Tuesday, October 20, 2015

දමනය (පස්වන කොටස)

'දමනය' යනු බස්සිගෙ නවාතැන බ්ලොග් අඩවියේ යශෝධා සම්මානි ප්‍රේමරත්න සොයුරිය විසින් කොටස් දෙකක් වශයෙන් ලියා පළකරන ලද කෙටිකතාවකි. එබැවින් කතාවේ පූර්ණ අයිතිය ඇය සතුවේ. පසුව දමනය මුල් කතාවේම දිගුවක් ලෙස තවත් කොටස් දෙකක් ඉවාන් පවුලූෂා සහ තුශානි විසින් ඔවුන්ගේ බ්ලොග් අඩවිවල ලියා පළකරන ලදී. එහි පස්වන කොටස වෙනත් කෝණයකින්, විද්‍යා ප්‍රබන්ධයක් ආකාරයට ලිවීමට සිතුවෙමි. මෙයින් කතාවේ රසයට හා ගලායෑමට හානියක් වී ඇත්නම් සමාව ඉල්ලා සිටීමට ද කැමැත්තෙමි.


Wednesday, October 7, 2015

නිහාරිකා - ඇරඹුමත් අවසානයත් එතැන ය.


විශ්වයේ ඇති සුන්දරතම ආකාශ වස්තුව කුමක්දැයි ඇසුවහොත් බොහෝ තාරකා විද්‍යා ලෝලීන්ගේ පිළිතුර වන්නේ නිහාරිකාව හෙවත් නෙබියුලාව යි. ඉතා වර්ණවත්, අලංකාර හැඩවලින් යුක්ත වූ නිහාරිකාව දුහුවිලි, හයිඩ්‍රජන්, හීලියම් හා ප්ලාස්මාවෙන් සමන්විත වූ වළාකුළු වැනි ව්‍යූහයකි. විවිධ දීප්තිමත් වර්ණවලින් යුතු දුමාරයක් ලෙස ඡායාරූපවල සටහන් වන නිහාරිකා අභ්‍යවකාශයේ ඇති අනෙකුත් බොහෝ ආකාශ වස්තූන් මෙන්ම ප්‍රමාණයෙන් අතිදැවැන්ත වන අතර බොහෝවිට ආලෝක වර්ෂ සියගණනක විශ්කම්භයකින් යුතු වේ.

Wednesday, September 2, 2015

තාරකා අතරට... (Interstellar චිත්‍රපට විවරණය)


අහස් කුසට යොමු වූ මීටර් සියගණනක උසින් යුතු ගොඩනැගිලි තවදුරටත් පෘථිවිය මත දක්නට නැත. මංතීරු ගණනාවකින් සමන්විත ජනාකීර්ණ මංමාවත්, ප්‍රේක්ෂක ඔල්වරසන් නදින් පිරී ඉතිරී ගිය දැවැන්ත ක්‍රීඩාංගණ ආදිය අයිති වී ඇත්තේ අතීතයට ය. ඒ වෙනුවට බැලූ බැලූ අත දක්නට ඇත්තේ අක්කර ගණන් පැතිරිණු වගාබිම් සහ ඒවාට උඩින් පැතිරුණු දුහුවිල්ල පමණි. පෘථිවිය ශීඝ්‍රයෙන් වාසයට නුසුදුසු ස්ථානයක් බවට පත් වෙමින් ඇති අතර මේ ගෙවී යමින් තිබෙන්නේ මානව ශිෂ්ඨාචාරයේ අවසාන වසර කිහිපය යි.



Friday, July 24, 2015

ක්ෂිතිජයන් ඉක්මවා ප්ලූටෝ වෙතට...

වසර ගණනාවක් තිස්සේ ග්‍රහලෝකයක් ලෙස හැඳින්වී පසුව වාමන (කුරු) ග්‍රහලෝකයක් බවට පත් වුණු ප්ලූටෝ පසුගිය ජූලි 14 වනදා ප්‍රථම වතාවට තමන් නිරීක්ෂණය කිරීමට පැමිණි පෘථිවියේ නියෝජිතයෙකු දැකගත්තේය. නාසා ආයතනයට අයත් New Horizons යානය එදින ප්ලූටෝට ඉතාම ආසන්නයෙන් ගමන් කරමින් ප්ලූටෝ හා එහි චන්ද්‍රයන්ගේ අධි විභේදන ඡායාරූප ඇතුළුව මිනිසා මෙතෙක් නොදැන සිටි තොරතුරු සම්භාරයක් පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කරන ලදී.


Thursday, February 19, 2015

තාරකා පරිණාමනය

තරු සෑමකල්හිම එකම ආකාරයෙන් නොපවතින බවත් ඒවා බිහිවෙමින්, විවිධ ජීවන අවධි පසුකරමින්, මිය යන බවත් තාරකා පෙළින් එහා... ලිපියෙන් පැහැදිලි කෙරිණි.

ඒ අනුව සියළුම තාරකාවල බිහිවීම සිදුවන්නේ නිහාරිකාවන් (Nebulae) තුළදී ය. නිහාරිකාවේ යම් කොටසක ඇති වන ගුරුත්වජ බිඳවැටීමක් හෙවත් ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් නිහාරිකා කොටසේ අණුක සැකැස්ම බිඳවැටී සිදුවන හැකිළීමක් නිසා නව තාරකා බිහිවේ. මෙය බලා සිටිද්දී සිදුවන්නක් නොව වසර දහස් ගණන්, මිලියන ගණන් ගත කරමින් සිදුවන අතිශයින් මන්දගාමී ක්‍රියාවලියකි.

Saturday, February 14, 2015

වොලී සමග තරු වටා - 1 කොටස

එදා අමාවක දවසක්. හඳ පායලා නැති නිසා මුළු අහසම එළිය වෙලා තිබුණෙ පුංචි පුංචි ලස්සන තරු වලින්.

"සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා....."

පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ ගාථා හඬ ගම පුරාම පැතිරෙනව. අද නිමාෂගෙ සීයගේ තුන්මාසෙ බණ දවස. ජීවත් වුණ කාලේ ගමේ හැමෝත් එක්කම බොහොම සමගියෙන් සමාදානයෙන් හිටපු සීයා වෙනුවෙන් අද මුළු ගමේම කට්ටිය නිමාෂලගෙ ගෙදරට එකතු වෙලා.

Friday, February 6, 2015

තාරකා පෙළින් එහා...

අභ්‍යවකාශය පුරා විසිරී ඇති විශාල, දීප්තිමත්, ගෝලාකාර ශක්ති ප්‍රභවයන් අපි තාරකා ලෙස හඳුන්වමු. අප සෞරග්‍රහමණ්ඩලයේ ඇති එකම තාරකාව වන සූර්යයාගේ විශාලත්වය මෙන් දහස් ගුණයකටත් වඩා විශාල තාරකා මෙන්ම හාරසිය පනස් ගුණයක් පමණ කුඩා තාරකා ද විශ්වය තුළ පවතී. මෙම තාරකාවන්ගේ විශාලත්වය හා ස්කන්ධය අනුව ඒවායේ හැසිරීම් රටාව හා ජීවිත කාලය ද එකිනෙක වෙනස් වන බව මේ වන විට හඳුනාගෙන තිබේ.