Friday, October 30, 2015

වසර දෙකක් පිරීම නිමිත්තෙනි

මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළමු ලිපිය පළවී අද දිනට වසර දෙකක් ගතවන බව දැනුම් දී සිටින්නේ ඉතාමත් සතුටිනි.


2013 ඔක්තෝබර් මස 25 වන දින ආරම්භ කොට, 2013 ඔක්තෝබර් මස 30 වනදා ගමනක ආරම්භය ලිපිය පළකරමින් ඇරඹුණු මන්දාකිණියෙන් ඔබ්බට යන සංචාරය මේ වනවිට බලාපොරොත්තු නොවූ තරමේ දුරක් පැමිණ තිබේ. අධ්‍යාපන කටයුතු නිසා විටින්විට කාර්යබහුල වීමෙන් බ්ලොග් අඩවියේ වසර දෙකක් පුරා පළවුණු ලිපි ගණන 27කට පමණක් සීමා වුවද, ඒ ලිපි 27 වටා එක්වුණු පාඨකයන් ගණන අතිමහත් ය. මා දැන හඳුනාගත් බ්ලොග් සහෘදයන් ගණන අතිමහත් ය. නිරතුරුවම බ්ලොග් අඩවිය සමග එකතු වී සිටින, තවදුරටත් ලිවීමට මා උනන්දු  කරවන සහ සමහර අවස්ථාවන්හිදී වැරදි  නිවැරදි කිරීම් ආදියට පවා සහය වන දේශකයා, මහේෂ්, අජිත්, ප්‍රාජේ ඇතුළු අනෙකුත් සියළුම සහෘද බ්ලොග්කරුවන්ටත්, නිතරම බ්ලොග් අඩවිය සමග රැඳී සිටින ගීත්මා, දනුල වැනි මිතුරු මිතුරියන්ටත් මාගේ හෘදයාංගම ස්තූතිය පුදකිරීමට කැමැත්තෙමි. 

ආරම්භයේ සිට මේ දක්වා ගතවූ වසර දෙකක කාලය තුළ මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය වෙනස් වී ඇත්තේ එහි පෙනුමෙන් පමණක්ම නොවේ. තාරකා පරිණාමනය පිළිබඳව සරලව පැහැදිලි කෙරෙන ලිපි පෙළක් බ්ලොග් අඩවියේ පළවෙමින් පවතී. නිහාරිකා පිළිබඳව පළවූ නිහාරිකා - ඇරඹුමත් අවසානයත් එතැනය. ලිපියෙන් පසු කුරු තාරකා, නියුට්‍රෝන තාරකා, කළු කුහර ආදී බොහෝ ආකාශ වස්තූන් පිළිබඳව ඉදිරියේදී මෙම ලිපි පෙළින් සාකච්ඡා කෙරෙනු ඇත. එමෙන්ම Interstellar චිත්‍රපටය පැහැදිලි කරන ලද තාරකා අතරට... (Interstellar චිත්‍රපට විවරණය) ලිපියෙන් පසු තවත් තාරකා විද්‍යාත්මක ප්‍රබන්ධ චිත්‍රපට කිහිපයක් පැහැදිලි කරන ලෙස ඉල්ලීම් ලැබුණු නිසා එවැනි චිත්‍රපට කිහිපයක විවරණයන්ද ඉදිරියේදී පළ කෙරෙනු ඇත. එමෙන්ම දමනය (පස්වන කොටස) පළකිරීමෙන් පසු මා විසින් රචිත කුඩා විද්‍යා ප්‍රබන්ධ කතා කිහිපයක්ද ඉදිරියේදී පළකිරීමට අදහස් කරගෙන සිටින අතර ආතර් සී. ක්ලාක්, අයිසැක් ඇසිමෝව් වැනි ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා කිහිපයක් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමටද කටයුතු කරමින් සිටිමි.



අධික වැඩකටයුතු අතරේද මා දිගින් දිගටම බ්ලොග් අඩවිය පවත්වා ගෙන යනු ලබන්නේ ඔබෙන් නිරතුරුවම ලබන දිරිමත් කිරීම් නිසාවෙනි. එහෙත් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාම අධෛර්යමත් කරවන නිර්මාණ මංකොල්ලයන්ද මෙම අවකාශය තුළ බහුල ය. කෙසේ හෝ වේවා මන්දාකිණියෙන් ඔබ්බට තුළ පළවන ලිපි තුළින් යමෙක් ඉතාම සුළු ප්‍රමාණයක හෝ දැනුමක් ලබාගන්නේ නම්, එසේත් නැතිනම් තමන් වරදවා වටහාගෙන සිටි යමක් නිවැරදි කරගන්නේ නම් එය මා හට විශාල සතුටකි. ඉතින්... හමුවෙමු මීළඟ ලිපියෙන්.

සංචාරය තවමත් අවසන් නැත.....

34 comments:

  1. මා විසින් රචිත කුඩා විද්‍යා ප්‍රබන්ධ කතා කිහිපයක්ද ඉදිරියේදී පළකිරීමට අදහස් කරගෙන සිටින අතර ආතර් සී. ක්ලාක්, අයිසැක් ඇසිමෝව් වැනි ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා කිහිපයක් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමටද කටයුතු කරමින් සිටිමි.///
    I think It s gonna be awesome... Cant wait bro.. I think I'm gonna be a huge fan of your...
    start it as soon as possible..
    2 years.. not much... but big.. best of luck for all the things that you up..

    ReplyDelete
    Replies
    1. Haha thanks a lot brother. I already have 2 small fictional stories saved in notepads, will publish atleast one of them within the next month. Don't know whether they are good or just some disasters. :D

      Thanks a lot again Mahesh aiya.

      Delete
  2. Cheers..

    //අධික වැඩකටයුතු අතරේද මා දිගින් දිගටම බ්ලොග් අඩවිය පවත්වා ගෙන යනු ලබන්නේ ඔබෙන් නිරතුරුවම ලබන දිරිමත් කිරීම් නිසාවෙනි. -//

    සල්ලි ඉල්ලනවා නෙමෙයි නේ. පුතා උඹ වැඩේ හරියට කරගෙන යන්න ඕන.. එච්චරයි මං කියන්නේ..

    ReplyDelete
    Replies
    1. අම්ම‍ෝ සල්ලි නම් එපා. :D

      බොහොමත්ම ස්තූතියි දේශා.

      Delete
  3. එල ද බ්‍රා
    ලියපන් දිගටම ලියපන්
    අපිටත් වඩා මේවා වටින්නේ අපේ පොඩි එවුන්ට
    උඔලාගේ හැකියාවන් උඔලටත් වඩා වටින්නෙ අපිට

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මෙන්ඩා..

      මධූත් කියනව ඔය කතාව. සෑහෙන සතුටුයි ලියන දෙයක් එහෙම ප්‍රයෝජනවත් වෙන එක ගැන.

      Delete
  4. මේ බිලොග් එකට ආවම ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට ආවා වගේ තමයි.....
    මම සැරින් සැරේට ඇවිත් පරන ලිපි කියවනවා...දැන්නම් ගොඩක් කියවලා අවසන්...

    ReplyDelete
    Replies
    1. හහා බොහොමත්ම ස්තූතියි මනෝ.:D වැඩිය නෑ විසිහතයි තියෙන්නෙ කියවන්න..

      Delete
  5. ජ ය වේ වා !!
    දිගින් දිගටම ලියමු........... උනුසුම් සුභපැතුම් එහෙනං...

    ReplyDelete
    Replies
    1. විදානේ කාලෙකින්..

      බොහොමත්ම ස්තූතියි...

      Delete
  6. රවිඳු. මමත් මේ බ්ලොග් එක අල්ලගත්තෙ ලඟදි. ආසාවෙන් කියෙව්වා. හැබැයි අර විද්‍යා ප්‍රබන්ද කරන එකයි කෙටි කතා කරන එකයි ගැනනම් මගේ බලවත් මෙව්වා එක. ඒ කියන්නේ ප්‍රසාදය.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කසුන් අයියව අඳුරගන්න ලැබුණෙත් ළඟදිනෙ.

      හහා එහෙනම් ඉක්මණටම පළකරන්නම්.

      බොහොමත්ම ස්තූතියි කසුන් අයියෙ.

      Delete
  7. සුබ පැතුම් වසර දෙක සැමරුමට

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඉවාන්..

      Delete
  8. අවුරුදු දෙකක් ඒ කියන්නේ අශාන් මට වැඩිය වැඩිමල් ;) මං කිව්වෙ බ්ලොග් ලියවිල්ලෙන් :D ආශාන්ගේ දමනය කතාව කෝච්චියෙ යනගමන් කියෙව්වා ඒ වෙලේ කමෙන්ටුවක් දාන්න බැරිඋනා ඒ ලියවිල්ල නම් නියමයි කිසි අඩුපාඩුවක් දැක්කේ නැහැ .තාරකා ලිපිවලටත් වඩා අර වගේ කතා ලියනවනම් ඔන්න තව තව කියවනවා .සුබපැතුම් සහෝ දිගටම ලියමු.මීට කලින් පාරකුත් කේක් ඉල්ලලා ලැබුනෙ නැහැ :( මේ පාර ඉල්ලලත් වැඩක් නැහැනෙ ඉතිං කමක් නැහැ ඕනෙ නැහැ :/ ............ :P

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බ්ලොග් ලිවිල්ලෙන් තමයි, වයසින් අපි බොහොම පුංචි පිපෙන්නට වෙර දරන මල් කැකුළු. :D
      බොහොමත්ම ස්තූතියි හංසි. මුල් කතාවට හානියක් වුණේ නැත්තන් මම සාර්ථකයි. අනිවාර්යයෙන්ම ඉස්සරහට ඒ වගේ කතාත් දාන්නම්.

      අාහ් ඇත්තටම ගියපාරත් කේක් ඉල්ලුව නේද. මෙහෙම කරන්නකො, මේ පාර නෙළුම් යාය සම්මාන උළෙලට එනවනේ, එහෙදි හම්බ වෙමු. (නෑ නෑ මම එහෙදි කේක් අරන් දෙනව කියල නෙමෙයි කියන්න යන්නෙ.) ඊටපස්සෙ අපි කට්ටියම සල්ලි දාල කේක් එකක් අරන් කමු. :D

      Delete
  9. Replies
    1. බොහොමත්ම ස්තූතියි අටම් අයියටත්...

      Delete
  10. උඹ තමා අපි අතර ඉන්න මේ ක්ෂේත්‍රෙය් වැඩ්ඩා! උඹට වරදින්නෑ. දිගටම ලියහං.
    විශ්වය තරම්ම ලොකු දැනුමක් දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා! ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. මධූ, අැත්තටම කිව්වොත් අජිත් අයිය නැත්තන් තමා මම වැඩ්ඩා. එ්ක හින්ද අජිත් අයියව උස්සන්න ප්ලෑන් කරගෙන ඉන්නෙ ආපහු ලංකාවට ආපු ගමන්.

      බොහොමත්ම ස්තූතියි මධූ. මොනව නැතත් බ්ලොග් ලිවිල්ලෙන් ලැබෙන වටිනම දේ තමයි ජීවිතේට දැකල නැති වුණත් සහෝදර සහෝදරියො තරම් කිට්ටු වෙන බ්ලොග්කරුවො අඳුනගන්න ලැබෙන එක.

      Delete
    2. අනේ මම මොන වැඩ්ඩෙක්ද ? මම විනෝදාන්ශයට කරන දෙයක් නේ තාරකා බැලීම. ලංකාවේ හෙන සිරා කට්ටිය ඉන්නේ. රේ ජයවර්ධන, චන්දන ජයරත්න, නාලක ගුණවර්ධන, හිරන්‍යා පිරිස් , තව ඇති අශාන් රවිඳු එහෙමත් ඔය ලිස්ට් එකටම සීග්‍රයෙන් එනවා.

      Delete
    3. ඒ වුණත් අජිත් අයියා විෂයය ගැන නියම අධ්‍යාපනයක් ලබපු ඒ විෂයයේ උපාධිධාරියෙක්නෙ. ඒ කියන්නෙ වැඩ්ඩෙක් තමයි. ඒ ලිස්ට් එකට එන්න පුළුවන් නම් ඉතින් මට ඒක ගොඩක් ලොකු ආඩම්බරයක්. උපරිම උත්සාහ කරන්න ඕන හැබැයි. :)

      Delete
    4. ඔය ලිස්ට් එකට අජිත් ඇරුනම යන්න ඉන්නේ ඉතිං මං තමයි.. හැක්

      Delete
    5. අන්න ඒකනෙ කියන්නෙ. අපිට නෝ ප්ලේස්. :D

      Delete
  11. Nithara nithara enna comment karanna beri unth man ube lipi godak kiyawanawa malli..asa field ekak.. ajiyayi ubayi lassanata liyanawa.. jayawewa. 2ta suba pathum!!!

    ReplyDelete
    Replies
    1. කමි අයියව බොහොම කාලෙකින් දැක්කෙ.

      අහන්නත් සතුටුයි. බොහොමත්ම ස්තූතියි අයියෙ.

      Delete
  12. අවුරුදු දෙකට සුබ පැතුම් බ්‍රෝ, උඹගේ ආර සයිබරය තුල ගොඩක් අඩුයි, එක පවත්වාගෙන යමන් ඉතින්, ජය වේවා.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා සොමි යා.

      බොහොමත්ම ස්තූතියි..

      Delete
  13. දෑවුරුද්ද ට විභීෂණ ගේත් සුබ පැතුම්...

    දිගටම ලියහන්...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි විභීෂණ...

      Delete
  14. සුභ පැතුම්. හොඳ විද්‍යාත්මක භාෂාවකින් මේ බ්ලොගයේ ඔබ ලිපි ලියනවා. ඉතාමත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අජිත් අයියෙ.

      Delete
  15. උණුසුම් සුබ පැතුම්.... අපි නොදත් තොරතුරු බොහෝමයක් ඔබේ ලිපි හරහා දැන ගත්තා... දිගු ගමනකට හදවතින්ම සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. කෙනෙක් නොදන්නා දෙයක් මේ බ්ලොග් අඩවියෙන් දැනගන්නවා නම් ඒක මට ලොකු සතුටක්. හැබැයි මමත් පරිපූර්ණ නෑ, මම නොදන්න දේවල් දන්න දේවල්වලට වඩා බොහොම වැඩියි. :)

      බොහොමත්ම ස්තූතියි තුශානි.

      Delete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...