහත දැක්වේ.
- ප්ලූටෝ හි විෂ්කම්භය කිලෝමීටර 2370 කි. මෙය පෘථිවිය මෙන් 1/5 ක් පමණ වේ.
- ප්ලූටෝ පෘෂ්ඨය සෙල්සියස් අංශක -225ක් වැනි ඉතා අඩු උෂ්ණත්වයකින් යුක්ත වන අතර එම නිසා නයිට්රජන් හා මෙතේන් අයිස් බවට පත් වී එහි මතුපිට ස්ථර ලෙස පවතී.
- දළ වශයෙන් මීටර 3500ක පමණ උසකින් යුතු කඳු හා කඳුවැටි ප්ලූටෝ මත ඇත.
෴ New Horizons මගින් ලබාගත් ප්ලූටෝහි අධි විභේදන ඡායාරූප෴
New Horizons යානාවේ මෙහෙයුම් කටයුතු අවසාන වූ පසු එය පිටසක්වළ බුද්ධිමත් ජීව විශේෂයකට පෘථිවිය පිළිබඳව පණිවුඩයක් ලබා දීමට යොදා ගැනීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන්ද අදහස් පළ කෙරී තිබේ. (මෙය තවමත් ස්ථිර වී නොමැති අතර නාසා ආයතනයේ අනුමැතිය ලබාගැනීම සඳහා යොමු කර ඇත. ) One Earth Message නම් වූ මෙම ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ වොයේජර් යානාවන්හි සවි කළ මෙවැනිම පණිවුඩ අඩංගු තැටි නිර්මාණය කිරීමට මුල් වූ ජෝන් ලොම්බර්ග් ය. ඒ අනුව නාසා ආයතනයේ අනුමැතිය ලැබුණහොත් මෙගාබයිට 150ක ධාරිතාවයකින් යුතු විශේෂ පණිවුඩයක් යානය වෙත උඩුගත (upload) කෙරෙනු ඇති අතර තමන්ට පැවරුණු මෙහෙයුම සාර්ථකව අවසන් කළ පසු New Horizons පණිවුඩයද රැගෙන නව ක්ෂිතිජයන් සොයා ඈත අභ්‍යවකාශය වෙත ගමන් ආරම්භ කරනු ඇත.
විශේෂ කරුණු:
- New Horizons මගින් ප්ලූටෝ හා එහි චන්ද්‍රයන් පිළිබඳව එක්රැස් කරගත් සියළුම දත්ත පෘථිවිය වෙත එවීමට මාස 16ක කාලයක් ගත වේ.
- ප්ලූටෝ සොයාගත් ක්ලයිඩ් ටොම්බෝගේ අළු ස්වල්පයක් ඔහුට කෙරෙන ගෞරවයක් වශයෙන් New Horizons යානාව තුළ තැන්පත් කර ඇත.
මූලාශ්‍ර:
උඹත් නිකං ප්ලෙූටෝ වගේ තමා. සෑහෙන කාලයක් යනවා මේ අහලිං යන්න. ඕබිට් එකේ ලොකු කම තමා ඉතිං. අනිකා තමයි නිමෝ. අහුවෙයව්කො!
ReplyDeleteහහා සෑහෙන වැඩ කන්දරාවකට අහුවෙලා හිටියේ මධුමාධවී. exams, assignments ආපහු exams. දැන් තමයි වෙලාවක් ලැබුණේ. නියම උපමාව හැබැයි. හහාහා! :D
Deleteමෙයාටත් ඉතින් ලිපියක් ලියන්න නම්, New Horizons එක ප්ලූටෝ ළගින්ම යන්න ඕනි :p
ReplyDeleteආපහු ඉතින් 2020 අඟහරු ගමනට තමයි එන්නෙ. :D
Deleteඔතන Dwarf කියන එකට "වාමන" ට වඩා "කුරු' කිව්වනම් හොඳ නැද්ද?
ReplyDelete"වාමන" සහ "කුරු" කියන්නෙ සමාන පද නේද ප්‍රා?
Deleteවාමන කියන්නෙ මිනිස් ස්වාභාවයට හුරු ( Humanoid) අඟුටු මිට්ටන් (dwarfs) වර්ගයකට... කැටයම් හා පිලිමවල ඉන්නව.
DeleteDwarf කියන වචනේ Human/Humanoid ට විතරක් නෙමෙයි භාවිතා වෙන්නෙ , Dwarf elephats, Dwarf planets, Dwarf bushes , Dwarf trees වගේ තියනවා. එතකොට කුරු වෙන්න ඕනෙ
ඔව් සමහර මුරගල් වල පවා ඉන්නෙ.. බොහෝවිට ඉහළින් තියෙන බර දරාගෙන ඉන්න විදියටනෙ කැටයම් කරන්නෙ. ඒත් මං වාමන කියන වචනය පාවිච්චි කළේ ගොඩක් වෙලාවට dwarf stars, dwarf planets වලට වාමන තාරකා, වාමන ග්‍රහලෝක කියන වචන යොදාගන්න නිසා වගේම ශබ්දකෝෂ වලත් dwarf වල තේරුම විදියට කුරු, වාමන, අඟුටුමිටි කියන වචන තුනම සඳහන් වෙන නිසා.
Deleteකොහොම වුණත් ප්‍රා කියන කතාවත් ඇත්ත, ඔන්න මම කුරු කියන වචනෙත් එතනට දැම්මා.
බොහොම ස්තූතියි.
කාලෙකින්.. නෙව..
ReplyDeleteඅනේ බං ඔය මොකක් හරි ඉක්මනට හොයාගන්න කියහං නැත්නං මම ඩොල්ර් මිලියන හත උස්සනවා..
මාස පහකින් විතර දේශා. :D
Deleteඅප්පා එහෙම කරන්න එපා මාත් ඔය මිලියන හතට ඇහැ ගහගෙන ඉන්නෙ. :/
හුඟ කාලෙකට පස්සේ. ප්ලුටෝ ට නම් පව්. එලවල ආයි බලන්නත් යනවා. හොඳ ලිපිය.
ReplyDeleteමාස පහකට විතර පස්සෙ අජිත් අයියෙ exams, assignments වල හිරවෙලා හිටියේ. නෙළුම්යාය එහෙම හරි ලස්සනයි දැන්, මමත් බැනර් එකක් දාන්නම්කො.
Delete//ප්ලුටෝ ට නම් පව්. එලවල ආයි බලන්නත් යනවා.//
ඇත්ත කතාව. :D දැනුයි මතක් වුණේ මං ගාව නියම meme එකක් තිබුණා, ඔන්න ඒකත් දැම්මා ලිපියටම. :D
අහ්හ් කාලෙකින් ඇවිල්ල මම හිතුවෙ පිටසක්වලින් උස්සන් ගිහින් කියල (අර බ්ලොගේ උඩම ඉන්නේ එකෙක් ).මං හිතන්නේ එහෙත් තියාගන්න බැරුව ආයේ මෙහෙටම අතැරලා දන්න ඇති :D
ReplyDeleteපිටසක්වළ ජීවීන්ට වඩා දරුණු ජීවියො වර්ගෙකට අහු වෙලා හිටියෙ හංසි මේ ටිකේ. Lecturersලා. :D
Deleteඑහෙම ආපහු එවනවද මෙච්චර වැදගත් මනුස්සයෙක්ව? :P
ප්ලූටෝ වෙත අපිව සීරුමාරුවට අරන් ගියා වගේ දැනුණා. මේ තොරතුරු හරිම වටිනවා.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි දසත සැරිසර...
Deleteඒ උඹ කවුද බං පිට සක්කලයෙක්ද
ReplyDeleteකෝමද මගෙ බ්ලොග් පොපයිල් එකට ඇඩ් වුනේ...
ඒ මේ ඇත්තටම පිටසක්කලයෙද්ද කියහන්කො
මට නං මතක නෑ මේම එකෙක් එිටිය කියල වත්
හැක හැක... හිහි..
එළ මලේ ජයවේවා
මාස කීපෙකට අමතකම වෙලා ගියානේ? මං යනව ප්ලූටෝ වලටම පදිංචි වෙන්න.
Deleteබොහොම ස්තූතියි මහේෂ් අයියෙ.. :)
බොහොම හොඳ, දැනුම වඩන ලිපියක්. ඉහලින්ම අගය කරනවා.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි විචාරකතුමා..
Deleteඔය ඊයේ පෙරේදා එලි බැස්ස ප්ලුටෝ සීන් එක හින්දා කාලෙකට කලින් මගේ ඔලුවටත් ගහල තිබ්බ "සක්වල පිස්සුව" ආපහු තද වුනා කියහන්කෝ...
ReplyDelete-----
නියමයි ලිපියනම්....
වටිනා කියන දැනුම ගොඩක් තිබුනා..
---------
පිටසක්වල කියන්නේ මොකක්ද කියලා එක්ස්පීරියන්ස් කරන්න අහසේ කරක්ගහන්න ඕනේ නැහැ. උඹේ බ්ලොගට ගොඩ වුනානම් හොඳටෝම ඇති. ඇත්තමයි බන් කියන්නේ උඹේ බ්ලෝග පිටසක්වලක් වගේම තමා...
ඇත්තම කිව්වොත් විභී, මමත් ආපහු බ්ලොග් එක පැත්තේ එන එක ඉක්මන් වුණේ මේ වැඩේ හින්දා. :D
Delete//පිටසක්වල කියන්නේ මොකක්ද කියලා එක්ස්පීරියන්ස් කරන්න අහසේ කරක්ගහන්න ඕනේ නැහැ. උඹේ බ්ලොගට ගොඩ වුනානම් හොඳටෝම ඇති. ඇත්තමයි බන් කියන්නේ උඹේ බ්ලෝග පිටසක්වලක් වගේම තමා...//
මේ වගේ දේවල් අහන්න ලැබෙන එකම කොච්චර දෙයක්ද... බොහොමත්ම ස්තූතියි විභීෂණ..
Bohoma hoda lipi pelak..
ReplyDeleteබොහොම ස්තූතියි.
Delete