Saturday, February 14, 2015

වොලී සමග තරු වටා - 1 කොටස

එදා අමාවක දවසක්. හඳ පායලා නැති නිසා මුළු අහසම එළිය වෙලා තිබුණෙ පුංචි පුංචි ලස්සන තරු වලින්.

"සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා....."

පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ ගාථා හඬ ගම පුරාම පැතිරෙනව. අද නිමාෂගෙ සීයගේ තුන්මාසෙ බණ දවස. ජීවත් වුණ කාලේ ගමේ හැමෝත් එක්කම බොහොම සමගියෙන් සමාදානයෙන් හිටපු සීයා වෙනුවෙන් අද මුළු ගමේම කට්ටිය නිමාෂලගෙ ගෙදරට එකතු වෙලා.

ධර්ම දේශනාව ඉවර වෙලා ලොකු හාමුදුරුවො ආපහු පන්සලට වැඩියා.

"පුතාලත් ඇවිත් මේ එක්කම කෑම කන්න." නිමාෂගෙ අම්මා කිව්වා.

"පෝළිම දිගයි නේද නැන්දෙ. අපි තව ටිකකින් කන්නම්." ඒ මනුරංග.

නිමාෂ, මනුරංග, තරිනි, සනුලි කියන්නෙ එහා නගරෙ ඉස්කෝලෙ එකට ඉගෙනගන්න හොඳ යාළුවෝ. හය වසරෙ ඉන්න මේ අය ඉගෙනගන්න සෑහෙන්න දක්ෂයි. මේ හතරදෙනා අතරෙ හොඳ යාළුකමක් ඇතිවෙන්න හේතු වුණේ එයාල එකම ගමේ අය වෙච්ච එක විතරක්ම නෙමෙයි. හතරදෙනාටම තාරකා විද්‍යාව ගැන ලොකු උනන්දුවක් තිබ්බ එකත් මේ යාළුකමට හේතුවක් වුණා.


දැන් නම් රෑ නමයටත් කිට්ටුයි.

"බලන්නකො අද අහසෙ ලස්සන." සනුලි කිව්වා.

"වෙල පැත්තට ගියොත් මීටත් වඩා ලස්සනට පෙනේවි ඒ හරියෙ ගස් අඩු නිසා. යමුද කට්ටියම?" නිමාෂ ඇහුවා.

ටික වෙලාවක් යනකොට යාළුවො හතරදෙනාම හිටියෙ වෙල්යාය පැත්තට යන පාරේ. මේ ගමේ හොර හතුරු කරදර ඇත්තෙම නැති තරම් හින්ද ළමයි රෑට තනියෙන් පාරෙ යන එක ගමේ අයට මහා ලොකු දෙයක් වුණේ නෑ.

දැන් ළඟයි. ඉස්සරහ ලොකු වංගුවෙන් දකුණට හැරුණ ගමන්ම තියෙන්නෙ වෙල.

ඒත්.....

පාරේ වංගුවෙන් එහා මොකක්ද මන්දා ලොකු එළියක් පේනවා. ඒ පැත්තම දවල් කාලෙක වගේ එළියයි.

නිමාෂලා පාරෙ හිටපු තැනම නැවතුණා. මුලින්ම කතා කරගන්න පුළුවන් වුණේ තරිනිට.

"මොකක්ද ඒ? මට නම් බයයි. අපි ආපහු යමු."

ඇත්තටම වංගුවෙන් එහාට වැටිල තිබුණ එළිය මොකක්ද? ඊළඟ කොටසෙන් හම්බ වෙමු.

සටහන:
මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළ වන මූලික තාරකා විද්‍යා ලිපි පෙළට සමගාමීව කුඩා දරුවන් සඳහා සරල, පහසුවෙන් අවබෝධ කරගත හැකි තාරකා විද්‍යා ලිපි පෙළක්ද ලිවීමේ අදහසක් මීට කලකට පෙර මධුමාධවී වෙතින් ඉදිරිපත් විය. මෙහි පළ වන සියළුම ලිපි හැකිතාක් සරල කොට ලියැවුණද කුඩා දරුවන්ට ඒවා කියවා වටහාගැනීම අපහසු වන්නේ ඒවායේ අඩංගු සංකීර්ණ විද්‍යාත්මක කරුණු නිසාවෙනි. විද්‍යාත්මක කරුණු හැකිතාක් අවම කොට ළමා කතාවක් ලෙසින් මෙම ලිපි පෙළ පළවන්නේ එමනිසා ය. අද සිට අවම වශයෙන් මසකට වරක් හෝ වොලී සමග තරු වටා ලිපි පෙළ ලියැවෙනු ඇත.

21 comments:

  1. මෙන්න අලුත් වැඩක් නියමයි :) :) ඔන්න මුල්ම සුබ පැතුම මගෙන්... ජයවේවා !! :) :)

    ReplyDelete
    Replies
    1. හංසි හුඟ කාලෙකින්... :) ඔන්න බොහොම ස්තූතියි කිව්වා..! :D

      Delete
  2. හා හා ඒකත් හොදයි තමා

    ReplyDelete
    Replies
    1. මධුමාධවීට තමා ක්‍රෙඩිට් එක සහ වගකීම...

      Delete
  3. අළුත් වැඩකට අපි කවදත් කැමති.. හැබැයි ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ලියන එක තමයි අවුල..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ් අයියෙ.. මේ දවස්වල ටිකක් වැඩ වැඩියි ඒකයි ප්‍රශ්නෙ...

      Delete
  4. Replies
    1. බොහොම ස්තූතියි අජිත් මහත්මයා..!

      Delete
  5. හොඳම හොඳයි. පොඩි ලමයින්ට විතරක් නෙමේ තේරෙන්නේ නැති අපි වගේ අයට හොඳයිලු...:P

    ReplyDelete
    Replies
    1. මේවා අක්කලට සරල වැඩි නැද්ද? :D

      Delete
    2. අක්කලට කොහොමද දන්නේ නෑ. පොඩ්ඩිට නම් ගානයි...:P

      Delete
    3. 'පොඩි' කියල විශේෂණ පදයක් තියෙන බව අමතක වුණා නෙ.. :D

      Delete
  6. නියමයි.මං හිතන්නේ පළවෙනි වතාවටද කොහෙදෝ මං ඇවිත් මේ කොමන්ට් 1ක් දාන්නේ.ඉස්සර මගෙත් ජනප්‍රියම විෂයක් තමා මේ.දැනට අපේ ගෙදර තාරකා විද්‍යා පොත් බර ගානක් තියෙනවා.මජ තාරකා විද්‍යාව ගැන පොතක් පවා ලිව්වා.ඒත් තවමත් ඒක පළ වෙලා නෑ.දැන් වසර ගාණක් වෙනවා.එතනින්ම තාරකා විද්‍යාව පිළිබද ගවේශනය ඇන හිටියා.දැන් වෙනස්ම මාතෘකාවක් උන ගණකාධිකරණය පස්සේ යනවා.කොහොමත් මේ බ්ලොග් එකට උපරීම සහාය දෙන්න බලාපොරොත්තු වෙනවා.

    පිට සක්වල ජීව විද්‍යාව ඉතා හොද විෂයක්.අධ්‍යන කරන්න කරන්න සතුටුයි..

    ReplyDelete
    Replies
    1. හඳුනාගන්න ලැබීම සතුටක්. මමත් තාරකා විද්‍යා පොතුයි, විද්‍යා ප්‍රබන්ධයි තාමත් එකතු කරනවා පිස්සුවෙන් වගේ. ඇයි පොත පළ නොකළේ? අපරාදෙනේ... ඇත්තටම ඔව්, කවදාවත් එපා නොවෙන විෂයයක්..

      Delete
    2. පොතට වඩා අධ්‍යාපනයට හිත යොමු කරන්න උනා.ඒකයි ඒක නැත්තටම නැති උනේ.

      Delete
  7. මේ බ්ලෙග් එකේ හැම පෝස්ට් එකක්ම කියවනවා.දොසක් කියන්න තිබුනොත් මිසක් කමෙන්ට් නොදා ඉන්නම්.මොකද හැම පෝසට් එකටම කමෙන්ට් කරන එක අපහසු නිසා..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි. පුළුවන් වෙලාවට කමෙන්ට් කරන්න, ඕනෑම අදහසක් වැදගත්..

      Delete
  8. එළ මචෝ....
    කතාව ටිකක් දිගට අඩුම ගානෙ වචන තුංසීයක් වත් කොටහකට වෙන්න...
    දිගටම කියටවන්න එනව
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ටිකක් වැඩ වැඩි නිසයි මහේෂ් අයියෙ පුංචි වුණේ. ඉස්සරහට ටිකක් වැඩිපුර ලියන්නම්කො. බොහොමත්ම ස්තූතියි..

      Delete
  9. අලුත් අාරක්... නරකම නෑ..
    මිත්‍යාවක් ගැන කියනටකොට බණ්ඩාර ලොක්ක මතක් වුනා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මධුමාධවී.

      ආ එයාල මිථ්‍යාවට අධිපති දෙවිවරු නෙ..

      Delete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...