Saturday, March 1, 2014

මිනිසා ද පිටසක්වළ ජීවියෙකු නම්...?

පිටසක්වළ ජීවය පිළිබඳව වූ විෂය ක්‍ෂේත්‍රය මූලික වශයෙන් සරල හා සංකීර්ණ ලෙස කොටස් 2 කට බෙදා වෙන් කර දැක්විය හැකිය. හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම්, අත්භූත ජීවීන් දර්ශනය වීම් සහ වෙනත් පැහැදිලි කළ නොහැකි, අබිරහස් සිදුවීම් ආදිය ඉහත සඳහන් කළ සරල කොටසට අයත් වන අතරේ සංකීර්ණ කොටස ජීවයෙන් සපිරි වෙනත් ග්‍රහලෝක සොයා දියත් කෙරෙන පර්යේෂණ මෙහෙයුම්, විශ්වයේ අඳුරු පදාර්ථ නිරීක්ෂණය, යම් ග්‍රහලොවක ජීවයක් හට ගත හැකි ආකාර පිළිබඳව කෙරෙන පරීක්ෂණ, පිටසක්වළ බුද්ධිමතුන් සමග සන්නිවේදනයේ යෙදීමේ අරමුණින් යුතු ව්‍යාපෘතීන් ආදියෙන් සමන්විත වේ.




මීට පෙර මෙම බ්ලොග් අඩවියේ පළවූ ලිපි වලින් බහුතරය අයත් වන්නේ ඉහත සරල කොටසට ය. එබැවින් මෙම ලිපියෙන් තරමක් දුරට සංකීර්ණ මාතෘකාවකට එළැඹෙනු ලැබේ.

පෘථිවියේ ජීවය ඇති වූයේ කෙලෙසද? මෙය තවමත් විවාදයට බඳුන් වෙමින් ඇති මාතෘකාවකි. චාල්ස් ඩාවින් (1809-1882) විසින් 1858 දී ඉදිරිපත් කළ පරිණාමවාදයට අනුකූලව පෘථිවියේ  ජීවය පරිණාමනය වන බව විද්‍යාත්මකව ඔප්පු කළ හා ලොව පුරා පිළිගත් සත්‍යයක් වුවද, මෙහිදී පෘථිවිය තුළ හටගත් මුල්ම ජීවී සෛලය නිර්මාණය වූ ආකාරය පිළිබඳව විවිධාකාර මත පවතී.




෴ග්‍රහක෴
පෘථිවියට ජීවය ලැබුණේ ඈත අභ්‍යවකාශයේ සිට පැමිණි උල්කාවකින් හෝ ග්‍රහකයකින් ය යන්න මේ අතරින් වඩාත් ප්‍රබල මතයකි. උල්කා සහ ග්‍රහක යනු විශ්වය පුරා ඒ මේ අත ගමන් කරන පාෂාණමය ආකාශ වස්තු විශේෂයකි. විෂ්කම්භය මීටරයකට වඩා අඩු පාෂාණ උල්කා (meteoroids) නම් වන අතර විෂ්කම්භය ඊට වැඩි පාෂාණ ග්‍රහක (asteroids) නම් වේ. මේවායින් අති බහුතරය ග්‍රහලෝක වලින් හෝ වායුමය නොවන තාරකාවන්ගෙන් කැඩී ගිය කොටස් ය. අක්‍රමවත් ගමන් රටාවක් දක්වන මේවා බොහෝවිට වෙනත් ග්‍රහලෝකයන්හි ස්ථාවර කක්ෂයන් හරහා ගමන් ගන්නා අතර එකිනෙක හමු වන අවස්ථාවන්හිදී ග්‍රහලෝක මතට කඩා වැටෙයි. පෘථිවිය වැනි වායුගෝලයක් සහිත ග්‍රහලෝක වලට කඩා වැටෙන උල්කාවන් ඉහළ වායුගෝලයේදී දැවී විනාශ වී යයි. අප "උල්කාපාත වර්ෂාව" ලෙසින් හඳුන්වන සංසිද්ධිය ඇති වන්නේ මේ හේතුවෙනි. එහෙත් මෙවැනි උල්කාපාතයන්ගෙන් සුළුතරයක් ඒවායේ විශාලත්වය හේතුවෙන් අඩක් දැවී ග්‍රහලොව මතට කඩා වැටෙන අතර ඒවා "උල්කාෂ්ම (meteorites)" නමින් හඳුන්වයි. එමෙන්ම උල්කාවකට වඩා විශාල ග්‍රහක බොහෝවිට වායුගෝලය තරණය කොට පෘථිවි පෘෂ්ඨයට කඩා වැටෙන අතර විශාල ආපදා තත්ත්වයන්ද ඇති කරයි.
෴උල්කාපාත වර්ෂාවක්෴

2000 වසරේ ශීත ඍතුවේදී කැනඩාවේ ටගිෂ් විලට කඩා වැටුණු උල්කාෂ්මයක් පරීක්ෂාවට ලක් කළ විද්‍යාඥයෝ පිරිසක් එහි තිබී කුහර සහිත, ගෝලාකාර කාබනික අණු විශේෂයක් සොයා ගත්හ. ඩියුටීරියම් සහ නයිට්‍රජන්-15 සමස්ථානික වලින් සමන්විත වුණු මෙම අණු පෘථිවියේ දක්නට ලැබෙන කාබනික අණු වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවත්, ඒවා නිර්මාණය වී ඇත්තේ කෙල්වින් 10-20 වැනි පරාසයක තිබූ අධික ශීත පරිසරයකදී බවත් සොයා ගැනිණ. සෙල්සියස් අංශක 0, කෙල්වින් 273ට සමාන වේ. එනම් කෙල්වින් 20 යනු සෙල්සියස් අංශක -253කි. මෙතරම් අධික ශීතලක් පෘථිවියේ කිසිදු ස්ථානයක නොමැත. එවන් ශීතලක් පැවතිය හැක්කේ නිහාරිකා ආශ්‍රිත ශීත වායු වලාවන් තුළය. (නව තාරකාවන් බිහි වන්නේ මෙම වායු වලාවන් මගිනි.) පෘථිවියට ආසන්නතම නිහාරිකාව වනුයේ හේලීක්ස් ග්‍රහ නිහාරිකාවයි. මෙය පෘථිවියෙන් ආලෝක වර්ෂ 400ක් දුරින් පිහිටා තිබේ.

෴හේලීක්ස් ග්‍රහ නිහාරිකාව෴

|ආලෝක වර්ෂයක් යනු යම් ආලෝක කදම්බයක් සම්පූර්ණ වසරක් තිස්සේ ගමන් ගන්නා දුර වේ. ආලෝකය තත්පරයකදී ආසන්නව කිලෝමීටර ලක්ෂ 3ක (නිරවද්‍ය අගය 299,792.5 km වේ.) දුරක් ගමන් කරයි.
එවිට ආලෝකය වසරක් තුළදී ගමන් කරන දුර = 300,000 x 60 x 60 x 24 x 365 = 9,460,800,000,000 km (කිලෝමීටර ට්‍රිලියන 9.46)
එනම් පෘථිවියට ආසන්නතම නිහාරිකාවට ඇති දුර = 9,460,800,000,000 x 400 km කි.|

ඒ අනුව මෙම කාබනික අණු නිෂ්පාදනය වූයේ එවැනි නිහාරිකාවක් තුළදී නම්, මේවා කිසිදු හානියකට බඳුන් නොවී, නිරූපද්‍රිතව, සිතා ගැනීමටවත් නොහැකි තරමේ අතිවිශාල දුරක් අභ්‍යවකාශය හරහා පැමිණ ඇති බව ගම්‍ය වේ. පෘථිවිය තුළ ජීවය ඇති වූයේද මේ ආකාරයට විය නොහැකිද? විශ්වයේ වෙනත් ස්ථානයක සම්භවය වූ ප්‍රාථමික ජීව බීජාණු උල්කාවක්, වල්ගා තරුවක් හෝ ග්‍රහකයක් ආධාරයෙන් පෘථිවියට පැමිණියා වන්නට නොහැකිද?

මෙලෙසින් ජීවයේ අමුද්‍රව්‍ය බඳු වූ කාබනික අණු විශ්වය පුරා සංසරණය වන්නේ නම්, ඒවා පෘථිවියට මෙන්ම තවත් ග්‍රහලෝක ට්‍රිලියන ගණනකට පැතිරෙන්නට ඇත. ඉන් අවම වශයෙන් ග්‍රහලෝක බිලියන  ගණනකවත් ජීවයක් ඇති වන්නට ඇත. මිලියන ගණනකවත් දියුණු ශිෂ්ටාචාරයන් ඇති වන්නට ඇත.

එසේ නම්...? පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද?
අපි අනාගතය දෙස දෑස් දල්වා බලා සිටින්නෙමු.
"අප තනියෙන් නොවේ!"

23 comments:

  1. පිටසක්වල ජීවය පැවතිය හැකි බවත් එය එසේ විය යුතුම බවත් මම තරයේ විශ්වාස කරන කාරනාවක්. අපි දෙවියන් කියා හඳුන්වන්නේ පිටසක්වල පවතින අතිශය දියුණු ජීවීන් කොට්ඨාශය කට විය යුතුයි.

    ------------------
    අද තමයි මේ බ්ලොග් එකට ගොඩවුනේ. මේ subject එක ගැන ලිවිලා තියෙන මම දැකපු පලවෙනි බ්ලොග් එකයි මේ. අනිවාර්යයෙන්ම ආපහු එන්නම්.

    ReplyDelete
    Replies
    1. මමත් පිටසක්වළ ජීවය කොහේ හෝ පැවතිය යුතුයි කියලා විශ්වාස කරන කෙනෙක්. වාර්තා වෙන සිදුවීම් වලින් වැඩි හරියක් අසත්‍ය වුණත්, ඒ අතරේ බොහොම ප්‍රබල, පැහැදිලි කරන්න බැරි සාක්ෂිත් සෑහෙන්න තියෙනවා. ඔව්. විද්‍යාත්මකව හිතලා බැලුවොත් දිව්‍ය ලෝකය, අපාය, භූත ලෝකය වගේ ඒවා පිටසක්වළ ලෝක විය යුතුයි. (ඒවා ඇත්තටම පවතිනවා නම්.)
      බොහොම ස්තූතියි. දිගටම එන්න. :)

      Delete
  2. මාරයි බන් මේ සබ්ජෙක්ට් එක

    ReplyDelete
    Replies
    1. මගෙත් පුංචිම කාලේ ඉඳලා ආසම විෂය... දිගටම එන්න එහෙනම්.. :D

      Delete
  3. මේවා ඇත්තටම උත්තර නැති ප්‍රශ්ණ බං.. හැබැයි දැනගන්න උනන්දුවත් වැඩ්ම දෙවල්.. එක අතකට ඔය මැවුම් වාදය අමතක කලොත් අපිත් එක විදිහකට පිටසක්වල ජීවිත් කියලා හිතන එකේ වරදක් නැති වෙයි මම නම් හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම.. :) මැවුම්වාදය සමග මෙවැනි තර්ක ගලපන්න අමාරුයි.

      Delete
  4. අනිවාර්යෙන්ම පිටසක්වල ජීවයක් තියෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා නමුත් ඔවුන් අපට මුණගැසෙන්න තියෙන සම්භාවිතාව තමයි අඩු.

    ReplyDelete
    Replies
    1. ලෝකයකින් තවත් ලෝකයකට යන්න පුළුවන් මට්ටමේ දියුණු ජීවීන් ඇති වෙන්න තියෙන සම්භාවිතාව ඇත්තටම අඩුයි. :)

      Delete
  5. ඔයාගේ පොස්ට් හොදයි. ගොඩක් මහන්සි වෙලා තියෙනවා. මාත් කැමතිම විෂයක් තමයි, ඔයා කරගෙන යන්නේ.comments බලන කොට ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා .ඔයත් මේ විෂයට කැමතියි නිසා මම කැමතියි මන් දන්න දෙයක් කියන්න. පිලිගන්න එක හෝ නොගන්න එක එක එක්කෙනාගේ කැමැත්ත. නමුත් මන් දන්නා දේ කියලා දෙන එක යුතුකමක්.පහත Link එකට ගිහින් pdf file එක download කරගන්න.http://chanaweb.hpage.com/to-ashan-ravindu-yugantha_5640812.html

    ReplyDelete
    Replies
    1. අදහස් ඉදිරිපත් කළාටත්, මේ සඟරා දෙකටත් බොහොම ස්තූතියි චානක.. මම ඩවුන්ලෝඩ් කරගෙන කියවන ගමන්...

      Delete
    2. මැවුම්වාදයට සම්බන්ධ ආගමික සඟරා දෙකක් නේද.

      මම පෞද්ගලිකව මැවුම්වාදය වගේ ආගමික මතවාද පිළිගන්නෙ නම් නෑ, ස්තූතියි කොහොම වුණත්..

      Delete
    3. ගොඩක් අය එක එක මත දරනවා. නමුත් සමහර අය ඒ මත දරන්නේ හේතු රහිතවයි,පදනමක් නැතුවයි.ගොඩක් අයගෙන් ඇහුවොත් එයාලා කියන්නේ ගොඩක් අය පිළිගන්න නිසා මාත් පිළිගත්තා කියලයි , නමුත් තමන් විශ්වාස කරන දෙය සත්‍යද කියලා හොයලා බලන එක වැදගත්. මන් කලින්ම කිව්වා වගේ පිළිගන්න නොගන්න එක එක්කෙනාගේ කැමැත්ත.නමුත් කියවලා බැලුවට ස්තුත්යි.මන් ආසයි අහන්න ඔයා මැවුම්වාදය පිළිනොගන්න තියෙන හේතු මොනවද කියලා දැනගන්න.( මෙහෙම අදහස් මාරු කරගන්න අමාරු නිසා මන් ඔයාගේ facebook එකට req. එකක් එවන්නම්.)

      Delete
    4. Dinesh කිව්වා වගේ මේවා උත්තර නැති ප්‍රශ්න නෙමෙයි .අත්‍යවශ්‍ය ප්‍රශ්න වලට උත්තර තියෙනවා, එක්කෝ අපි හොයල බලන්නේ නැහැ,නමුත් අපි ඇතතටම ඉවසීමෙන් හොයලා බැලුවොත් උත්තර තියෙනවා .කතාවට කියනවා වගේ සොයන්නාට තමයි හම්බ වෙන්නේ, මන් පිළිගන්න දේවලට ඇත්තටම සාක්ෂිත් තියෙනවා ඒ වගේම ඒවා විද්‍යාවටත් එකගයි. මන් කියන්න කැමත්යි කවුරුත් කියන නිසා ඒ දේවල් එකපාරටම පිළිගන්න යන්න එපා හොදට හොයල බලලා තමුන්ටම ඒවා තහවුරු කරගන්න කියලා. ස්තුත්යි.....

      Delete
    5. ස්තූතියි අදහස් වලට. ඕනෑම සංවාදයක් මෙහෙම ආචාරශීලීව, බුද්ධිමත්ව පවත්වාගෙන යාමයි වැදගත්. ආගම සහ විද්‍යාව එකිනෙක සන්සන්දනය කරන්න යාමෙන් ඒ විෂයයන් දෙකටම පාඩුවක්, අපහාසයක් වෙන බවයි මගේ පෞද්ගලික මතය. මම සෑම ආගමකටම ගරු කරන බෞද්ධයෙක්. එහෙම බැලුවොත් බුදුදහමෙත් නූතන විද්‍යාවට ඉතාම සමාන කරුණු ඕනෑතරම් තියෙනවා. විශ්වය පිළිබඳව අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන කරුණු ඉතාම ප්‍රායෝගිකයි. බෞද්ධ දේව සංකල්පය නූතන පිටසක්වළ ජීව විද්‍යාවට අතිශයින්ම සමීපයි.

      මම ඔබේ සඟරා දෙකම සම්පූර්ණයෙන්ම කියෙව්වා. නමුත් මේ මම මැවුම්වාදය පිළිබඳව කියවපු පළවෙනි වතාව නෙමෙයි. ඉස්ලාම් ආගමේ සර්වබලධාරී දේව සංකල්පය පිළිබඳවත් මම යම් ප්‍රමාණයකට දැනුවත්. නමුත් මෙවැනි ආගමික සංකල්ප (ජීවයේ උපත පිළිබඳව බුදු දහමේ සඳහන් කරුණුත් ඇතුළත්ව) සම්මත වශයෙන් විද්‍යාත්මකව ඔප්පු කරන්න අපහසුයි තවමත්. එහෙම කළ යුතුයි කියල මම හිතන්නෙත් නෑ. විද්‍යාවට ස්වාධීනව තමන්ගේ ගමන යාමට ඉඩ දිය යුතුයි. ඒ මගේ පෞද්ගලික මතය. නමුත් හැමෝම එහෙම විය යුතු නෑ, ඕනෑම අයෙකුට තමන් කැමති, තමන් විශ්වාස කරන මතයක් දැරීමට අයිතිය තිබේ.

      Delete
  6. මුලින්ම මන් ඔයාට ස්තුත්යි කරන්න ඕන ඔයාගේ ප්‍රතිචාරයට.ඒ වගේම මන් දුන්න සගරා කියවලා බැලුවටත්. ඔයා ගොඩක් හොදට තොරතුරු හොයලා බලලා ඔයාගේ blog එක කරන් යනවා, ඒ කියන්නේ ඔයා ගොඩක් තොරතුරු හොයල බලන්න ආස කෙනෙක්, මන් ඒ නිසා අන්තිම වතාවට site එකක් දෙන්නම් ඔයාට තොරතුරු හොයල බලන්න. ස්තුත්යි. මේ video එකත් බලන්න. http://www.jw.org/si/%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D-%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1-%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%95%E0%B6%B1-%E0%B6%87%E0%B6%BA%E0%B7%92/

    ReplyDelete
  7. මේ විශ්වය ගැන හොයල ඉවර කරන්න බෑ. ඒක නිසා තමයි බුදු හාමුදුරුවෝ කිවුවෙ මේ විශ්වයේ කෙලවරක් හොයන්න යන්න එපා කියලා.

    ReplyDelete
  8. මටත් මේ බ්ලොග් එක අද තමයි සෙට් උනේ. මාත් පොඩී කාලෙ ඉදන් ආසම සබ්ජෙක්ට් එක. මං නම් පරිණාම වාදය පිලිගන්නෑ. මං අහලා තියෙන දෙයක් කියන්නම් "ඔරායන් තරු රටාවේ බඳ පටියේ එක කෙලින් තරු තුනක් තියේ නේ අන්න ඒ තරු තුනේ මැද තරුවේ ජීවින් ඉදලා තියෙනව. ඒ තරුව විනාස වෙන්න ලං උනාම තමයි පෘථිවියේ ජිවීන් වගා කරලා තියෙන්නෙ" ඇත්ත නැත්ත නම් දන්නැ. Jupiter Ascendingෆිල්ම් එකෙත් වගා කරපු සීන් එකක් ටිකක් තියෙනවා.අනික ලංකාවේ චෛත්‍යය 3කුයි අනේ නම් නම් මතක නෑ. තව කොහෙද පිරමිඩ පිහිටල තියෙන විදිය එක සමානලු. දිගටම ලියන්න Good luck!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා Astonish.

      පරිණාමවාදය කියන්නේ සෑහෙන්න මට්ටමකට විද්‍යාත්මකව, සාධක සහිතව තහවුරු වුණ සිද්ධාන්තයක්. ඒ වෙනුවට ගන්න පුළුවන් ප්‍රබල විකල්ප මතවාදයක් නෑ තාමත්.

      ලංකාවේ රුවන්වැලිසෑය, ජේතවනාරාමය, අභයගිරිය චෛත්‍යත්, ඊජිප්තුවේ ගීසා පිරමීඩ තුනකුත් වෙන වෙනම ඔරායන් බඳපටියේ තාරකා තුනට සමපාත වෙනවා කියල මතයක් තියෙනවා. :)

      Delete
  9. #අංක_එක - දෙවියන් වහන්සේ මිනිස්සු මැව්ව නං ඒ කොයි කාලෙද? (ක්‍රිස්තුපුර්ව කී වෙනි සියවසේ ද?)

    #අංක_දෙක - දෙවියන් වහන්සේ මිනිහ මැව්වෙ ඒ ප්‍රාග් ඓතිහාසික යුගේට කලිං නං (ඩයිනෝසෝරයොත් පෟථිවියේ ජීවත් වෙන්ඩ කලින්) ප්‍රාග් ඓතිහාසික යුගයෙදිත් මිනිස්සු ඩයිනෝසෝරයො එක්ක වාසය කරාද ?

    #අංක_තුන - ඒමත් නැත්තං මිනිස්සුංව මැවුවෙ ප්‍රාග් ඓතිහාසික යුගේට පසුව නං දෙවියන් වහන්සේ විසින් මුලිංම මැව්වෙ ඩයිනෝසෝර්ලද? එහෙමත් නැත්තං උං හැදුනෙ ඩාවින්ගේ පාරිනාම වාදෙට අනුවද? (ඩාවින්ට නං අන්තිමට බඩු හම්බුනා 😂 )

    #අංක_හතර - ආදම් හා ඒවා ගෙං අපි හැමෝම පැවතගෙන එනව නං මිනිහගෙ ඇඟේ ලේ වර්ග ගාන 4ක් හතරක් වෙනකං වැඩි උනේ කෝමද?

    ReplyDelete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...