හැලොවීන් යනු එංගලන්තය හා අයර්ලන්තය වැනි රටවල බිහිවී පසු කලෙක ලෝකය පුරාම ජනප්‍රිය වුණු, මෑත කලකදී පෙරදිග රටවලටද ව්‍යාප්ත වුණු උත්සවයකි. කෙල්ටික (Celtic) රටවල අස්වනු නෙලීමේදී පැවැත්වුණු උත්සව පසු කලෙක ක්‍රිස්තියානිකරණය වීමෙන් හැලොවීන් උත්සවය බිහිවන්නට ඇතැයි සැලකේ. සෑම වසරකම ඔක්තෝබර් මස 31 වනදා පැවැත්වෙන මෙම උත්සවය සැමරෙන්නේ මිනිසුන් බොහෝවිට භූත අවතාර, රාක්ෂයින්, සොම්බීස් වැනි භයංකර චරිත ආකාරයට වෙස්වළා ගැනීමෙන් සහ ඒ ආශ්‍රිත නිර්මාණයන් ප්‍රදර්ශනය කිරීමෙනි. ඒ හැර වර්තමානයේදී කාටූන් චරිත, සුපිරි වීර චරිත ආදියද මෙම වෙස්වළා ගැනීම් අතර බහුලව දැකිය හැකිය.
කෙසේ හෝ පසුගිය සෙනසුරාදා පැවැත්වුණු මෙවර හැලොවීන් උත්සවයට පිටසක්වළින් පැමිණි අමුත්තෙක්ද එක් වූයේය!
![]() |
෴2015 TB145 ග්‍රහකය෴ |
එය වෙන කිසිවක් නොව බැලූ බැල්මට මිනිස් හිස්කබලක් ලෙස දිස්වන ග්‍රහකයකි. 2015 TB145 යනුවෙන් නම් කෙරුණු මෙම යෝධ ආකාශ වස්තුව හැලොවීන් දිනයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී දහයට පමණ පෘථිවිය ආසන්නයෙන් ගමන් කළේය.
2015 TB145 මුලින්ම දුරේක්ෂවලට හසුකරගනු ලබන්නේ මෙම වසරේම ඔක්තෝබර් මස 10 වනදා ය. ඒ හවායි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කටයුතුවල නිරත වී සිටින විද්‍යාඥයන් පිරිසක් විසිනි. ඉන්පසුව පුවෙටෝ රිකෝහි පිහිටි එක්සත් ජනපද ජාතික විද්‍යා පදනමට අයත් Arecibo නිරීක්ෂණාගාරය මගින් මෙහි පළමු රේඩාර් ඡායාරූප ලබාගන්නා ලදී. 2015 TB145හි එක් පසෙක ස්වරෑපය ආලෝකය හමුවේ මිනිස් හිස්කබලක ආකාරයට දිස්වන බව දක්නට ලැබුණේ මේ රේඩාර් ඡායාරූපවලිනි.
මීටර් 600ක පමණ විෂ්කම්භයකින් හා ආසන්න ගෝලාකාර හැඩයකින් යුතු 2015 TB145 සෑම පැය පහකටම වරක් තමා වටා භ්‍රමණය වෙයි. එමෙන්ම දැනට සොයාගෙන ඇති ආකාරයට මෙය මියගිය වල්ගා තරුවකි.
2015 TB145 හි රේඩාර් ඡායාරූප යොදාගෙන නිර්මාණය කළ චලන චිත්‍රයක් පහත දැක්වේ.
![]() |
Credits - Arecibo/ NSF |
මෙවර පෘථිවියට ඉතාමත් ආසන්නයෙන් හෙවත් කිලෝමීටර 486,000ක පමණ දුරකින් ගමන් කළ මේ ග්‍රහකය නැවත පෘථිවියට සමීප වන්නේ තවත් අවුරුදු තුනකට පසු 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී ය. එහෙත් එහිදී පෘථිවිය හා 2015 TB145 අතර පරතරය කිලෝමීටර මිලියන 38ක පමණ දැවැන්ත අගයක් ගනු ඇත. එමෙන්ම දැනට සිදුකර ඇති නිරීක්ෂණ කටයුතුවලට අනුව නැවත වර්ෂ 2027 දක්වා කිසිදු ආකාශ වස්තුවක් පෘථිවියට මෙතරම් ආසන්නයෙන් ගමන් කරන්නේ නැත.
මියගිය වල්ගා තරුවක් මියගිය මිනිසෙකුගේ හිස්කබලක් ලෙස දර්ශනය වීමත්, එය හැලොවීන් දිනයේදීම පෘථිවිය අසලින්ම ගමන් කිරීමත් චමත්කාරජනක අහඹු සිදුවීම් නොවන්නේද?
මූලාශ්‍රය - නාසා නිල වෙබ් අඩවිය
මූලාශ්‍රය - නාසා නිල වෙබ් අඩවිය
මට නම් උඔගේ මේ ලියවිල්ල චමත්කාරජනකයි
ReplyDeleteඑල ද බ්‍රා
බොහොම ස්තූතියි මෙන්ඩා..
Deleteඑල බ්‍රා
ඒක නං විකාර අදහසක් අශාන්..
ReplyDeleteඅන්තිම වාක්‍යයද, මාතෘකාවද දේශා? මෙහෙමයි මේක සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක, අහඹු සිදුවීමක් අන්තිමට කියල තියෙනව වගේ. හැලොවීන්වලයි, හිස්කබලකයි, මේකෙයි කිසිම සම්බන්ධයක් නෑ ඒවා නිකන් "සාහිත්‍යාලංකාර" විතරයි. ;)
Deleteඒ අස්සෙ මුන්දැත් හැලෝවීන් වෙලා...
ReplyDeleteහෙහ්.. වට්ටක්කෙකුත් කපල එන එකාලට දුන්න නං හරි හිහි...
හඳේ හාව ඉනනව වගේ නෙහ්.. වල්ගතරුවෙ මිනිස් හිස් කබලක්..
හැලෝවින් ලංකාවට ආවෙ ඇයි බං
එහෙහ් කොහෙද ඉතින් මේකත් හැලොවීන් එකටමනෙ ආවෙ අයියෙ. දුන්නද දන්නෙ නෑ කට්ටිය පෙරේදා. ඔව් හඳේ හාවා වගේම සංසිද්ධියක් තමයි මේකත්..
Deleteඅනේ මන්ද, හැලොවීන් ලංකාවට එන එකේ තේරුමක් නම් නෑ. ලංකාව කෙල්ටික් රටකුත් නෙමෙයි, මෙහෙ සංස්කෘතියෙ භූත අවතාර සමරන්නෙත් නෑනෙ. හැබැයි දැන හෝ නොදැන ලංකාවෙත් ඒක සෑහෙන්න පැතිරිලා. අපේ කැම්පස් එකෙත් හෛට හැලොවීන් පාටි එකක්. විනෝද වෙන්න කියල මිසක් කිසිම තේරුමක් ඇතුව නෙමෙයි.
අවංකවම ඒක චමත්කාරජනකයි තමා............
ReplyDeleteඇත්තටම ඔව් ආර්යන්..
Deleteමරු, ග්‍රාහකයක් ලගින් යනවා කියලා දැනන් හිටියට මේ ෆොටෝ එක මම නෙට් එකේ කොහේවත් දැක්කේ නෑ මේ බ්ලොග් එකෙන් ඇරෙන්න..
ReplyDeleteනාසා එකට තමයි දිනේෂ් අයියෙ ක්‍රෙඩිට් එක. මාත් මේක ගැන දැනගත්තෙ නාසා වෙබ්සයිට් එකෙන්.
Deleteආරංචිය ඇහුවට අද තමා ග්‍රාහකය හැබෑවට දැක්කේ ඔන්න.. ස්තුතියි ..
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා අම්බලන්ගොඩ කථා.
Deleteඑහෙනම් මේ ලිපිය දාපු එක හොඳයි ගොඩදෙනෙක් දැනුවත් වුණානේ. හැබැයි සිද්ධිය පහුවුණාට පස්සෙ තමයි ලිපිය පළකරන්න වුණේ.
holman grahakayakda danne oya awe......
ReplyDeletemano mandira
මනෝ මොකෝ ඇනෝ?
Deleteඒක තමා කියන්න බෑ. අර මනෝගෙ ලිපියෙ වගේ ගුරුකමක්වත් කළා නම් හරි..
ඔන්න ඇනෝ ආයෙත් මනෝ වුනා...
Deleteපිරමීඩ ගැන එහෙම ලිපි ලියන්නේ නැද්ද ?...
හරි අද්භූත දේවල් පිරමීඩත් එක්ක බැදිලා තියනව...
පිරමීඩ ගැනත් ලියන්න ඕනෙ මනෝ. විද්‍යාත්මකව හරියට ඔප්පු වෙලා නැති වුණත් බොහොම ලස්සන සිදුවීම්, කතා තියෙනව පිරමීඩ, මෝයි පිළිම, ඉන්කා ශිෂ්ටාචාරය වගේ ඒවා ගැනමෙං ඉස්සර ලියාගෙන ආවා බර්මියුඩාව, තුන්ගුස්කාව වගේ ඒවත් එක්ක, ඒත් මේ ආකාශ වස්තු ගැන කියන්න ගත්ත හින්ද ඒක නැවතුණා.
Deleteකාගේද මේ හිස්කබල ??? ...අපි හොයමු ..අශාන් ප්‍රශ්නයක් ..ඇයි ඒකට 'මියගිය' වල්ගා තරුවක් කිව්වෙ
ReplyDeleteසෙල්ලම් ප්‍රමාණෙක හිසකබලක් නෙමෙයි හංසි කිලෝමීටර් භාගෙකටත් වඩා ලොකු විෂ්කම්භයක් තියෙන්නෙ.
Deleteමෙහෙමයි, වල්ගාතරුවක් කියපු ගමන් අපිට මතක් වෙන්නෙ අර ඒකෙ පිටිපස්සෙන් වේල් එකක් වගේ ඇදිල යන වල්ගයනෙ. ගොඩක් වෙලාවට මේ වල්ගය හැදෙන්නෙ ඒ වල්ගාතරුව මතුපිට තියෙන අයිස් වලිනුයි, එක එක වායු වර්ගවලිනුයි. (මේ ඇරෙන්න තව වෙනස්ම වලිගයක් හැදෙනව දුහුවිලි වලිනුත්, නමුත් ඒක පියෙවි ඇහැට වැඩිය පැහැදිලිව පේන්නෙ නෑ.) වල්ගාතරුව සූර්යයාට ඈතින් ගමන් කරනකොට වල්ගයක් නෑ, පෙනුමින් සාමාන්‍ය ඇස්ටරොයිඩයක් වගේමයි. හැබැයි සූර්යයාට ළං වෙද්දි වැඩි වෙන උෂ්ණත්වය නිසා අර අයිස්, වායු වගේ ඒවා වාෂ්පශීලී වෙලා එළියට විදිනවා. ඒවා තමයි වල්ගාතරුවක වල්ගය වගේ පේන්නෙ. ඉතින් ඔහොම ලොකු කාලයක් තිස්සෙ සූර්යයා වටේ යනකොට මේ වලිග විදියට හැදෙන අයිස්, වායුමය මූලද්‍රව්‍ය, දූවිලි වගේ ඒවා ඔක්කොම වැයවෙලා ඉවර වෙනවා. දැන් තවදුරටත් වල්ගාතරුවෙන් වල්ග මතු වෙන්නෙ නෑ දැන් ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම තද ගලක් විතරයි. ඉතින් ඒක දැන් මියගිය වල්ගාතරුවක්. මම වල්ගාතරු ගැන වෙනම ලිපියක් ලියන්නම් ඉස්සරහට..
ස්තුතියි අශාන් :)
Deleteඅැත්තට ම පුදුමයි..... අහඹු සිදුවීම්...........
ReplyDeleteඇත්ත කුරුටු.. ඒ වගේම මේක ළඟින් යද්දි පෘථිවියෙ කොහෙටහරි පෙනුනද කියල හොයාගන්න බැරි වුණා, එහෙම වුණා නම් හරිම ලස්සනට පේන්නත් ඇති..
Delete