Friday, June 27, 2014

"මම ඔබ දෙස විමසිල්ලෙන් බලා සිටිමි."

අඟහරු වටා කක්ෂගත වී භූමිය පිරික්සීමේ අරමුණින් යුතුව නාසා ආයතනයේ Viking-1 යානය දියත් වූයේ 1976 දීය. තම ඉලක්කයට ළඟා වූ Viking යානාව පෘථිවි පාලක මැදිරිය වෙත අඟහරු පෘෂ්ඨයේ ඡායාරූප එවීම ආරම්භ කරන ලදී. මේවා එකින් එක පිරික්සන ව්‍යාපෘති භාර විද්‍යාඥයන් ගල් ගැසී ගියේ එහි තිබූ එක් ඡායාරූපයක් දැකීමෙනි. සැතැපුම් 2ක පමණ දිගින් යුතු වූ අතිවිශාල මිනිස් හිසක් අඟහරු භූමිය මත තිබිණ! එහි දෑස් කෙලින්ම යොමු වී තිබුණේ Viking යානයේ කැමරාව දෙසටය!!







ඉන් මාස කිහිපයකට පසු Viking-2 යානය විසින් එවන ලද ඡායාරූප වලද මෙම අබිරහස් මුහුණ දක්නට ලැබිණ. මෙය පිහිටා තිබුණේ බොහෝ තාරකා විද්‍යාඥයන්ගේ අවධානය දිනා ගත් සිඩෝනියා ප්‍රදේශයේ ය. බොහෝ දෙනා මෙය ස්වභාවික නිර්මාණයක් නොව කෘතිමව ගොඩනංවන ලද්දක් විය හැකි බව පැවසුවද, නාසාහි විද්‍යාඥයෝ එම අදහස එකහෙළාම ප්‍රතික්ෂේප කළහ.

෴මුහුණ පිහිටා ඇති අයුරු෴

කෙසේ වතුදු නාසා විද්‍යාඥයන් තුළද මේ පිළිබඳව යම් කුකුසක් තිබුණු බව අනාවරණය වන්නේ 1998 දීය. එම වසරේදී ඔවුන් විසින් අභ්‍යවකාශගත කරන ලද MGS (Mars Global Surveyor) යානයේ නිල නොවන අරමුණු අතරට මෙම මුහුණ නිරීක්ෂණය කිරීමද ඇතුළත් විණි. MGS යානාව සතුව ඉහළ විභේදන බලයකින් යුතු කැමරා තිබුණු අතර ඒවායින් ලබා ගත් ඡායාරූප විශ්ලේෂණය කළ විද්‍යාඥයෝ මෙම මිනිස් මුහුණ යම් කිසිවෙකු විසින් ගොඩ නැංවූවක් නොව ස්වභාවික නිර්මාණයක් බව තහවුරු කළහ.
෴දකුණුපස ඇත්තේ MGS මගින් ලබා ගත් ඡායාරූපය යි.෴

ස්වභාවධර්මය ඉතා විශ්මයජනක ය. මිනිසාට කිරීමට තබා සිතීමටවත් නොහැකි දේ මිලි තත්පර කිහිපයක් ඇතුළත කර පෙන්වීමට ස්වභාවධර්මය සමත්ය. ඔබ ඇසින් දකින සියල්ල, ඔබ විශ්වාස කරන සියල්ල සම්පූර්ණ සත්‍යය නොවේ.    

6 comments:

  1. ඇත්තටම පුදුම නිර්මාණයක්.

    තොරතුරු බෙදා ගැනීම ගැන ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. දිගින් දිගටම බ්ලොග් අඩවිය සමග රැ‍ඳෙන ඔබටත් ස්තූතියි.. :)

      Delete
  2. ඇත්ත මචං.. ස්භාවදර්මය අපිට තේරුම් ගන්නත් හරි අමාරුයි වෙලාවකට..

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම.. මුල් රූපය දිහා බැලුවම අදටත් ඒක ස්වභාවික නිර්මාණයක් කියල කියන්න අමාරුයි..

      Delete
  3. බොහොම වැදගත් විස්තරයක්...

    අපිත් එක්ක බෙදා ගැනීම ගැන ස්තුතියි...

    ReplyDelete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...