අහස දෙස බලන්න. දහවල් කාලයේදී නම් ඔබ සූර්යයා දකිනු ඇත. රාත්‍රී කාලයේ නම් චන්ද්‍රයා සහ තාරකා දකිනු ඇත. ඔබත්, මමත් එලෙස පියවි ඇසින් ආකාශ වස්තූන් නරඹන අතරතුරේ විද්‍යාඥයන් අති ප්‍රබල දුරේක්ෂ ආධාරයෙන් ඒවා නිරීක්‍ෂණය කරනු ඇත. එහෙත්... ඔවුනුත්, අපත් බලා සිටින්නේ ඒ ඒ ආකාශ වස්තූන්හි වර්තමානය දෙස නොව අතීතය දෙස බව ඔබට කෙදිනකවත් සිතුණාද?Tuesday, November 18, 2014
ඔබ අහසේ දකින්නේ වර්තමානය නොවේ!
අහස දෙස බලන්න. දහවල් කාලයේදී නම් ඔබ සූර්යයා දකිනු ඇත. රාත්‍රී කාලයේ නම් චන්ද්‍රයා සහ තාරකා දකිනු ඇත. ඔබත්, මමත් එලෙස පියවි ඇසින් ආකාශ වස්තූන් නරඹන අතරතුරේ විද්‍යාඥයන් අති ප්‍රබල දුරේක්ෂ ආධාරයෙන් ඒවා නිරීක්‍ෂණය කරනු ඇත. එහෙත්... ඔවුනුත්, අපත් බලා සිටින්නේ ඒ ඒ ආකාශ වස්තූන්හි වර්තමානය දෙස නොව අතීතය දෙස බව ඔබට කෙදිනකවත් සිතුණාද?
Posted by
Ashan De Costa
at
10:41:00 AM
Labels:
කාලය හා අවකාශය,
තාරකා විද්‍යා,
විශ්වය
Location:
Colombo, Sri Lanka
Wednesday, November 5, 2014
විශ්වයේ උපත: මහා පිපිරුම් වාදය
හැඳින්වීමේ ලිපිය මෙතැනින්: අසිරිමත් විශ්වය
විශ්වයේ උපත පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතී. විවිධ යුගයන්හිදී එළි දැක්වුණු මෙම මතවාදයන්ගෙන් සමහර ඒවා පසුකලෙක බිඳ වැටුණු අතර තවත් සමහර ඒවා තවදුරටත් කල්පිත ලෙස පවතියි. මේ අතරින් වර්තමානයේදී ලොව පුරා විද්‍යාඥයන් බහුතරයක් විසින් පිළි ගැනෙන්නේ මහා පිපිරුම් වාදය යි.
විශ්වයේ උපත පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතී. විවිධ යුගයන්හිදී එළි දැක්වුණු මෙම මතවාදයන්ගෙන් සමහර ඒවා පසුකලෙක බිඳ වැටුණු අතර තවත් සමහර ඒවා තවදුරටත් කල්පිත ලෙස පවතියි. මේ අතරින් වර්තමානයේදී ලොව පුරා විද්‍යාඥයන් බහුතරයක් විසින් පිළි ගැනෙන්නේ මහා පිපිරුම් වාදය යි.
Posted by
Ashan De Costa
at
11:20:00 AM
Labels:
තාරකා විද්‍යා,
මහා පිපිරුම් වාදය,
විශ්වය,
විශ්වයේ උපත
Location:
Colombo, Sri Lanka
Tuesday, October 28, 2014
වසරකට පසු - ප්‍රථම වර්ෂ පූර්ණය
මන්දාකිණියෙන් ඔබ්බට පිය නගන සංචාරය ආරම්භ කොට වසරක් ගත වී ඇති බවට මෙලෙසින් සටහන් තබන්නේ ඉමහත් සතුටිනි. අධ්‍යාපන කටයුතු නිසාවෙන් මාස 12ක් තිස්සේ බ්ලොග් අඩවිය ලිපි 13කට පමණක් සීමා වුවද , (ඔක්තෝබර් මසට පෙර පළ වී තිබුණේ ලිපි 10කි.) ලිපි කියැවූ වාර ගණන දසදහසකට ආසන්න වීමද සතුටට කාරණයකි. බ්ලොග් අඩවියේ ආරම්භය සහ මෙතෙක් ආ මග පිළිබඳව ලිවීමට සුදුසුම අවස්ථාව මෙය යි. Tuesday, October 21, 2014
අසිරිමත් විශ්වය
"තාත්තේ, මොනවද අර අහසෙ තියෙන ලස්සන පුංචි බෝල?""ඒ තමයි පුතේ තරු. ඉර මාමා හවසට ගෙදර ගියාම එයාලා අහසට එනවා."
"ඇයි ඒ? එයාල ඉර මාමට බය ද??"
ඒ ඔබේත්, මගේත් ළමා කාලයයි. පාසල් අවධිය ඇරඹීමටත් පෙර සිටම අපි රාත්‍රී අහස දෙසට නෙත් යොමු කළෙමු. දැනුම් තේරුම් නැති කාලයේදී හඳ මාමා ගෙනෙන කිරි පැණි, හඳේ හාවා, තරු නැන්දා සහ තරු මාමා ගැන කතා අසමින් සතුටු වූයෙමු. මේ අපට දැනුම් තේරුම් ඇති කාලයයි. එහෙත්... අද අප රාත්‍රී අහස ගැන දන්නේ මොනවාද? පිළිතුරු දීමට වඩාත් පහසු වන ලෙස ප්‍රශ්නය ඇසුවහොත්, අද අප රාත්‍රී අහස ගැන නොදන්නේ මොනවාද?
Tuesday, October 14, 2014
දෙදරා ගිය තුන්ගුස්කාව
මේ උදෑසන කාලයයි. සයිබීරියාවේ පිටිසරබද ප්‍රදේශයකි. මහා ජල කඳක් උසුලා ගත් තුන්ගුස්කා ගංගාව නිහඬව ගලා බසිනු පෙනේ. ගංගාවට එපිටින් ඇත්තේ විශාල වනාන්තරයකි. මෙපිටින් සාරවත් ලෙස තිරිඟු වගා කළ ගොවිබිමකි. ගොවියන් කිහිපදෙනෙකු යුහුසුළුව යම්කිසි කාර්යයක නිරතව සිටිනු දිස් වේ. කාලය ගත වෙයි. එක්වරම සුළං කපාගෙන යන ශබ්දයක් ඇසේ. තම වැඩකටයුතු මදකට නතර කරන ගොවීහු විමතියෙන් වටපිට බලති. තත්පර කිහිපයක් නිහඬවම ගෙවී යයි. ඊළඟ මොහොතේ ඇසෙන්නේ අතිවිශාල වූත්, බිහිසුණු වූත් පිපුරුම් ශබ්දයකි! මහපොළොව දෙදරා යයි. අධි පීඩන තරංග දසත පැතිරේ. ඇති වන පීඩනය දරා ගත නොහැකිව සමබරතාව ගිලිහෙන ගොවීන් කිහිපදෙනා පුළුන් කැබලි මෙන් ඈතට විසි වී යනු දර්ශනය වෙයි. Sunday, October 5, 2014
පියවරක් ඉදිරියට...
මාස 10ක් ගත වී තිබේ. නොවැළැක්විය හැකි හේතූන් නිසා සම්පූර්ණ කාලය තුළ අඛණ්ඩව ලිපි පළ කළ නොහැකි වුවද, මේ ආ මග තුළ මන්දාකිණියෙන් ඔබ්බට වටා එක් වූ පිරිස බොහෝ ය. ලැබූ ප්‍රතිචාර බොහෝ ය.
බ්ලොග් අඩවියේ පෙර තිබූ ස්වරූපය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව ඔබ දකින්නට ඇත. බාහිර ස්වරූපයේ පමණක් නොව අඩවි අන්තර්ගතයේද වෙනසක් ඉදිරියේදී සිදුවන බව දැනුම් දෙනුයේ සතුටිනි.
Friday, June 27, 2014
"මම ඔබ දෙස විමසිල්ලෙන් බලා සිටිමි."
අඟහරු වටා කක්ෂගත වී භූමිය පිරික්සීමේ අරමුණින් යුතුව නාසා ආයතනයේ Viking-1 යානය දියත් වූයේ 1976 දීය. තම ඉලක්කයට ළඟා වූ Viking යානාව පෘථිවි පාලක මැදිරිය වෙත අඟහරු පෘෂ්ඨයේ ඡායාරූප එවීම ආරම්භ කරන ලදී. මේවා එකින් එක පිරික්සන ව්‍යාපෘති භාර විද්‍යාඥයන් ගල් ගැසී ගියේ එහි තිබූ එක් ඡායාරූපයක් දැකීමෙනි. සැතැපුම් 2ක පමණ දිගින් යුතු වූ අතිවිශාල මිනිස් හිසක් අඟහරු භූමිය මත තිබිණ! එහි දෑස් කෙලින්ම යොමු වී තිබුණේ Viking යානයේ කැමරාව දෙසටය!!






