උල්කාපාත වර්ෂාවන් අතර රජු ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ වාර්ෂික ආගමනයට නියමිත කාලය එළඹ තිබේ. සෑම වසරකම දෙසැම්බර් මස 4 - 17 දින කාල පරාසය තුළ සක්‍රීය වන මෙම උල්කාපාත වර්ෂාව මෙවර දෙසැම්බර් 13 දින රාත්‍රියේ සහ 14 දින අළුයම එහි උපරිමයට (peak time) ළඟා වෙයි.
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව තාරකා විද්‍යා ලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත්ව ඇත්තේ එය ලොව පුරා ඕනෑම ස්ථානයකට දර්ශනය වීමත්, අනෙකුත් උල්කාපාත වර්ෂාවන්වලදීට වඩා විශාල උල්කා සංඛ්‍යාවක් පැහැදිලිව හා ඉතාමත් අලංකාරව දැකගත හැකි වීමත් නිසා ය. වර්ෂාව උපරිම අවස්ථාවට එළඹෙන දෙසැම්බර් 13 - 14 රාත්‍රියේ එක පැයකදී උල්කා 120ක් පමණ විවිධ වර්ණ වලින් කඩා හැලෙනු දිස් වනු ඇත.
අප දකින බොහෝ උල්කාපාත වර්ෂාවන් වලට හේතුකාරක වන්නේ වල්ගා තරු ය. එහෙත් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව හටගන්නේ 3200 Phaethon නම් වූ ග්රහකයත් සමග ඇදී එන සුන්බුන්වලිනි. 1982 වර්ෂයේදී සොයාගන්නා ලද 3200 Phaethon ග්රහකය වසර 1.4කට වරක් හිරු වටා වටයක් සම්පූර්ණ කරයි.
ජෙමිනිඩ්ස්...
නමෙහි සඳහන් ආකාරයටම උල්කාපාත වර්ෂාව දර්ශනය වනු ඇත්තේ මිථුන රාශියේ (Gemini Constellation) සිට රාත්‍රී අහස පුරා විහිදී යන අයුරිනි. අහසේ දකුණු දිශාවට බරව තරමක් වැඩි උල්කාපාත ප්‍රමාණයක් දැකගත හැකි වනු ඇති අතර දක්ෂිණ අර්ධ ගෝලයට මෙය හොඳින්ම දිස්වනු ඇත්තේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී ය. ශ්‍රී ලංකාවද අයත් වන උතුරු අර්ධ ගෝලයට අඳුර වැටෙද්දීම දර්ශනය වෙයි.
නමෙහි සඳහන් ආකාරයටම උල්කාපාත වර්ෂාව දර්ශනය වනු ඇත්තේ මිථුන රාශියේ (Gemini Constellation) සිට රාත්‍රී අහස පුරා විහිදී යන අයුරිනි. අහසේ දකුණු දිශාවට බරව තරමක් වැඩි උල්කාපාත ප්‍රමාණයක් දැකගත හැකි වනු ඇති අතර දක්ෂිණ අර්ධ ගෝලයට මෙය හොඳින්ම දිස්වනු ඇත්තේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී ය. ශ්‍රී ලංකාවද අයත් වන උතුරු අර්ධ ගෝලයට අඳුර වැටෙද්දීම දර්ශනය වෙයි.
මෙවර දෙසැම්බර් 13 - 14 රාත්රියේදී චන්ද්‍රයා අටවක තත්ත්වය ආසන්නයේ පසු වන බැවින් එහි දීප්තිය උල්කාපාත දිස්වීමට යම් පමණක බාධාවක් විය හැකි වුවද ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවද ඉතා දීප්තිමත් වන නිසා එය එතරම් බලපෑමක් නොකරනු ඇත. ගැටළුව වන්නේ මේ දිනවල පවතින වැසිබර කාළගුණික තත්ත්වය යි. අහස වළාකුලින් පිරී තිබුණහොත් ජෙමිනිඩ්ස් දැකගත හැකි වන්නේ තවත් වසරකට පසු ය.
විදුලි පහන් කණු, ගොඩනැගිලි ආදියෙන් නික්මෙන කෘතිම ආලෝකය හැකිතාක් අවම වන ස්ථානයක සිට ඕනෑම අයෙකුට පියෙවි ඇසින් මේ මනස්කාන්ත දර්ශනය දැකගත හැකිය. කිසිදු තාක්ෂණික උපකරණයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ඉවසීම පමණි.
තැන්කුයි..
ReplyDeleteජය වේවා!
Deleteස්තූතියි මචෝ ඔත්තුවට. අහස වළාකුලින් වැසෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඒක තමා මනෝෂ් අයියෙ ප්‍රශ්නෙ.. මෙහෙට නම් දැනුත් වහිනවා දවල් ඉඳන්..
Deleteබලන්න අසාවෙන් ඉන්නවා. ස්තුතියි !
ReplyDeleteවළාකුළුවලින් බාධාවක් වෙන්නැති වෙයි කියල හිතමු දිලිනි...
Deleteමේ උල්කාපාත වර්ෂාව හැම අවුරුද්දකම දෙසැම්බර් වලම සක්‍රිය වෙන්න හේතුව මොකක්ද ඇයි අනෙක් කාලවලට දකින්න බැරි ?
ReplyDeleteඋල්කාපාත වර්ෂාවක් ඇතිවෙන්නෙ පෘථිවිය සූර්යයා වටා යද්දි අදාළ ආකාශ වස්තුවේ කක්ෂය/ ගමන් මාර්ගය කපාගෙන යනකොට. මේ කක්ෂය පුරාම ඒ ග්‍රහකයේ හරි වල්ගා තරුවේ හරි සුන්බුන් පැතිරිලා තියෙනවා. පෘථිවිය ළඟින් යද්දි මේවා පෘථිවිය දිහාට ඇදෙනවා. ඉතින් බොහෝවිට පෘථිවියෙයි, අර ආකාශ වස්තුවෙයි ගමන් මාර්ග එකිනෙක කැපෙන්නේ අවුරුද්දකට වතාවක්. හැබැයි එහෙම නොවෙන ඒවත් තියෙනවා.
Deleteමම මුලින් උල්කාපාත වැසි ගැන ලිපියක් දාලා ඊටපස්සෙ මේ ලිපිය දාන්නයි හිටියෙ. ඒත් මේක සෙනසුරාදා තියෙන නිසා ඉක්මණට දාන්න වුණා. ඒ අස්සේ තව උල්කාපාත වර්ෂාවක් එනව දෙසැම්බර් විසිගණන් වලත්.. :D
ජීවිතයේ සියලු කරදර, කම්කටොලු සහ ගැටලු පසෙක තබා එිත සැහැල්ලු වෙන වෙලාවක ගවේෂණයට ඉස්තරම්ම තැන තමා අභ්‍යවකාශය. කෙළවරක් නැති අඳුරු අවකාශය තුල කෙතරම් රහස් සැඟවී ඇත්ද? කවදාවත් කවම කවදාවත් නිම කල නොහැකි කර්තව්‍යය. ස්තුතිය අෂාන්. එතකොට රුසියාව කියන්නේ තව අවුරුදු 3 කින් එන ඇස්ටරොයිඩයක් ගැන? අපි වෙනුවෙන් ඒ ගැනත යමක් හෙලිකරාවි නේද අපේ ගගනගාමියා?
ReplyDeleteඇත්තටම ඔව් මධුමාධවී.
Deleteමිනිසා වඳවෙලා යන්න කලින් විශ්වයේ රහස් වලින් අඩුම තරමේ 20 - 25% ක්වත් හොයාගන්න ලැබුණොත් ලොකු දෙයක්..
ඇත්තම කිව්වොත් මමත් ඒක ගැන දැනගත්තෙ ඊයේ. තව කරුණු හොයල බලල පුළුවන් ඉක්මණට ලිපියක් දාන්නම්.
//අපේ ගගනගාමියා//
අප්පේ අපි තාම පොඩි ළමයි.. :D
හොඳයි. මමත් දැක්ක අවුරුදු දෙකකට විතර කලින්. හරි ලස්සනයි. ටිකක් fire works වගේ පහලට එන. මල්ලි ග්රාහකයා කියන්නේ asteroid ද? මම ඒ ගැන ලියන්න හිතන් ඉන්නවා. කොහෙද මේ චන්ද කෙහෙල්මලක් නිසා ඔලුව අවුල් මගෙත් අරුට වගේම.
ReplyDeleteමම ගිය අවුරුද්දෙයි, 2011දියි බැලුවා ඇත්තටම හරිම ලස්සනයි..
Deleteඔව් අයියෙ asteroid තමයි. නියමයි ඉක්මනින් දාමු.
අපි නම් තාම ඕවට අළුත් නිසා (එකපාරයි ඡන්දෙ දාල තියෙන්නෙත්.) ටිකක් බේරිලා ඉන්නව. ඒත් අපිත් ටික ටික අවුල් වෙනව දැන් සිද්ධ වෙන දේවල් දැක්කම.. :D
ඉවසීම---නැත. :D
ReplyDeleteලස්සණ දර්ශනයක් නම් ඉවසා බලමි. :P
මේ පෝස්ට් එක බ්ලොග් රෝලේ දකින්ට ලැබුණේ ගොඩක් පරක්කු වෙලා. ඒ ඇයි?
ඉවසීම නම් මටත් නැත. ඒත් මේක බලන්න අනිත් ඒවාට තරම් ඉවසිය යුතුද නැත. :D
Deleteබ්ලොග් රෝලෙ බ්ලොග් ෆීඩ්ස් ගොඩක් තියෙනව නම් අප්ඩේට් වෙන්න ටිකක් වෙලාව යනව අක්කෙ ඒකද දන්නෙ නෑ...?
බලන්න ආසාවෙන් ඉන්නවා. ස්තූතියි තොරතුරට ..
ReplyDeleteඅදයි අක්කෙ දවස...
Deletesouth korae වලට කොහොමද පෙන්නේ?
ReplyDeleteදකුණු කොරියාවත් ශ්‍රී ලංකාව වගේම උතුරු අර්ධගෝලයටයි අයිති. අහස පැහැදිලි නම් අඳුරු වැටෙනකොටම වගේ පෙනෙන්න පටන් ගනීවි. මෙහෙ නම් මේ වතාවෙ අහස වළාකුළු වලින් වැහිලා..
Deleteඅපෙත් අහස අදුරු හිම වෙටෙන නිසා.
ReplyDeleteදෙගොල්ලන්ටම තව අවුරුද්දක් ඉන්න වෙනව එහෙනම්...
Delete