මීට පෙර පළවූ මහා පිපිරුම සනාථ කළ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය ලිපිය මගින් අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය පිළිබඳව පැහැදිලි කෙරිණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ කටයුතු කිරීම සඳහා විවිධ වර්ෂයන්හිදී විවිධ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයන් මගින් චන්ද්‍රිකා කිහිපයක්ම උඩුගුවනට යවා ඇති බවද ලිපිය අවසානයේදී සඳහන් කරන ලදී. මේ එහි සවිස්තර විවරණය යි.
අභ්‍යවකාශ ඉතිහාසයේ ඉහත පරිදි අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම නිරීක්‍ෂණය කිරීම සඳහා අභ්‍යවකාශගත වූ චන්ද්‍රිකාවන් ගණන තුනකි. මෙම චන්ද්‍රිකා තුනෙහිම මෙහෙයුම් මේ වනවිට නිමා වී තිබේ.
Cosmic Background Explorer (COBE)
අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම පිළිබඳව සොයාබැලීම සඳහා මුලින්ම අභ්‍යවකාශගත වූයේ COBE ය. නාසා ආයතනය විසින් නිපදවූ මෙම චන්ද්‍රිකාව 1989 වසරේ නොවැම්බර් 18 දින ඩෙල්ටා රොකට්ටුවක් ආධාරයෙන් උඩුගුවනට යැවුණු අතර ඉන්පසු පෘථිවිය වටා කක්ෂගත කරන ලදී. අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග වල ඇති කුඩා උෂ්ණත්ව විචලනයන් (මෙම උෂ්ණත්ව විචලනයන්ට හේතුව ආදිකල්පික විශ්වයේ තිබූ ඝනත්ව අසමානතා බවද, සාපේක්‍ෂව වැඩි ඝනත්වයකින් යුතු වූ කොටස් වලින් පසුකාලීනව ආකාශ වස්තූන් බිහිවන්නට ඇති බවද වර්තමානයේදී පිළිගැනේ.) පළමු වරට සොයාගනු ලැබුවේද, එහි වර්ණාවලිය පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක වර්ණාවලියට සර්වසම වන බව විශ්ලේෂණාත්මකව හෙළිදරව් කළේද (මහා පිපිරුම සනාථ කළ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය කියවන්න.) COBE විසිනි. මේ හැර තම මූලික මෙහෙයුමෙන් පරිබාහිරව අධෝරක්ත කිරණ නිකුත් කරන මන්දාකිණි දහයක් සොයාගැනීමේ ගෞරවයද COBE යන නාමය ඉදිරියේ සටහන් වී තිබේ.
අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග විකිරණ ග්‍රහණය කරගැනීම සඳහා COBE යානාව විශේෂ තත්ත්වයන් කිහිපයක් යටතේ පැවතිය යුතු විය. ප්‍රධාන වශයෙන් පෘථිවියෙන්, සඳෙන්, සූර්යයාගෙන්, වෙනත් කක්ෂගත චන්ද්‍රිකාවන්ගෙන් හා තමාගෙන්ම නිකුත් වන රේඩියෝ තරංග වැනි විකිරණයන් නොසලකා හැර අවශ්‍ය විකිරණ වර්ගය පමණක් හසුකරගැනීමට යානාවේ පද්ධති වලට හැකි විය යුතුය. එමෙන්ම උෂ්ණත්ව සමතුලිතතාවය, ගණනයන්හිදී සිදුවන අතිශය කුඩා දෝෂ පවා පාලනය කරගැනීමේ හැකියාව සහ ඉහළ පිරිසිදු බව (බාහිර ආලෝක/ තාප කිරණ ග්‍රාහක පද්ධතියට ඇතුළු වීම වැළැක්වීමට) මෙවැනි පර්යේෂණයක යෙදෙන යානාවක තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණාංග ය. මේ සියළු ලක්ෂණයන් කැටිකොටගත් COBE නිපදවීමට නාසාහි ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයට වසර අටක කාලයක් සහ ආසන්නව ඩොලර් මිලියන තිහක පමණ මුදලක් වැය විණි.
විවිධ තරංග ආයාමයන්ගෙන් යුතු අධෝරක්ත කිරණ ග්‍රාහකයක් (Diffuse InfraRed Background Experiment - DIRBE), අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ විචලනයන් හඳුනාගත හැකි ක්ෂුද්‍ර තරංග විකිරණමානයක් (Differential Microwave Radiometer - DMR), එහි වර්ණාවලිය සටහන් කළ හැකි වර්ණාවලිමානයක් (Far InfraRed Absolute Spectrophotometer - FIRAS) හා DIRBE සහ FIRAS උපකරණ සිසිල්ව තබාගැනීම සඳහා භාවිතා වූ ලීටර 650ක ධාරිතාවකින් යුතු Dewar නම් ද්‍රව හීලියම් ටැංකියක් COBE සතුව තිබුණු වැදගත්ම උපකරණ අතර වේ.
වසර හතරකට පසු COBEහි මෙහෙයුම් කාලය නිමාවුණු අතර චන්ද්‍රිකාව අදාළ කක්ෂය තුළම රඳවා තබන ලදී. ඒ මගින් කළ සොයාගැනීම් වෙනුවෙන් එහි මෙහෙයුම් ප්‍රධානීන් වූ ජෝන් මේතර්, ජෝර්ජ් ස්මූත් හා ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය 2006 වසරේදී භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූහ.
Wilkinson Microwave Anisotropy Probe (WMAP)
COBE විසින් අවසන් කළ මෙහෙයුම් කටයුතු තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා නාසාහි ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය සහ ප්‍රින්සිටන් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව තැනූ WMAP, 2001 වසරේ ජූනි මස 30 වනදා ඩෙල්ටා II රොකට්ටුවක් ආධාරයෙන් අභ්‍යවකාශගත විය. COBE මෙන් නොව WMAP රඳවා තබන ලද්දේ ලිසාවුස් (Lissajous orbit) නමින් හැඳින්වෙන ගණනය කරන ලද කක්ෂයකය. (ලිසාවුස් කක්ෂය පිළිබඳව ලිපියක් ඉදිරියේදී)
අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ ඇති කුඩා විචලනයන් වඩා නිවැරදිව මැනගැනීමත්, එම විකිරණයේ සම්පූර්ණ සිතියමක් වඩාත් නිරවද්‍යව සකස් කිරීමත් මෙහි මූලික අරමුණ විය. ඒ මගින් විශ්වයේ ආරම්භය, පරිණාමනය හා එහි අන්තර්ගතය පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගැනීමට අපේක්ෂා කෙරිණි. මේ සඳහා COBEට වඩා 45 ගුණයකින් පමණ විශාල සංවේදීතාවයකින් යුක්තව WMAPහි උපකරණ නිර්මාණය කරන ලදී.
WMAP මෙහෙයුම ආරම්භ කරන අවස්ථාවේදී ඒ සඳහා අපේක්ෂිත මෙහෙයුම් කාලය වසර දෙකක් පමණක් වුවද, යානාව බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් ක්‍රියාත්මකවීම නිසා නාසා ආයතනය විටින්විට එහි මෙහෙයුම් කාලය දීර්ඝ කිරීම්වලට ලක් කළේය. අවසානයේදී වසර දෙකකින් විශ්‍රාම යාමට නියමිතව සිටි WMAP විශ්‍රාම යන්නේ වසර නවයක් ගතවෙද්දී 2010 වසරේදී ය. WMAP මගින් ලැබුණු දත්ත අනුසාරයෙන් සකසනු ලැබූ වාර්තාවන් වසරකට පසු, වසර තුනකට පසු, වසර පහකට පසු, වසර හතකට පසු හා වසර නවයකට පසු ලෙස පස්වරකදී එළිදැක්වුණු අතර අවසන් වාර්තාව මගින් විශ්වය ආසන්නව වර්ෂ බිලියන 13.8ක් පමණ (වර්ෂ බිලියන 13.772) වයසැති බවද, ආදිකල්පික විශ්වයේ 95%ක් පමණ අඳුරු පදාර්ථයෙන් හා අඳුරු ශක්තීන්ගෙන් සමන්විත වූ බවද ආදී වූ නිගමනයන් කිහිපයක් ඉදිරිපත් කෙරිණි.
2010 වසරේ අගෝස්තු මස මෙහෙයුම් කටයුතු නිමාවූ පසු ඔක්තෝබර් මසදී WMAP චන්ද්‍රිකාව අභ්‍යවකාශ සුන්බුන් රඳවා තබන, සූර්යයා කේන්ද්‍ර කොටගත් කක්ෂයක් (heliocentric "graveyard" orbit) වෙත ගෙනයන ලදී.
Planck
ජර්මානු ජාතික භෞතික විද්‍යාඥ මැක්ස් ප්ලාන්ක්ට කෙරෙන ගෞරවයක් වශයෙන් Planck ලෙස නම් වූ මෙම යානාව ඊසා හෙවත් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ (ESA - European Space Agency) නිමැවුමකි. 2009 වසරේ මැයි 14 වන දින ඒරියාන් 5 රොකට්ටුවක් මගින් අභ්‍යවකාශගත කෙරුණු Planckද ස්ථානගත කෙරුණේ ලිසාවුස් කක්ෂය තුළ ය. වියදම් අඩුකිරීම සඳහා Planck සමග වෙනත් අභ්‍යවකාශ මෙහෙයුමකට අයත් Herschel (හර්ෂල්) නම් චන්ද්‍රිකාවක්ද එකම රොකට්ටුවෙන් උඩුගුවනට යැවිණි.
පෙර අභ්‍යවකාශගත වුණු COBE හා WMAP මෙන් නොව යුරෝ මිලියන 700ක මුදලක් වැය කරමින් ක්‍රියාත්මක වුණු Planck මෙහෙයුම තුළ විවිධ අරමුණු රැසක් තිබිණ. අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ ඇති විචලනයන්හි බහුලත්වය හා ධ්‍රැවීකරණය පිළිබඳව සොයාබැලීම, සෞරග්‍රහමණ්ඩලයේ ඇති ආකාශ වස්තු අධ්‍යයනය කිරීම, ක්ෂීරපථයේ චුම්බක ක්ෂේත්‍රයේ ස්වභාවය අධ්‍යයනය කිරීම ආදී ඉලක්කයන් ඒ අතර විය. එමෙන්ම පෙර යානා වලට වඩා ඉහළ විභේදන බලයක් හා සංවේදීතාවයක්ද Planck සතු වූයේය.
Planck සතු වැදගත්ම උපකරණ දෙක වූ Low Frequency Instrument (LFI) හා High Frequency Instrument (HFI) මගින් ඉහත සඳහන් අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ විචලනයන් වල බහුලත්වය හා ධ්‍රැවීකරණය පිළිබඳව සොයාබැලීම සිදු කෙරුණු අතර ඒවා සිසිල් තත්ත්වයේ තබාගැනීම සඳහා ද්‍රව හීලියම් භාවිතා විය.
2013 වසරේ මාර්තු මස Planck පර්යේෂණ වාර්තාව සහ ක්ෂුද්‍ර තරංග පසුබිමේ සම්පූර්ණ සිතියම එළිදක්වන ලදී. ඒ මගින් විශ්වයේ සැබෑ වයස WMAP ව්‍යාපෘතිය ඉදිරිපත් කළ අගයට වඩා සුළු වශයෙන් වැඩි බව (වසර බිලියන 13.819), අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ සිතියම්වල සටහන් වන සියුම් විචලනයන් විශ්වය බිහිවී වසර 370,000ක පමණ කාල පරාසයක් තුළදී හටගැනුණු බව ආදී වැදගත් නිගමනයන් ඉදිරිපත් කෙරිණි.
2013 ඔක්තෝබර් මස 3 වනදා Planck මෙහෙයුම් කටයුතු නිමාවුණු අතර චන්ද්‍රිකාව heliocentric "graveyard" කක්ෂය වෙත ගෙනගොස් එය සතුවූ ඉන්ධන, බැටරි ආදී සියළු බලශක්ති ප්‍රභවයන් ඉවත් කොට (passivation) ක්‍රියාවිරහිත කර දමන ලදී.
සටහන:
මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය ආරම්භ කොට වසරකුත් මාස දෙකක කාලයක් ගෙවෙමින් තිබියදී හත්වැනිවරටත් බ්ලොග් අඩවියේ පළවන ලිපියක් උපුටාගෙන කිසිදු මූලාශ්‍ර දැක්වීමකින් තොරව වෙනත් අඩවියක පළකර තිබේ. මෙහි පළවන සියළු ලිපිවල පූර්ණ හිමිකම මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය සතු වන බවද, ලිපියක්/ ලිපියක කොටසක් උපුටාගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව දැනුම් දී, මූලාශ්‍ර ලෙස මෙම බ්ලොග් අඩවියේ සබැඳියක් (link) සඳහන් කරමින් උපුටාගන්නා ලෙසද දිගින් දිගටම ඉල්ලා සිටීමට සිදුවීම කණගාටුවට කරුණකි. ලිපියක් ලිවීමේදී (විශේෂයෙන්ම මෙවැනි විද්‍යා ලිපියක් ලිවීමේදී) වැයවන කාලය හා ඒ සඳහා දැරීමට සිදුවන වෙහෙස දන්නේ එම ලිපිය ලියන රචකයාම පමණි. යමෙකු පැය 4 - 5ක කාලයක් වැයකරමින් ලියා පළකරන ලිපියක් තත්පර 4 - 5ක කාලයකදී පිටපත් කරගෙන ඔබේ ලිපියක් ලෙස පළකිරීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? "උපුටාගැනීම තහනම්!" යැයි සඳහන් නොකර උපුටාගැනීමට අවකාශය සලසා දී තිබියදීත් රචකයා ඉල්ලා ඇති පරිදි ඔහුට මුල් ලිපියේ ගෞරවය දීමට ඔබට නොහැකි නම් වරද ඇත්තේ කොතැනද?
අභ්‍යවකාශ ඉතිහාසයේ ඉහත පරිදි අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම නිරීක්‍ෂණය කිරීම සඳහා අභ්‍යවකාශගත වූ චන්ද්‍රිකාවන් ගණන තුනකි. මෙම චන්ද්‍රිකා තුනෙහිම මෙහෙයුම් මේ වනවිට නිමා වී තිබේ.
Cosmic Background Explorer (COBE)
අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම පිළිබඳව සොයාබැලීම සඳහා මුලින්ම අභ්‍යවකාශගත වූයේ COBE ය. නාසා ආයතනය විසින් නිපදවූ මෙම චන්ද්‍රිකාව 1989 වසරේ නොවැම්බර් 18 දින ඩෙල්ටා රොකට්ටුවක් ආධාරයෙන් උඩුගුවනට යැවුණු අතර ඉන්පසු පෘථිවිය වටා කක්ෂගත කරන ලදී. අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග වල ඇති කුඩා උෂ්ණත්ව විචලනයන් (මෙම උෂ්ණත්ව විචලනයන්ට හේතුව ආදිකල්පික විශ්වයේ තිබූ ඝනත්ව අසමානතා බවද, සාපේක්‍ෂව වැඩි ඝනත්වයකින් යුතු වූ කොටස් වලින් පසුකාලීනව ආකාශ වස්තූන් බිහිවන්නට ඇති බවද වර්තමානයේදී පිළිගැනේ.) පළමු වරට සොයාගනු ලැබුවේද, එහි වර්ණාවලිය පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක වර්ණාවලියට සර්වසම වන බව විශ්ලේෂණාත්මකව හෙළිදරව් කළේද (මහා පිපිරුම සනාථ කළ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය කියවන්න.) COBE විසිනි. මේ හැර තම මූලික මෙහෙයුමෙන් පරිබාහිරව අධෝරක්ත කිරණ නිකුත් කරන මන්දාකිණි දහයක් සොයාගැනීමේ ගෞරවයද COBE යන නාමය ඉදිරියේ සටහන් වී තිබේ.
෴අභ්‍යවකාශගත කිරීම.෴ |
විවිධ තරංග ආයාමයන්ගෙන් යුතු අධෝරක්ත කිරණ ග්‍රාහකයක් (Diffuse InfraRed Background Experiment - DIRBE), අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ විචලනයන් හඳුනාගත හැකි ක්ෂුද්‍ර තරංග විකිරණමානයක් (Differential Microwave Radiometer - DMR), එහි වර්ණාවලිය සටහන් කළ හැකි වර්ණාවලිමානයක් (Far InfraRed Absolute Spectrophotometer - FIRAS) හා DIRBE සහ FIRAS උපකරණ සිසිල්ව තබාගැනීම සඳහා භාවිතා වූ ලීටර 650ක ධාරිතාවකින් යුතු Dewar නම් ද්‍රව හීලියම් ටැංකියක් COBE සතුව තිබුණු වැදගත්ම උපකරණ අතර වේ.
වසර හතරකට පසු COBEහි මෙහෙයුම් කාලය නිමාවුණු අතර චන්ද්‍රිකාව අදාළ කක්ෂය තුළම රඳවා තබන ලදී. ඒ මගින් කළ සොයාගැනීම් වෙනුවෙන් එහි මෙහෙයුම් ප්‍රධානීන් වූ ජෝන් මේතර්, ජෝර්ජ් ස්මූත් හා ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය 2006 වසරේදී භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූහ.
෴COBE මගින් සැකසූ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිමේ සිතියම෴ |
Wilkinson Microwave Anisotropy Probe (WMAP)
COBE විසින් අවසන් කළ මෙහෙයුම් කටයුතු තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා නාසාහි ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය සහ ප්‍රින්සිටන් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව තැනූ WMAP, 2001 වසරේ ජූනි මස 30 වනදා ඩෙල්ටා II රොකට්ටුවක් ආධාරයෙන් අභ්‍යවකාශගත විය. COBE මෙන් නොව WMAP රඳවා තබන ලද්දේ ලිසාවුස් (Lissajous orbit) නමින් හැඳින්වෙන ගණනය කරන ලද කක්ෂයකය. (ලිසාවුස් කක්ෂය පිළිබඳව ලිපියක් ඉදිරියේදී)
අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ ඇති කුඩා විචලනයන් වඩා නිවැරදිව මැනගැනීමත්, එම විකිරණයේ සම්පූර්ණ සිතියමක් වඩාත් නිරවද්‍යව සකස් කිරීමත් මෙහි මූලික අරමුණ විය. ඒ මගින් විශ්වයේ ආරම්භය, පරිණාමනය හා එහි අන්තර්ගතය පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගැනීමට අපේක්ෂා කෙරිණි. මේ සඳහා COBEට වඩා 45 ගුණයකින් පමණ විශාල සංවේදීතාවයකින් යුක්තව WMAPහි උපකරණ නිර්මාණය කරන ලදී.
෴අභ්‍යවකාශගත කිරීම.෴ |
2010 වසරේ අගෝස්තු මස මෙහෙයුම් කටයුතු නිමාවූ පසු ඔක්තෝබර් මසදී WMAP චන්ද්‍රිකාව අභ්‍යවකාශ සුන්බුන් රඳවා තබන, සූර්යයා කේන්ද්‍ර කොටගත් කක්ෂයක් (heliocentric "graveyard" orbit) වෙත ගෙනයන ලදී.
෴WMAP මගින් සැකසූ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිමේ සිතියම෴ |
Planck
ජර්මානු ජාතික භෞතික විද්‍යාඥ මැක්ස් ප්ලාන්ක්ට කෙරෙන ගෞරවයක් වශයෙන් Planck ලෙස නම් වූ මෙම යානාව ඊසා හෙවත් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ (ESA - European Space Agency) නිමැවුමකි. 2009 වසරේ මැයි 14 වන දින ඒරියාන් 5 රොකට්ටුවක් මගින් අභ්‍යවකාශගත කෙරුණු Planckද ස්ථානගත කෙරුණේ ලිසාවුස් කක්ෂය තුළ ය. වියදම් අඩුකිරීම සඳහා Planck සමග වෙනත් අභ්‍යවකාශ මෙහෙයුමකට අයත් Herschel (හර්ෂල්) නම් චන්ද්‍රිකාවක්ද එකම රොකට්ටුවෙන් උඩුගුවනට යැවිණි.
පෙර අභ්‍යවකාශගත වුණු COBE හා WMAP මෙන් නොව යුරෝ මිලියන 700ක මුදලක් වැය කරමින් ක්‍රියාත්මක වුණු Planck මෙහෙයුම තුළ විවිධ අරමුණු රැසක් තිබිණ. අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ ඇති විචලනයන්හි බහුලත්වය හා ධ්‍රැවීකරණය පිළිබඳව සොයාබැලීම, සෞරග්‍රහමණ්ඩලයේ ඇති ආකාශ වස්තු අධ්‍යයනය කිරීම, ක්ෂීරපථයේ චුම්බක ක්ෂේත්‍රයේ ස්වභාවය අධ්‍යයනය කිරීම ආදී ඉලක්කයන් ඒ අතර විය. එමෙන්ම පෙර යානා වලට වඩා ඉහළ විභේදන බලයක් හා සංවේදීතාවයක්ද Planck සතු වූයේය.
෴අභ්‍යවකාශගත කිරීම.෴ |
2013 වසරේ මාර්තු මස Planck පර්යේෂණ වාර්තාව සහ ක්ෂුද්‍ර තරංග පසුබිමේ සම්පූර්ණ සිතියම එළිදක්වන ලදී. ඒ මගින් විශ්වයේ සැබෑ වයස WMAP ව්‍යාපෘතිය ඉදිරිපත් කළ අගයට වඩා සුළු වශයෙන් වැඩි බව (වසර බිලියන 13.819), අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයේ සිතියම්වල සටහන් වන සියුම් විචලනයන් විශ්වය බිහිවී වසර 370,000ක පමණ කාල පරාසයක් තුළදී හටගැනුණු බව ආදී වැදගත් නිගමනයන් ඉදිරිපත් කෙරිණි.
2013 ඔක්තෝබර් මස 3 වනදා Planck මෙහෙයුම් කටයුතු නිමාවුණු අතර චන්ද්‍රිකාව heliocentric "graveyard" කක්ෂය වෙත ගෙනගොස් එය සතුවූ ඉන්ධන, බැටරි ආදී සියළු බලශක්ති ප්‍රභවයන් ඉවත් කොට (passivation) ක්‍රියාවිරහිත කර දමන ලදී.
෴Planck මගින් සැකසූ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිමේ සිතියම෴ |
සටහන:
මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය ආරම්භ කොට වසරකුත් මාස දෙකක කාලයක් ගෙවෙමින් තිබියදී හත්වැනිවරටත් බ්ලොග් අඩවියේ පළවන ලිපියක් උපුටාගෙන කිසිදු මූලාශ්‍ර දැක්වීමකින් තොරව වෙනත් අඩවියක පළකර තිබේ. මෙහි පළවන සියළු ලිපිවල පූර්ණ හිමිකම මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය සතු වන බවද, ලිපියක්/ ලිපියක කොටසක් උපුටාගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව දැනුම් දී, මූලාශ්‍ර ලෙස මෙම බ්ලොග් අඩවියේ සබැඳියක් (link) සඳහන් කරමින් උපුටාගන්නා ලෙසද දිගින් දිගටම ඉල්ලා සිටීමට සිදුවීම කණගාටුවට කරුණකි. ලිපියක් ලිවීමේදී (විශේෂයෙන්ම මෙවැනි විද්‍යා ලිපියක් ලිවීමේදී) වැයවන කාලය හා ඒ සඳහා දැරීමට සිදුවන වෙහෙස දන්නේ එම ලිපිය ලියන රචකයාම පමණි. යමෙකු පැය 4 - 5ක කාලයක් වැයකරමින් ලියා පළකරන ලිපියක් තත්පර 4 - 5ක කාලයකදී පිටපත් කරගෙන ඔබේ ලිපියක් ලෙස පළකිරීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? "උපුටාගැනීම තහනම්!" යැයි සඳහන් නොකර උපුටාගැනීමට අවකාශය සලසා දී තිබියදීත් රචකයා ඉල්ලා ඇති පරිදි ඔහුට මුල් ලිපියේ ගෞරවය දීමට ඔබට නොහැකි නම් වරද ඇත්තේ කොතැනද?
මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළවූ ලිපියක කොටසක් මූලාශ්‍ර දැක්වීමකින් තොරව විද්‍යා ගවේෂණ නම් බ්ලොග් අඩවියක පළකර ඇති අයුරු. |
වෙනද වගේම ආසාවෙන් කියෙව්ව මචෝ
ReplyDeleteස්තූතියි උඹට උඹේ කාලය වැය කරගෙන අපි වගේකම්මැලියන්ට මේව කියවන්න ඉඩ ලබා දෙනවට
බ්ලොග් හොරු ගැන නං ඉතිං කතා කරල වැඩක් නෑ...
ගූගල් ඕතර්ෂිප් එක ගන්
උඹ උඹේම පින්තූරෙ දාගන ඇත්ත නමින් ලියන හන්ද ගන්න පුලුවන් වෙයි
අනික තමා කොපි පේස්ට් බ්ලොක් කරල දාහන්
ඒක වැදගත් කරුණු හොයන උන්ට පාඩුවක් නං තමා
ඒත් වෙන මක්ක කරන්නද
හොද දෙයක් ලේසියෙන් ගන්නපුවන් තරමට හොරකං කරනව වැඩී
එළඹෙනා නව වසර සාමයෙන් සන්තෝසනේ පිරුණ කිරි පැණි වෑස්සෙන
සුභම සුභ නව වසරක් වේවා....
ජයෙන් ජයම වේවා
දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්නවට බොහොම ස්තූතියි මහේෂ් අයියටත්..
Deleteඕතර්ෂිප් එක නම් අරන් තියෙන්නෙ.. කොපි පේස්ට් බ්ලොක් කරන කෝඩ් එකෙන් බ්ලොක් කරන්නෙ right clicking විතරයි අයියෙ. දන්න කෙනෙක්ට Ctrl+C වලින් ගන්න පුළුවන් ලේසියෙන්ම.
ප්‍රශ්නෙ කියන්නෙ මම කොපිකරගන්න එපා කියන්නෙත් නැතුව මට credit එක දීල ඕන එකක් කොපි කරගන්න කියල කිව්වමත් ඒ විදිහට කරන්න බෑනෙ.
මහේෂ් අයියටත්, පවුලේ අයටත් සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!
නෑ මචං ඔය දෙකම බ්ලොක් කරන්න පුලුවං උවමනා නං මං කරල තිබ්බ ඒත් මොකටද කියලයි අයින් කලේ
Deleteහොද දේවල් මිසක් කටු කම්බි වලින් හොරුන්ට වැඩක් නෑ නෙව බං
අපේව හොද හන්ද නෙව උස්සන්නෙ
මං හිත හදං ඉන්නෙ
එහෙමද, ඒක දැනගෙන හිටියෙ නෑ මම.
Deleteඒක නම් ඇත්ත මහේෂ් අයියෙ..
එකකට එකක් සම්බන්ද මේ ලිපි පෙළ ගොඩක් වටිනවා. දේශපාලන වල් පල් ලියන්නේ නැතිව ඔබ කරන මේ දේ ලොකු සේවයක්. ඉගෙන ගන්නා අයට මේවා ගොඩක් වටිනවා. විෂය කරුණු වලට වඩා මේ වගේ කියවන එක ඉගෙන ගන්නා අයට වටිනවා. අපි ඉගෙන ගන්නා කාලේ අමතර දෙයක් ඉගෙන ගන්න තිබුණු එකම පුවත්පත විදුසර තමයි.
ReplyDeleteLissajous orbit එක ගැනත් ලියන්න.
බොහොමත්ම ස්තූතියි මකසි.. ඇත්ත සාම්ප්‍රදායික විදිහට විෂය කරුණු ඉගෙනගන්න ගියාම එපා වෙනවා.
Deleteමාත් සෑහෙන කාලෙක ඉඳන් විදුසර එකතු කළා, ඒත් දැන් ඒක ටිකක් වෙන පැත්තකට යනව නේද..
අනිවාර්යයෙන්ම ඉක්මණින්ම ලියන්නම්.
විදුසරත් දැන් අනාගෙන
Deleteකියල වැඩක් නෑ.....
Deleteමොකාa මේ cosmic?
ReplyDeleteමහා පිපිරුම සනාථ කළ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය :)
DeleteCMB - cosmic microwave background
Deleteහොඳ ලිපියක් යානා ගැන. මේ wmap එකෙන් එන නිරීක්ෂණ බහු විශ්වයන් ගැන සොයන දත්ත තියෙන්නේ. හිරන්‍යා පීරිස් හෙම වැඩ කරන්නේ මේ දත්තත් එක්ක.
ReplyDeleteබ්ලොගය කොපි කරන අයට කිව්වේ නැත්ද?
බොහොම ස්තූතියි..!
Deleteහිරන්‍යා පීරිස් මේ ප්‍රොජෙක්ට් එකේ වැඩකරනවා කියල අද තමයි දැනගත්තේ. එයා ප්ලාන්ක් ටීම් එකෙත් ඉන්නව නේද?
කිව්වා, ඒ ලිපිය යටින් කමෙන්ටුවක් දැම්මා මූලාශ්‍ර දුන්න නම් හොඳයි නේද කියලා. කමෙන්ටුව පළකරල තියෙනවා ඒත් ඒ ටෙම්ප්ලේට් එකේ "1 comment", "2 comments" කියල කමෙන්ට්ස් කවුන්ට් එක පෙන්නනව මිසක් අදාළ කමෙන්ට්ස් පෙන්නන්නෙ නෑ. ඉතින් වැඩක් නෑනේ, ලිපිය වෙනස් කරලත් නෑ. ඒ හින්දා කණගාටුවෙන් වුණත් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න වුණා. ක්‍රෙඩිට් එක දීල මොන දේ ගත්තත් කමක් නැහැ.
හිරන්‍යා මට මේ ලින්ක් එක එව්වා කාලෙකට කලින්: http://lambda.gsfc.nasa.gov
Deleteඒ පිලිබඳ පබ්ලික් ඩේට තියෙනවා.
ෂාහ් සමකාලීනයොද? හිරන්‍යා පෙරේරාත් එන්ගලන්තයේ නේද? ඊසා එකත් එක්ක වැඩ කළා කියල මිසක් නාසා එකත් එක්ක වැඩ කළා කියල දැනගෙන හිටියෙ නෑ..
Deleteබොහොම ස්තූතියි ලින්ක් එකට...
අපෝ නැහැ. හිරන්‍ය කියන්නේ multiverse ගැන authority එකක් තිබෙන කෙනෙක්නේ අපිට උගන්නපු Dr Carr කිව්වෙත් එහෙමයි. මම නිකන් ඩිග්රි කාරයනේ. ඉගෙන ගත දේ අනිත් අයට කියල දෙන්න විතරයි හදන්නේ. හිරන්‍යා දේශනයක් කලා RAS එකේ. මම එතෙන්දි හමුවෙලා ප්‍රශ්නයක් දෙකක් ඇහුවා. එච්චරයි.
Deleteඩිග්රි කාරයා යනු පහත් වචනයක් නොවේ! :D
Deleteඅජිත් මහත්මයට තාරකා විද්‍යාව පැත්තෙන් රැකියාවකට යන්න අදහසක් තිබුණේ නැද්ද?
ටිකක් අමාරුයි මල්ලි. යනවා නම් රස්සාව අත හැරලා අඩු පඩියට යන්න ඕනේ. එහෙම අවස්ථාවක් ලැබුණා. මම ගියේ නැහැ. ගෙට මොර්ගේජ් ගෙවන්න , ළමයින්ට උගන්වන්න , ලංකාවේ පවුලට උදව් කරන්න වගේ දහසක් දේ තිබෙද්දී අමාරුයි. අනික astrophysics කරපු හුඟක් මගේ යාලුවෝ ඒ පැත්තේ රැකියාවල නෙමේ ඉන්නේ. බැංකු වල , පරිගණක ඉන්ජිනේරු හැටියට.
Deleteඑහෙම නම් ප්‍රශ්නයක් තමයි.
Deleteමගේ වෘත්තීය දැනුම අඩු නිසා අහන්නේ, ඒ කියන්නෙ astronomy field එකේ ප්‍රමාණවත් පඩියක් ලැබෙන්නෙ නැද්ද?
අපොයි ලැබෙනවා. මෙහෙම ලෙක්චරින් ගිහිල්ල උසස් වෙන්න පුළුවන් මහාචාර්ය දක්වා. රිසර්ච් සයන්ටිස්ට් වුන හැකි. නමුත් දැනට අවස්ථා අඩුයි. නැත්නම් ඉල්ලන qualification වැඩියි. Phd එක හුඟක් වෙලාවට අනිවාර්යයි. පරිගණක ක්ෂේත්‍රයේ රස්සා වැඩියි. මැත පුළුවන් නිසා රස්සාවක් ලැබෙන චාන්ස් එකත් වැඩියි. නාසා හරි cern වගේ යන්න පුලුවන්නම් ගොඩ තමා.
Deleteමමත් දැනගෙන හිටියේ සාපේක්‍ෂව වැඩි පඩි ලැබෙනවා කියලා ගොඩක් කැපවෙන්න ඕන ෆීල්ඩ් එකක් නිසා..
Deleteඅවස්ථා අඩු එක තමයි ප්‍රශ්නෙ එහෙනම් නේද.. ඊසා එකේ තත්වෙ කොහොමද?
මේ වටිනා මෙහෙය වැඩිදියුණු කරන්න යෝජනාවක් ගේන්නද? මේ සංකීර්ණ ලිපි අතරෙ පොඩි උන්ටත් තේරෙන්න ලිපියක් (මාසෙකට 1 ක් වත්) දාන්න පුලුවන්නම්... මොකද පොඩිඋන්ට මේවා හරි රසවත් මාතෘකා. ඊයෙත් අපේ බබාලන්තෙට මම විශ්වයේ සීමා මායිම් විශාලත්වය වගේ ඒවා (ඔබේ ලිපි ඇසුරෙන්) කියාදුන්නා රෑ අහස පෙන්නලා. උන් වශී වෙලා වගේ අහන් ඉන්නෙ.
ReplyDeleteහොඳ අදහසක්. මධුමාධවී කියන්නේ පොඩි අයට තේරෙන්න මේ ලියන ශෛලිය වෙනස් කරල ලිපිය දාමු කියලද නැත්නම් මේ ශෛලියෙන්ම තව ටිකක් සරල කරල ලියමු කියලද?
Delete//ඊයෙත් අපේ බබාලන්තෙට මම විශ්වයේ සීමා මායිම් විශාලත්වය වගේ ඒවා (ඔබේ ලිපි ඇසුරෙන්) කියාදුන්නා රෑ අහස පෙන්නලා. උන් වශී වෙලා වගේ අහන් ඉන්නෙ. //
මෙහෙම දෙයක් අහන්න ලැබීමත් ලොකු සතුටක්..
කරුණු ගැන කිසි ගැටලුවක් නෑ. ශෛලිය සංකීර්ණයි පොඩි උන්ට. මම කියන්නේ මේ සබ්ජෙක්ට් එකට අපිටත් වඩා පොඩි උන් හරි ආසයි. උන්ට දැනෙන්න ලිපියක් මාසෙකට සැරයක්වත් දාමුද?
Deleteඅනිවාර්යයෙන්ම එහෙම දෙයක් කරමු මටත් හිතෙනව ඒක හොඳයි කියල. බොහොම ස්තූතියි මධුමාධවී අදහසට...
Delete//2010 වසරේ අගෝස්තු මස මෙහෙයුම් කටයුතු නිමාවූ පසු ඔක්තෝබර් මසදී WMAP චන්ද්‍රිකාව අභ්‍යවකාශ සුන්බුන් රඳවා තබන, සූර්යයා කේන්ද්‍ර කොටගත් කක්ෂයක් (heliocentric "graveyard" orbit) වෙත ගෙනයන ලදී.//
ReplyDeleteඑහෙම කරහම මොකද වෙන්නේ . ඉර දිහාට ඇදිල ගිහින් විනාස වෙනවද . ටිකක් පැහැදිලි කරන්නකො .
graveyard කක්ෂයකට ගෙනියන්නෙ විනාශ කරන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි අටම් අයියෙ. ඒකෙ ප්‍රධාන අරමුණ මේ ක්‍රියාවිරහිත චන්ද්‍රිකාවලින් තාමත් මෙහෙයුම් කටයුතු වල යෙදිල ඉන්න යානාවලට වෙන්න පුළුවන් බාධාවීම්, එකිනෙක ගැටීම් වගේ අනතුරු වැළැක්වීම. ඒවා graveyard කක්ෂෙකට අරන් ගිහින් දිගටම කක්ෂය වටේ යන්න සලස්වලා ඊටපස්සෙ ක්‍රියාවිරහිත කරල දානවා. ඉතින් ඒ චන්ද්‍රිකාව පස්සෙ කාලෙක උල්කාපාතයක හරි වෙනත් ඒ වගේ ක්‍රියාවිරහිත යානෙක හරි ගැටුණොත් ඇරෙන්න බොහෝවිට අවුරුදු දහස් ගාණක් යනකන් වුණත් ඔහේ graveyard කක්ෂය වටේ යමින් තියෙයි.
Deleteමම ඉස්සරහට අභ්‍යවකාශ සුන්බුන් ගැන වෙනම ලිපියක් දාන්නම්...
සුභම සුභ නව වසරක් වේවා........................
ReplyDeleteකුගැගීප
ඔබ සියළුදෙනාටත් එසේම වේවා කුගැගීප..!
Deleteසියළු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteඔබටත් එසේම වේවා මනා..
DeleteHappy new year 2015 :)
ReplyDeletewish you the same akke... :)
Deleteමේ ග්‍රහ වස්තුවලට තමන්ගේ ජන්ම කේන්ද්‍රය බාරදුන් අති බහුතරයක් මිනිසුන් සමඟනේ අපි ජීවත් වෙන්නේ..............
ReplyDeleteකියල වැඩක් නෑ නිර්මලා.. කොයිතරම් වැරදි වුණත් විශ්වාස කරන අය ඕව අතාරින්නෙත් නෑ...
Delete